විස්ස (20) කොටස : අනගාරික ධර්මපාලතුමා ආගංගොඩට එයි

anagarika-dharmapala

මේක කියවන වේසිගෙ පුතෙක්...සමාවන්න පාඨක මහත්මයෙක් අහලා එවලා තිබුණා දැන් හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයාට මොකද වෙලා තියෙන්නෙ කියලා.

ඇයි මහත්වරුනි, ඔය ඉන්නෙ සිරිසේනයා වැල ගෙම්බා වගේ අතේ ගගහා, ගංජා උර උර, පත්තරේ කියව කියවා, ගොන් කතා කිය කියා මෙලෝ මළ දානයක් නොකර. ඕකා කතා කරන්න ගියාම නම් දාහක් ලොරි ටෝක් දෙනවා තමයි. ඒත් වීල් එකක් වත් නෑ කරපු හරිය. ඔන්න ඕකා අමතක කරමු.  

දැන් අපි කාලය මනින්නේ මලයා තරහ වූ දිනේ පටන්. මලයා තරහ වෙලා දැන් මාසයක් වෙනවා.

අද කතාව දොන් ඩේවිඩ් හේවාවිතාරණ නාමධාරී අනගාරික ධර්මපාලතුමා ආගංගොඩට සැපත් වීම.

මේක වුණේ දහනවවන සියවසේ අවසාන කාලෙදි බවයි ගමේ පැරැන්නෝ කියන්නේ. ඒ කියන්නෙ ධර්මපාලතුමා මහා සටනක් දීලා බුද්ධගයාව මිථ්‍යාදෘෂ්ටික හින්දූන්ගෙන් බේර ගත්තායින් පසුව. හබැයි මේ වයසක පොරවල් ගේ මතකය ඒ තරම් ෂුවර් නැති නිසා කාලය අවුරුදු කිහිපයක් එහා මෙහා වෙන්න පුළුවන්.

ඒ කාලෙ ද වගේ ටෙලිවිසොන් ඉන්ටර්නෙට් හෙම නෑ. පත්තර ආවෙත් ගමටම දෙක තුනයි. එයින් එකක් ගමේ කඩේ අකුරු දන්න මනුස්සයෙක් අනෙක් අයටත් ඇහෙන්න කියැව්වා. ඒකෙ තමයි තිබුණෙ ධර්මපාලතුමා මෙන්න මේ දවසෙ ආගංගොඩට සැපත් වෙනවා කියලා.

මතක නැති වුණා කියන්න, ඔය පත්තරේ කියැව්ව මනුස්පයා හිටපු ගිරාම සේවක සිරිසේන මහතාගේ සීයා. පියාගේ පියා. ඔය පත්තර කියැවීම වගේ උතුම් ගති සිරිත් සිරිසේන උන්නැහේ ඉගෙන ගත්තේ සිය සීයාගෙන්. අර අතේ ගැහිල්ලත් එහෙමයි. සීයා බඩවැටියකට මුවා වෙලා රිලව් ජෝඩුවක් හැමිනෙනවා බලාගෙන අතේ ගහන හැටි හොරෙන් දැකලා තමයි සිරිසේන මහත්තයා ඕකට හුරුවුණේ. ඕවා පුරාණේ පටන් එන ගැමි ගති සිරිත්.

ඒ කාලෙ ආගංගොඩ කොයිතරම් දුෂ්කර ඈත ගම්මානයක්ද කියතොත් අනගාරික ධර්මපාලතුමා කියන්නෙ කවුද කියලා පන්සලේ හාමුදුරුවෝ ඇරෙන්න කවුරුත් හරියටම දැනගෙන හිටියෙ නෑ. ධර්මපාලතුමා ලොක්කෙක් කියලා තමයි හැමෝම දැනගෙන හිටියෙ. මොන විදියෙ ලොක්කෙක්ද දන්නෙ නෑ.

ලොක්කෙක්!

ආගංගොඩට හැම ලොක්කාම එකයි!

මොන ලොක්කෙක් එනවා වුණත් තොරණ බැඳලා හේවිසි ගහලා බුලත් හුරුළු දීලා වැඳලා පිළි අරන් ලොක්කාගෙ කතාවකට ඇහුන්කන් දීලා අප්පුඩි ගහලා, ලොක්කා ගම්මුලෑදෑනි මහත්තයාගේ ගෙදර සප්පායම් වෙන අතරේ එදාට විතරක් තහංචියක් නැතුව පෙරා බෙදන ලද හොර අරක්කු වීදුරුවක් ගුඩුස් ගාලා බීලා ගෙදර ගිහිල්ලා පොල් ගහකට චූ කරලා බුදිය ගන්න එක තමයි කවුරුත් කොළේ.

මහ ඒජන්ත හාංදුරුවෝ ආවත් එච්චරයි.  

අනගාරික ධර්මපාලතුමා සම්බන්ධයෙන් විතරක් විශේෂයක් වුණේ නෑ.

පන්සලේ තමයි පිළි ගැනීමේ උත්සවය සංවිධානය වුණේ. (කිව්වට මහ ලොකු පන්සලක් තිබුණේ නෑ , ඒ කාලේ.) මහ ජනතාවකට රැස් වෙන්න පන්සල් බිම ඉඩ මදි නිසා කඩමණ්ඩියේ අඹ ගහ යට තමයි රැස්වීම සංවිධානය කොල්ලා තිබුණේ. මේ ඔක්කෝම කොළේ සිංහල බෞද්ධ ජනතාව. 

හැබැයි, ඇස්වහක් කටවහක් නෑ,  අනෙක් සුලු සුලු වැඩ වලට ගමේ සියළුම දෙනාගෙ සහයෝගය නො අඩුව ලැබුණා. කොටින්ම දන්න ශිල්ප ඔක්කෝම දාලා ගොක්කොළ තොරණ ගැහුවෙ දෙමළ මිනිස්සු. ඒකෙ උඩින්ම ලියන්න WELLCOME MR.DHARMAPALA කියලා ලියලා දුන්නෙ එහා ගමේ සැන් තෝමස් කොලීජියේ ඉගෙන ගන්න පීරිස් මහත්තයා. කොහොම කොහොම හරි මුන් අකුරුත් වරද්දලා WELLCOMF MPD. HARMAPLA  කියලා තමයි ගහලා තිබුණෙ. නූගත් මිනිස්සුලානෙ.  

ධර්මපාලතුමාගේ දිවා බෝජනය හෙම හොඳම හරක් මස් වලින් හෙම පිළියෙල කොල්ලා තිබුණෙ මුස්ලිම් මිනිස්සු. උස්සවේට ඉස්තරම්ම වයින් සැපැයුණේ කතෝලික පල්ලියෙන්. කවුදෝ කිව්වා ඒ ලොරැන්සෝද අල්මේදාගේම නැවෙන් ගෙනාපු පුරුතුගීසි වයින් බෝතල් කියලා. අනේමං දල්ලෑ ඕවා ඇත්තද බොරුද කියන්න.

මේ විස්තර මොකෝවත් අනගාරික ධර්මපාලතුමාට කියන්න ඕනැ කියලා කාටවත් හිතුනෙ නෑ. හැමදාම කටයුතු කෙරුණේ එහෙමයි. මහ ඒජන්ත උන්නාන්සෙ ආපු දවසෙත් ඔය විදියටම තමා කොළේ.

කොටින්ම ධර්මපාලතුමා හිතාගෙන හිටියයි කියන්නෙ මේ තනිකරම සිංහල බෞද්ධ ගම්මානයක් කියලා. මේකෙ හම්බයොයි දෙමලුයි, ක්‍රිස්තියානි මිත්‍යාදෘෂ්ටිකයොයි, කොච්චියොයි අරකයි මේකයි ඉන්න බව දන්නවා නම් උන්නැහේ ගමට අඩිය තියන එකක් වත් නෑ.  

හැබැයි ඉතින් ඔය සර්වාගමික කතාව වෙනස් කරන්න බැහැනෙ. ඔය හැම එකාම හිටියනෙ ඒ කාලෙත් ආගංගොඩ.

ඔන්න නියමිත දවසෙ උදේ වරුවෙම අනගාරික ධර්මපාලතුමා ආවේ අර ‘සෝබන මාළිගාව’ කියලා හඳුන්නපු සෝබන රතේ. එකෙ දෙපැත්තෙ මෙහෙම ලියලා තිබුණා.

“ගෙරි මස් කන්නා වසලයා”

“රා බොන්නා උගුඩුවා”

මේවා අමාරුවෙන් කියවා තේරුම් ගත්තු මිනිස්සු මෙහෙම කතා වුණා.

මුස්ලිම් මිනිස්සු: “හොඳ වෙලාවට අපි හරක් මස් ඉව්වෙ. ගෙරි මස් හෙම ඉව්ව නම් උන්නැහේ හිතයි අපිත් වසලයො කියලා”

කතෝලික මිනිස්සු:ඇත්ත තමයි රා බොන්නෙ උගුඩුවො. වැදගත් මිනිස්සු බොන්නෙ වයින්.”

පන්සලේ තිබුණු පිළිගැනීමේ උස්සවේදි රැස් වුණු යම් පිරිසක් තිසරණ ශිත පංචශීලය සමාදන් නොවෙන බව ධර්මපාලතුමා දුටුවා. ඒ දෙමළ, මුස්ලිම්, කතෝලික මිනිස්සු. නමුත් කවුරුත් ඔහුට ඒ ගැන කියලා තිබුණේ නැහැ. මේ කාරණේ මතුවුනේ ඊට පස්සෙ තිබුණු රැස්වීමේදි.

“මෙහෙවර ගොන් තඩියා” කියලා ධර්මපාලතුමා පැත්තක හිටපු මනුස්සෙයෙකුට කතා කළා. ඒ මුස්ලිම් මනුස්සයෙක්. ඊට පස්සෙ ඇති වෙච්චි කතා බහ මෙහෙමයි.

“උඹ පංචශීලය සමාදන් වුණාද?”

(මුස්ලිම් මනුස්සයා උඩ බිම බැලුවා.)

“ගොන් තඩියෝ, මං අහන්නෙ උඹෙන්…උඹ පංචශීලය සමාදන් වුණාද?”

“මම…? නෑ හාංදුරුවනේ…”

“උඹ පංචශීලය දන්නවද…?”

“නෑ හාංදුරුවනේ…”

“උඹට ළමයි කීදෙනාද…?”

(ළඟපාත ගෙවල් දෙකක පොඩි එවුන් තුන් දෙනෙකුත් උන්න නිසා පොඩියක් ඇඟිලි ගැනලයි මනුස්සය උත්තර දුන්නේ.)

“අටයි හාංදුරුවනේ…”

(මනුස්සයා හිතුවෙ ලොක්කා සහනාදාරයක් දෙන්න යනවා කියලා. සත්තකයි.)

“බොල ගොන් තඩියෝ, තෝ පංචශීලය සමාදන් වෙන්නෙත් නෑ. පංචශීලය දන්නෙත් නෑ. හනුමා දර පලන්නහෙ ඔහේ හැමිණි හැමිණි හිටපං එතකොට හරියයි තොටයි සිංහලබෞද්ධ ජාතියටයි…!”

(හනුමා දර පලන හැටි ඔහු දැනගෙන හිටියෙ නෑ. ඒ හන්ද ඔහු සූදානම් වුණේ ධර්මපාල හාංදුරුවන්ගෙන් ඒ ගැන අහන්න. හැබැයි ධර්මපාලතුමා ඊට ඉස්සර වුණා.)  

“ථෝ දන්නවද හම්බයෝ?”

අන්න උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔහු එක පාරටම “ඔව්” කිව්වා.

“හම්බයින්ගෙන් ඉගෙන ගනින් ගොන් තඩියෝ. බලපන් උං කොච්චර තමන්ගෙ ආගම දහමට ලැදිද, කොච්චර උපායශීලීද, කොච්චර මහන්සි වෙලා වැඩ කරනවද, බලපල්ලා. උඹලා සිංහල ජාතිය ගොඩ නඟන්න ඕනෑ එහෙමයි.”

ඊට පස්සෙ ධර්මපාලතුමා දෙමලුන්ගෙයි හම්බයින්ගෙයි කතෝලිකයින්ගෙයි අනෙක් මෙකී නොකී මිත්‍යාදෘෂ්ටික විජාතිකයින්ගෙයි කණේ ඇඟිලි ගහ ගන්න කතාවක් කොලා කියමුකෝ.

“සිංහලයන්ට වූයේ මහා විපත්තියකි. 1818 කෝලාහලයේදී ජාති හිතෛශී සිංහලයෝ මරා දමන ලද්දේය. රටට ප්‍රේමයෙන් ක්‍රියා කරන්නට ශක්ති ඇති එකම සිංහලයෙක් හෝ ඉතුරු කළේ නැත. ඉතුරු කළේ කාලකණ්ණි ටික පමණි. භයින් ත්‍රස්ත වූ සිංහලයෝ පර සුද්දා කියන දේ කරන්ට පටන් ගත්තෝය. බාල පරම්පරාව විනාශ මුඛයට ගෙන ගියේ මිච්ඡා දිට්ඨික පාදිලිරාල්ලාය. මේ කොටස නා නා උපා යොදා බුද්ධාගම බාල පරම්පරාවේ අයගේ හිත්වලින් උදුරා දැම්මෝය. අඥාන දෙමව්පියෝ බුද්ධාගම නොදත් බැවින් ස්වකීය දරුවන් ආරක්ෂා කර ගැනීමට ඥානය නැත. පර පාදිලිරාල්ලාට ඕනෑ හැටියට ළමයි තැනීම කරති. සිංහල දෙමව්පියෝ දරුවන් උපදවා සුද්දාට පූජා කරති. මේ පෘථිවියේ සිංහලයන්ට සමාන අඥාන ජාතියක් නැත. සිංහලයා මෝඩයා කියන්නේ මේ නිසාය. නාටු කොච්චි, පරවර, හම්බ, පාර්සි, මරක්කල මනුෂ්යයන් ගැන කල්පනා කට යුතුයි. කලුහම ඇති මේ අය පරයින්ට වාල්කම් කරන්නේ නැත. පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව ඔවුහු ක්‍රියා කරති. පරයන්ට සාර් සාර් කියමින් සිංහලයා විතරක් දාසකම් කරන්ට යන්නේ මන්ද…?”

එතුමා දැන නොහිටි කාරණාව තමයි සභාවේ සිංහලබෞද්ධයින් හා හරි හරියට කතෝලිකයිනුත් හමබයිනුත් කොච්චියනිත් දෙමළුනුත් මිථ්යා දෘෂ්ටිකයිනුත් හිටි විත්තිය. ගෞරවය නිසාමදෝ කවුරුත් ඒ ගැන පෙන්නන්න ගියෙත් නෑ එතුමන්ට.

කොහොමහරි සභාවේ වැඩ කටයුතු අවසන් වෙනකොට අන්‍යාගමික අසිංහල බොහෝ දෙනාගෙ හිත් රිදිලයි තිබුණෙ.

මේ ලොක්කත් ලොක්කෙක්ද? ඊට කලින් ආපු ලොක්කො නම් මේ වගේ කතා කිව්වෙ නෑ. “උඹලාට කතා කොරන්ඩ ලැබීම මාට මහත් වූ භාග්‍යයකි…” කියලා වගේ කතා තමයි කිව්වෙ. මේ ලොක්කා පොල්ලෙන් ගැහුව වගෙ දුන්නෙ නැද්ද ඔලුවටම!

ඒ මදිවට හවස් ජාමෙ කතාවක් ගියා ධර්මපාලතුමා හරක් මස් හා වයින් තිබුණු නිසා හොඳටම කෝප වෙලා දිවා බෝජනයෙ පිඟන් කෝප්ප පෙරළලා මහ විනාසයක් කොරලා, සප්පායම් වෙන්නෙ වත් නැතුව,  සංවිධායකයින්ටත් බීපු කිරි මතක් වෙන්න දොස් තියලා ගියේ කියලා. අනේ ඇත්තද නැත්තද මන්දා.

උස්සවේ සංවිධානය කොරාපු ගමේ පන්සලේ හාංදුරුවෝ නම් අන්‍යාගමිකයින්ගෙන් සමාව භාජනය කරන ලෙස ඉල්ලා සිටියා මේ කාරණා ගැන.  

හැබැයි මේ සිද්දිය නිසා ඒ වනතෙක් ආගමික ගැටුම් කිසිවක් ලොකුවට නැතුව සාමකාමීව හිටපු ගම්මානයක් ගිනියම් වීම පටන් ගත්තා කිව්වොත් නිවැරදියි. ඒකෙ ප්‍රතිඵල පසුවට දැණුනා.

 

(විසි එක් වැනි කොටසට…)

 

Advertisements
Posted in Non classé | 5 Comments

දහ නවය (19) කොටස : බ්‍රදර් බර්නාඩ් – නළුවෙක් නෙවෙයි මොළයක්!

දැන් ඔහෙලට යම් අවබෝධයක් ඇති බැලූ බැල්මට ඉතාම සාමාන්‍යයි වගේ පෙණුනාට ආගංගොඩ කියන ගමේ හිටපු, ඉන්න චරිත කොයි තරම් ඇතුළතින් සංකීර්ණද කියලා.

මේ වගේ එක චරිතයක් තමයි බ්‍රදර් බර්නාඩ්. ඔහෙලට බ්‍රදර් බර්නාඩ් අමතක වෙන්න හැටියක් නෑ. සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයාට පසුව ඔහෙලා හඳුනා ගත්තු පලමු චරිතය තමයි බ්‍රදර් බර්නාඩ්. අර සිස්සත්තෙන් ආනන්දෙට ගිහින් බුද්දාගමට ‘ඩී’ එකක් ගත්තු කොලුවා.

බ්‍රදර් බර්නාඩ් නළුවෙක් වාගෙ කඩවසම්.

නළුවෙක් නෙවෙයි මොළයක්!

ගම්මු ඔහු ගැන කිව්වෙ එහෙමයි.

බොහෝ දෙනෙක් බ්‍රදර් බර්නාඩ් ගැන දැනගෙන හිටියෙ සම්පූර්ණ සුදු චරිතයක් හැටියට. කොටින්ම බ්‍රදර් බර්නාඩ් ඔහු නිතර අඳින ලෝගුවටත් වඩා සුදුයි කියල තමයි සමහරු හිතුවෙ.

හැබැයි ඒ සුදු ලෝගුව බැඳලා තිබුණෙ කළු පටියකින් කියලා කාටත් අමතක වුණා.

ලෝකයේ කොහෙද තනිකරම සුදු චරිත ඉන්න පුළුවන්? ආගංගොඩ කියන්නෙත් ස්වර්ගයේ වෙසෙන අපගේ දෙව් පියාණන් විසින් නිර්මාණය කරන ලද ඒ ලෝකයේම කොටසක් තමයි. බයිබලයේ එන සමහර චරිත (සර්පයාද ඇතුළුව) ආගංගොඩ ගම්මානයේද ජීවත් වුණා.

“එවිට ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය. “උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්. නමුත් උයන මැද තියෙන ගහේ පලතුරු කන්න අපිට බැහැ. ‘ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා’ කියා දෙවි අපිට පැවසුවා.” එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” ස්ත්‍රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණාය. එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය. එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී, තමන් නග්නව සිටින බව ඔවුහු දුටුවෝය. එබැවින් ඔවුහු අත්තික්කා කොළ එකට අමුණා තම නග්නභාවය වසාගත්තෝය.”

  • උප්පත්ති කතාව, බයිබලය

බ්‍රදර් බර්නාඩ්ගේ ‘කළු’ (හෝ ‘අළු’) පාට පැත්ත ගොඩ නැඟෙන්න පටන් ගත්තෙ අපොස සාමාන්‍ය පෙළ කාලෙ විතර. උගුරු ඇටේ පැනලා, දැළි රැවුල ගහෙන් ගහ වගේ මතුවෙලා උඩු තොළ වහ ගන්න කාලෙ. අනේ ඇස් වහක් කටවහක් නෑ ඒ කාලෙට පොදු ප්‍රාථමික හා ද්ව්යීතික ලිංගික විපර්යාස සියල්ලක්ම බර්නාඩ් ශිෂ්‍යයා ප්‍රදර්ශනය කරමින් සිටියා. (මේ බුද්දාගමට ‘ඩී’ එකක් ගන්න ඉස්සර…!)

බර්නාඩ් ශිෂ්‍යයාගෙ සාමාන්‍ය පෙළ මිතුරන් අතර හිටියා සුදු, ලස්සන, පොහොසත් පවුලකින් පැවැත එතැයි සිටිය හැකි, චතුර ලෙස ඉංග්‍රීසි කතා කළ හැකි කොල්ලෙක්. කවර හෝ හේතුවකට ඔහු බර්නාඩ්ගේ හොඳම මිතුරෙක් වෙලා හිටියෙ ඒ වෙනකොට. මේ නිසා නිතර මේ සුදු කොල්ලා – ඩැරල්ගේ – ඩි සේරම් ප්ලේස් එකට කිට්ටුවෙන් තිබුණු ගෙදරට ආගිය කිහිප දෙනා අතරින් එක් අයකු වුනා බර්නාඩ් ශිෂ්‍යයාත්.

ඩැරල් පවුලේ එකම දරුවා. ඩැරල්ගෙ පියා ‘බිස්නස්කාරයෙක්’ කියලා විතරයි ඔහුගෙ ආනන්දෙ ඕ-ලෙවල් ගැන්සිය දැනගෙන හිටියෙ. මොන බිස්නස්ද කියලා අවබෝදයක් නෑ. සමහරවිට කුඩු බිස්නස් වෙන්නත් ඇති. කවුද දන්නෙ?

ඩැරල් “මමී” කියා  ආමන්ත්‍රණය කල, ඔහු සමඟ ලොකු කතාබහක් නොතිබුණු තරුණ කාන්තාව ඇත්තටම ඔහුගෙ මව නොවන බව යාළුවො දැනගත්තෙ යම් කාලයකට පසුව. ඩැරල්ගෙ දෙමාපියන් දික්කසාද වී තියෙන්නේ ඔහු කුඩා කාලයේ. ඇය ඩැරල්ගෙ පියාගෙ දෙවන කසාදයේ භාර්යාව.

මං මේ කියන්නෙ නව යොවුනකුගෙ ජීවිතේ සියළුම සෙන්සර්ස් ඉතාම කුඩා සිග්නල් එකකට පවා සංවේදී වෙන කාලයක් පිළිබඳව.

සාමාන්‍යයෙන් ඩැරල්ගේ යාළුවන් කෙරෙහි ලොකු උනන්දුවක් නොදැක්වූ සිතාරා ආන්ටි තමන්ට සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකු කරුණාවක් දක්වන බව බර්නාඩ්ට හැඟී තිබුණේ යම් කාලයක සිටි. ඒත් ඇත්තටම එහෙමද, ඒක හුදෙක් සිතිවිල්ලක් පමණද කියන කාරණාව ඔහු දැන සිටියේ නෑ.

හැබැයි ඩැරල්ගේ ගෙදරට යන හැම දවසකම සිතාරා ආන්ටිගෙන් රසවත් තේ කෝප්පයක් නම් බර්නාඩ්ට ලැබුණා. ඔහු විතරක් සිටි සමහර දවස් වල එක්කෝ කුකීස් ටින් එකක් හෙමත් විවෘත වුණා. ඩැරල්ගේ පියා නිතරම රට යන නිසා මේ දේවල් ගෙදර තිබුණ එක පුදුමයක් නෙවෙයි.

මේ සිද්ධිය වුණේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආව දවසේ, බර්නාඩ් ශිෂ්‍යයාගෙ කාලෙ ඉන්ටර්නෙට් තියා මොබයිල් ෆෝන් වත් තිබුණෙ නෑ. ඒ නිසා හැම දෙනෙක්ම තමන්ගෙ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දැන ගත්තෙ පාසලට ගිහින්.

බර්නාඩ් ශිෂ්‍යයා තමන්ගෙ ප්‍රතිඵල දැන ගන්න ආවෙ ආගංගොඩ ඉඳලා. කාලෙකින් හමු නොවුණු නිසා ඔහු ඩැරල්ට කතා කළා මරදාන දුම්රිය පොළේ පේ-ෆෝන් එකකින්. මොබයිල් ඒ තරමටම පැතිරිලා නොතිබුණු කාලෙක නිසා කතා කළේ ගෙදරට.

ෆෝන් එකට ආන්සර් කළේ සිතාරා ආන්ටි…

“ආනේ පුතා අදද රිසල්ට්ස් එන්නෙ? ඩැරල් නම් මේ දවස් වල ගෙදර නෑ පුතා. තාත්තත් එක්ක බැංකොක් ගිහින් ෂෝට් වැකේෂන් එකකට… ආ පුතාට කතා කළොත් දෙන්න කියලා මොකද්ද තියලා ගියා. වෙලාවක ආවොත් ගන්න පුළුවන්…”

ආන්ටි කථා කළ ස්වරයෙන්ම වෙන්න යන්නෙ මොකද්ද කියලා එක්තරා මට්ටමකට හැඟීමක් බර්නාඩ්ට ලැබුණා.

“හොඳයි ආන්ටි මං රිසල්ට්සුත් බලාගෙනම එන්නම් කො….”

බර්නාඩ්ගෙ රිසල්ට්ස් නරක නෑ. ඩැරල්ට නම් ලයිට් කණු කිහිපයකුත් තිබුණා. ඔහු ඉක්මණින්ම ඒ කටයුතු නිමා කොට ගියා ඩැරල්ලගෙ ගෙදර. සිතාරා ආන්ටි බලාගෙන ඉන්න බව ඔහු දන්නවා.

කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු

බර්නාඩ් සිතාරා ආන්ටි එක්ක මේ අසම්මත සම්බන්ධය වසර තුනක්ම ගෙන ගියා ඔහු ඒක නතර කලේ පූජකවරය පිණිස ඇතුළු වුනායින් පසුව. ඒ අවුරුදු තුන ඇතුලෙ වෙච්චි දේවල් රාශියක් මා සඳහන් කරන්නෙ නෑ. උදාහරණයක් හැටියට සිතාරා ආන්ටිගෙ දික්කසාදය, ඩැරල් එක් යුගයක තමන්ගෙ හොඳම මිතුරෙක් වුණු බර්නාඩ්ට ආනන්දෙ කැන්ටිමේදි බිම පෙරළගෙන පහරදුන් හැටි වගේ කතා.

හැබැයි මේ අවුරුදු තුන නිසා ඔහු මුළු ජීවිත කාලයක්ම ඉදිරියට ගෙන ගිය නරක යැයි කිව හැකි පුරුද්දක් ඇති කොට ගෙන තිබුණා.

තමන්ට වඩා සැලකිය යුතු තරමින් වැඩි වයසක කාන්තාවන් ඇසුරු කිරීම!

ආගංගොඩ ගමේ බ්‍රදර් බර්නාඩ් අනියම් සම්බන්ධතා පැවැත්වූ කාන්තාවන් තිදෙනෙක් හිටියා. ඒ අය මෙසේයි.

  1. රමණි බෝපිටිය – වයස අවුරුදු 48 ආගම: බෞද්ධ (විවාහක)

  1. ෆාතිමා – වයස අවුරුදු 52 ආගම: ඉස්ලාම් (වැන්දඹු)

  1. සෙල්ලම්මා – වයස අවුරුදු 47 ආගම: හින්දු (විවාහක)

කොටින්ම බ්‍රදර් බර්නාඩ්ට නොහිටියේ කතෝලික ‘හොර ගෑනියෙක්’ විතරමයි!

 

(විසි වැනි කොටසට…)

Posted in Non classé | 6 Comments

දහ අට (18) කොටස : වැල ප්‍රශ්න වැල හා නිරුවත් ආදරය

 

decoration-home-modern-font-b-nude-b-font-sexy-font-b-girl-b-font-canvas-font

පසුගිය කොටසක ඔහෙලා කියැව්වේ අර දෙමළ කොල්ලා සීරියස් වැල ප්‍රශ්න වැලක් අහපු හැටි.

“ඔයා කිහිල්ලත් ෂේව් කරනවද…?”

“ඔව්…හැමදාම නෙවෙයි…”

“ඔයා කකුලුත් ෂේව් කරනවද?

“මගෙ කකුල් වල ෂේව් කරන්න තරම් මයිල් නෑ අයියෝ…”

කොල්ලා පඳුර වටේ කැරකිලා තමන්ට ඕනැ තැනට ආවා.

“ඔයා පියුබික් ඒරියා එකත් ෂේව් කරනවද…?”

තොපි ඔහෙලා හිතන්නෙ කෙල්ල මොනවා කීවයි කියලද?

එයා හිනා වුණේ නැහැ. ඇත්තම කියනවා නම් මේ වැල ප්‍රශ්න වැල (හෝ එකම ඉලක්කය කරාගෙන යන සමාන ප්‍රශ්න වැලක්) කෙල්ල සෑහෙන්න කාලයක් තිස්සෙ අවිඥානකව බලපොරොත්තු වුණු දෙයක්. ඒ මට්ටමට දෙන්නාට එකිනෙකාගෙ හිත කියවන්න පුළුවන් වෙලා තිබුණා ඒ වෙනකොට. ඒක ටෙලිපති වගේ. ටෙලිපතිම නෙවෙයි.

කෙල්ල උපහාසයට හිනා වුණේ නෑ. කට කොණකින් පොඩි සිනා කැකුලක් පන්නලා ‘ඔව්’ කිව්වා.

“ඔව් අයියේ…!” කිව්වනම් තවත් ටිකක් රෝමාන්තිකයි තමා. ඒත් කෙල්ල කිව්වෙ ‘ඔව්’ කියලා විතරයි.

දැන් කොල්ලා පට්ටව ඔකඳ වෙලා ඉන්නෙ. ඊළඟ ප්‍රශ්නයත් ඇහුවා. මෝඩ ප්‍රශ්නයක්.

“මට දවසක් බලන්න පුළුවන්ද…?”

කෙල්ල “අයියෝ..බෑ” කිව්වෙ වත් අඩුගානෙ ලජ්ජාවෙන් මූණ හංග ගත්තෙ වත් නෑ. (මේක කියවන මළ හෝන්තුවො…සමාවෙන්න පාඨක මහත්වරු, නෝනා මහත්තුරු හිතන්නෙම වැරදියට. මේ එකිනෙකාගේ හිත කියවන්න දන්නා බුද්ධිමත් ජීවීන් දෙදෙනෙක් අතර සීරියස් සංවාදයක්. ඒ වගේම ඔවුන්ට වචන නාස්ති කරන්න හැකියාවක් තිබුණෙ නෑ. කාලය සීමිතයි.)

“හා…” කෙල්ල කිව්වා.

කොටින්ම කොල්ලා හරියටම බලන්න ඇහුවෙ මොකද්ද කියලා සඳහන් නොකිරීම පවා මේ සංවාදයට බාධාවක් වුණේ නෑ.  

කොහොම වුණත් මේ දේවල් ඒක්ෂ්ණයෙන් කරන්න දෙන්නාටම පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔවුන්ට මාස ගණනාවක් ඉවසාගෙන ඉන්න වුණා නිසි අවස්ථාව එනතුරුම. ඒ අතර මේ සංවාදය එක එක අයුරින් මේ දෙදෙනා අතර සිද්ද වුණා. ඒ සියල්ලේ සමස්තය ගත්තාම කියැවුණේ එක දෙයයි. ඒක ඉතාම සරලයි.

කෙල්ලට තියෙනවා ලස්සන සිරුරක්. කොල්ලා කැමැතියි ඒ සිරුර දකින්න. එච්චරයි. ඊට අමතරව වෙන මොනම දෙයක් ගැනවත් කියැවුණේ නැහැ. දෙන්නා ඒ ගැන හිතුවද නැද්ද කියන්න මම හරියට නොදන්නෙ මට පරසිත් දකිණ නුවණ නැති නිසා. හැබැයි වෙන කිසිම දෙයක් ගැන කතා නොවුණු බව නම් ඉර හඳ වගේ සහතිකයි. ඒ ගැන මම කන්ෆර්ම් වෙනවා.  

ඔන්න මාස ගණනාවක් ප්ලෑන් කරලා ප්ලෑන් කරලා අන්තිමට බොහොම අමාරුවෙන් අවස්ථාවක් ලැබුණය කියමුකෝ. දැන් මගෙන් අහන්න එපා මුස්ලිම් ගෑනු ළමයකුට ඒ වගේ තනිවෙන්න අවස්ථාවක් ලැබුණේ කොහොමද වගේ අනන් මනම්. කොහොම හරි ලැබුණා. නැතුව ඔය කතාව එහෙම්පිටින්ම කියන්න ගියොත් මට පොතක් ලියන්න වෙනවා. ඒ ඔක්කෝටමත් වඩා තොපිලා ටික ….සමාවන්න මෙය කියවන පාඨක හිතමිතුරන් මෝල් වෙලා ඉන්න ….සමාවන්න දැඩි උද්‍යෝගයකින් ඉන්න මේ අවස්ථාවේ ඔය වගේ ලයිට් ඩීටේල්ස් වලට යන්න ඕනැ නැහැ.   

දොර අගුල් දැමූ පාළු කාමරේක කෙල්ලත් කොල්ලාත් තනිව සිටියා.

ඉර එළිය පොඩියක් වැටුණා මේ කාමරය වසා ඇති කවුළු වල වීදුරු වලින්. පොඩි ඉරු කිරණ ටිකක්. හරියට කාමරය උණුහුම් කරන්න වාගෙ.

ඔවුනට පසෙකින් තිබුණා කණ්නාඩි මේසයක්, පුටු කිහිපයක්, විවිධ ඇඳුම් රෙදි ගොඩවල් ටිකක්, ලෙනින්ගෙ රූපය සහිත පිට කවරයකින් යුතු රතුපාට පොතක් හා ඩබල් බෙඩ් එකක්.  

ඔව්, ඩබල් බෙඩ් එකක්.  

කොල්ලගෙ හිතේ තිබුණු එකම අරමුණ කෙල්ලගේ රන්වන් සිරුර දකින එක. කෙල්ලගෙ හිතේ තිබුණු එකම අරමුණ තමන්ගෙ හොඳම මිතුරා වෙනුවෙන් නිරුවත් වෙන එක.

එච්චරයි. (දැන් තොපි… සමාවෙන්න, ඔහෙලා ඔයිට වඩා දේවල් බලපොරොත්තු වෙලා හිත රිද්දා ගන්න හෙම එපා පස්සෙ.)

ඔවුන්ට වැය කරන්න මහා කාලයක් තිබුණෙ නෑ. විනාඩි විස්සකින් කොල්ලා කාමරයෙන් පිටවිය යුතුයි. ඒක තිහක් පමණ දීර්ඝ කර ගන්නවා කියන්නෙ විශාල රිස්ක් එකක්. තිහ පනිනවා කියන්නෙ – සමහරවිට මරණය.

ඔවුන් මුහුණට මුහුණ ලා සිට ගෙන සිටියා -පාසල් ඇඳුම් වලින්.

“ඉතින්….?” කොල්ලා කිව්වා. ඌට ඊට වඩා දෙයක් කියන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. දිව ගොළුවෙලා.

කෙල්ල ලජ්ජාශීලීව හිනා වුණා.  

“ඔයා ගළවනවද…නැත්නම්…?”

කෙල්ලට උවමනා වුනේ කොල්ලා ලවා ඇඳුම් ගලවා ගැනීම.

ඇය තමන්ගේ ගවුම හා දිග කලිසම ගලවන්න කොල්ලාට උදව් කළා. මතකයිනෙ මුස්ලිම් ළමයින්ගෙ පාසල් ඇඳුම. ඊළඟට බැනියම. ඔව්. පහු කාලෙක නොඇන්දාට ඉස්කෝලෙ යන ගෑනු ළමයි ගවුමට යටින් බැනියමක් ඇඳිනවා තමා ඕයි. දන්නෙ නැත්නම් අදවත් දැනගන්න.

කෙල්ල තමන්ගෙ තනපට හා පෑන්ටිය විතරක් ඇතිව කොල්ලා ඉදිරියේ හිටගෙන හිටියා. රෝසපාට තනපටක්. කළු පාටින් හැඩ වැඩ වැටිච්චි සුදු පෑන්ටියක්.

  • පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මන් මෙන් බැ‍ඳේ
  • ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් ත‍ඳේ
  • මඳ පවන් වැදලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ
  • දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ

කොල්ලා සිංහල දන්නෙ නෑ. දන්නවානම් ඔය වගේ මොකක් හරි මඟුලක් ලියාවි තමන්ගේ හිතට ආ සිතිවිලි එක් කරලා.

ඒ තරම් අපූරු දර්ශනයක්. කොල්ලගෙ ඉන්ද්‍රියන් පුබුදු වෙලා තිබුණා සුදු කලිසම ඉරී විසිරී යන ගානට.  

කොල්ලා සෙමෙන් කෙල්ලගෙ තනපටය ඉවත් කළා. (ටික වෙලාවක් ගියා ඕං. මොකද ඌ ඊට කලින් තනපටක් ගලවලා තිබුනෙ නැහැ. අර හුක් එක පන්නන්න ඉගෙන ගන්න ටිකක් වෙලා යනවා.)

පුංචිම පුංචි සුදු හංසයො දෙන්නෙක් වතුර තිබහට වගේ උඩ බලාගෙන හිටියා.

කොල්ලා ඇත්තටම කලන්තෙ දාලා වැටෙනවා, උදේට කාල නොහිටියානං. එසෙම්බ්ලි එකේ කලන්තෙ දාල වැටෙන නිසා දැන් නම් පාසල් සිසුන් සිසුවියන් දන්නවා උදේට ගෙදරින් මොකක් හරි කාලා යන්න.

කොල්ලා එදා උදේට කාලා ඇවිත් තිබුණෙ ඉඳි ආප්ප, සම්බෝල එක්ක. ලයිට් ඩීටේල්ස්.

විනාඩි දෙක තුනක අනිමිසලෝචනේ ඉවර කළ කොල්ලා පෑන්ටිය දිහාට අත යැව්වා.

“උදේම පෑන්ටියක් හොයා ගන්න බැරි වුණා අයියෝ. අම්මගෙ පෑන්ටියක් ඇඳගෙන ආවෙ…”

කොල්ලාට පොඩි අපුලක් දැනුණත් ඌ එක නොදක්වා පෑන්ටිය, කෙල්ලගේත් උදව්වෙන් ඉවත් කළා.

ඔහුගේ ඇස් ඉදිරියේ දිස්වුනේ ඔහු කවරදාකවත් නොදුටු දර්ශනයක්. කොල්ලා ඇස් දෙක දොඹ ගෙඩි ගානට ලොකු කරගෙන මේ අපූර්ව දර්ශනය දිහා බලාගෙන සිටියා.

සියවස් සහස්‍රක ගණනාවක් තිස්සේ ස්වභාව ධර්මයා විසින් නිර්මිත ශ්‍රේෂ්ඨතම කලා නිර්මාණය. සුන්දර නාරි ශරීරය, එහි සැබෑ ඓන්ද්‍රීය ස්වරූපයෙන්!

කොල්ලා අඩුම ගණනේ විනාඩි පහක් වටේ කැරැකි කැරැකී මේ සුන්දර දර්ශනය බලන්න ඇති. හැබැයි ඔහු ඒ සුන්දර කලා නිර්මාණයට අත තියන්න වත් උත්සාහ ගත්තෙ නෑ. හරියට තමගෙ අත වැදුනොත් ඒ සුන්දර නිර්මාණය එකෙනෙහිම අතුරුදහන් වෙතැයි බියෙන් වගේ.

” ඇතිද…” කෙල්ල ඇසැක් ගහලා ඇහුවා.

“මදි…ඒත් අපට ලොකු වෙලාවක් නෑ” කොල්ලා කිව්වා. රහසෙන්. ඇහෙන නෑහෙන ස්වරයෙන්.

“දැන් ඔයා මාව දැක්කනෙ. සම්පූර්ණයෙන්ම. මුකුත්ම ඇඟේ නැතුව. මට ඕනැ ඔයාවත් බලන්න ඒ විදියට…” කෙල්ල කිව්වා.

කොල්ලා මේකට කැමැති වෙනවද නැද්ද කියලා මොහොතක් කල්පනා කළා. කෙල්ලට වගේ නෙවෙයි. පෙන්නන්න අකැමැති යමක් තිබුනා, ඔහුට. ඒ නිසා ලජ්ජායි. අනෙක් පැත්තෙන් තමන්ගෙ ඉල්ලීම ඉටු කළ තමන්ගේ හොඳම මිතුරියගෙ ආසාව. ඇය තමන් වෙනුවෙන් කළ දේ තමන්ද ඇය වෙනුවෙන් කළ යුතුය යන හැඟීම.

කොල්ලා ඉක්මණින්ම, තමන්ම ඇදුම් හලමින් නිරුවත් වුණා. (මේක වෙච්චි හැටි කලින් කෙල්ල සම්බන්ධයෙන් ලිව්වා වගේ දිගට ලියන්න ඕනැ නෑ නේද? ඔහෙලා සමරිසි නෙවෙයිනෙ නේද?)

කොල්ලාගේ පුබුදුවීම දෙදෙනාටම ගැටළුවක් වුනේ නැහැ.

ශිෂ්ඨාචාරයේ ගැහැනිය හා මිනිසා එකිනෙකා ඉදිරියේ නිරුවතින් පෙනී හිටියා, මිනිත්තු ගණනාවක්ම. සුදු ශරීරයක් හා කළු ශරීරයක්. ශිශ්නයක් හා යෝනියක්. රණ හංස පැටව් දෙන්නෙක් හා උකුසු පැටියකුගේ ඇස් දෙකක්.

දැන් ඔය කන්තෝරුවෙ වැඩ නෑ වගේ කම්පියුටරේ තිරේ ඉස්සරහ නැවිලා කට දෙපැත්තෙන් කෙළ පෙරාගෙන මේක කියවමින් ඉන්නා වසයක අන්කල්ලාට….සමාවන්න, මගේ වැදගත් පාඨක මහතුන්ට කිව යුතු දේ තමයි මේ ජවනිකාව එදිනට එතැනින් කෙළවර වූ බව. (පව් අනේ ඔයාලා!)

කොටින්ම ඔවුන් අර පැත්තක තිබුණාය කියපු ඩබල් බෙඩ් එකේ නිදා ගන්නවා තියා අඩුම ගණනෙ අනෙකාගෙ අතින් අල්ලනවා ඇරෙන්න ශරීරයේ වෙන කොතැනකටවත් අතවත් තියලා තිබුණෙ නෑ එදා.

හොඳ ළමයි. නවකයෝ. ආදරයේ කෝඩුකාරයෝ.

  • ඇය සුවඳකි ප්‍රභාතයේ – තුසර බිඳකි පුරා හඳේ //
  • ගිනි අඟුරකි අගාධයේ
  • ආදරයේ කෝඩුකාරයෝ
  • අඳුරේ රන් තරුව ඇයයි – රන් තරුවට අඳුර ඇයයි //
  • මදහස සෝ සුසුම ඇයයි
  • ආදරයේ කෝඩුකාරයෝ

වාසනාව ඇගේ නෙතයි…

ඉවරයි. දැන්වත් ඔය නාකි අන්කල්ලා ටික මේක කියවන එක අතඇරලා ඔෆිස් එකේ වැඩ මොනවද තියෙන්නෙ කියලා බලනවද හොඳයි.

 

(දහ නව වැනි කොටසට….)

 

Posted in Non classé | 8 Comments

දා හත (17) කොටස : බුද්ධ ධර්මය නම් වූ මිත්‍යාදෘෂ්ඨිය

telechargement-1

සන්තියාගෝ පියතුමා උපන්නේ නම් ලිස්බන් නුවර නෙවෙයි.

හැබැයි අර කහටගස්දිගිලියේ උපන් එකාත් කොළඹ රස්සාවකට ඇවිත් මං කොළඹ කියලා ආඩම්බරෙන් කියන විදියට උන් වහන්සේත් තමන් ලිස්බන් නුවර උපන්නායි හැමෝටම කිව්වා. එහෙම උනාට ඔය සිංහලේ, සෙරන්ඩිබ් වගේ නම් වලින් හැඳින්වෙච්චි රටේ උපන්න එවුන්ට නම් උන් වහන්සේ ලිස්බන් වල උපන්නත් එකයි, ආච්චිගෙ රෙද්දෙ උපන්නත් එකයි. උන් ලිස්බන් දැකලා තිබුණෙ නෑ.

සන්තියාගෝ පියතුමාගෙ පියා – ජීව විද්‍යාත්මක පියා – නම් ලිස්බන් නුවරට ටිකක් කිට්ටුවෙන් ඉපදුණු කෙනෙක්. නාවිකයකු වෙච්චි මේ පුද්ගලයා බර්තොලමියු ඩයස් ඊට කලින් කුණාටු තුඩුව කියාපු, පසුව සුභ පැත්මේ තුඩුව විදියට නම වෙනස් කළ Cabo da Boa Esperan හෙම පහු කරලා හින්දුස්තානය  පැත්තට එන්න පටන් ගත්තායින් පසුව ආපු කණ්ඩායම් වල නාවිකයෙක්. සන්තියාගෝ දරුවා ඉපැදුනේ එවකට පුරුතුගීසීන් යටතේ තිබුණු කාලිකතා (කැලිකට්) නුවරයි.

පුරුතුගීසි කාරයා ගෑනු ඉන්දියාවට ගෙනාවෙ නැති බව අමුතුවෙන් කියන්න ඕනැ නෑ. උන්වහන්සේගෙ මව භක්තිමත් හින්දුස්තාන කතෝලික කාන්තාවක්.

  • පුරුතුගීසිකාරයා – රටවල් අල්ලන්න සූරයා
  • හතුරු රාජ මාරයා – මුළු ලොව හොල්ලන්න වීරයා

සන්තියාගෝ පියතුමා පළමුව ස්වර්ගයේ වෙසෙන අපේ දෙව් පියාණන්ටත්, එතුමාගේ පුත්‍රයාටත් ශුද්ධ වූ ත්‍රිත්වයටත් අනුපමේය ගෞරවයක් දැක් වුවා.

සන්තියාගෝ දරුවාගේ මුල් ප්‍රාර්ථනය වුණේ පුදබිමට ඇතුළු වෙන්න නෙවෙයි. හැබැයි නව යොවුන් වියට එළඹෙන්නත් පළමුව මවත් පියාත් දෙදෙනාම වසර තුනක වගේ පරතරයකින් ඔහු අතහැර ස්වර්ගයේ වෙසෙන අපේ දෙව් පියාණන් වෙත ගියාම ඔහු ඒ තීරණය ගත්තා.

සන්තියාගෝ පියතුමන්ගේ විශේෂ අවධානය යොමු වුණේ පෙරදිග රටවල පැතිර තිබුණු මිථ්‍යා දෘෂ්ටීන් කෙරෙහි. මේ මිථ්‍යා දෘෂ්ටීන් සාතන් ලෙස හැඳින්වුණු යක්ෂයාගේම ක්‍රියාකාරකම් බව ඔහු දැනගෙන හිටියා.  

සාතන් නම් වූ යක්ෂයා වඳුරන් වගේ කළු පැහැ කොට හින්දුස්තාන වැසියන් රවටා යක්ෂයාගේ පූජාස්ථාන වෙත දක්කාගෙන ගොස් නොතේරෙන භාෂවාකින් ස්තෝත්‍ර වගයක් දොඩවා ආවේශයකට පත්වෙනවා සන්තියාගෝ පියතුමා බලා හිටියේ දුකින්. මේ කළු වඳුරන්ට සත්‍යය කියා දෙන්න ඔහු ලැබුණු හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත්තා. යම් පිරිසක් එයින් මිථ්‍යාවෙන් මිදී සත්‍යය සොයා ගත්තත් සන්තියාගෝ පියතුමාගේ වචන ගරු නොකළ පිරිසකුත් නොසිටියාම නොවෙයි.  

හින්දු ආගමටත් වඩා අතිශයින් භයානක මිථ්‍යා දෘෂ්ටියක් ගැන සන්තියාගෝ පියතුමාට ඉගෙන ගන්න ලැබුනේ වයස දහසයේදි පමණ. ඒ මිථ්‍යා දෘෂ්ටිය තිබුණේ හින්දුස්තානයේ නොව යාබද සේලාන් කියා හැඳින්වූ දූපතේයි.

මේ මිථ්‍යා දෘෂ්ටියේ ශාස්තෘන් වුණේ බුද්ධ නම් වූ යක්ෂයාගේම තවත් වේශයක්.

බුද්ධ නම් වූ සාතන්ගෙන් මනුෂ්‍ය වර්ගයා බේරා ගැනීම පිණිස සන්තියාගෝ පියතුමා වයස දහ හතේදී සේලාන් නම් වූ දූපතට ළඟා වීම පිණිස නැව් නැංගා. තරමක දුෂ්කර මුහුදු ගමනකින් පසුව ඔහු රැගත් නැව සේලාන් නැමැති දූපතේ ගාල්ල නම් නගරයට ළඟා වුණේ සතියක පමණ ඇවෑමෙන්.

මූලික පුහුණුවකින් පසුව සන්තියාගෝ පියතුමාට එවකට පුරුතුගීසි පාලනය යටතේ පැවැති ගමක අළුතින් ගොඩ නැංවූ පල්ලියක් භාර දෙනු ලැබුවා. මේ ගමට ඒ කාලෙ නම් නමක් තිබුණෙ නෑ.  

දැන් අපි එමු වර්තමාන කතාවට.

අර සමන්තබද්‍ර රහතන් වහන්සේ ආගංගොඩ ගමේ දෙමළ කොල්ලෙකුටයි මුස්ලිම් කෙල්ලෙකුටයි පිහිට වෙන්න ගිහිල්ලා මහ අබැද්දියක් වෙලා අතීතයට ගියා මතකද? ඔන්න එහෙම ගිහිල්ලා පාත් වුණේ මේ සන්තියගෝ පියතුමන්ගේ පල්ලියේ තමයි.  

නැවත ඇස අරින විට සමන්තබද්‍ර වහන්සේ ඉදිරිපිට පෙනී සිටියේ සුදෝ සුදු ලෝගුවක් දාගත් සන්තියාගෝ පියතුමා.

Meu Deus! Vocę está machucado, senhor?

සන්තියාගෝ පියතුමා ඇහුවා. වේසිගෙ පුතෝ දැන් ඕකෙ තේරුම මගෙන් අහන්න එපා. මං පුරුතුගීසි බාසාව ඉගෙන ගෙන නෑ.

සමන්තභද්‍ර රහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා.

“පින්වත මම රහතන් වහන්සේ නමක්. අපේ ශ්‍රාවකයෝ විශ්වාසය මතයි වඳින්නේ. මට වඳින්නේ මම යමක් දන්නවා කියන විශ්වාසය මත. යේසුස් වහන්ස්ටත් එහෙමයි. බුදුන්ටත් එහෙමයි. එයාල තුළ දන්නවා කියන විශ්වාසය තියෙනවා. නමුත් ඔවුන් හරියටම දන්නේ නෑ ඒ ශාස්තෘවරු එය දන්නවාම ද කියලා. මගේ අවබෝධය ගැන දන්නේ මම. මගේ අවබෝධය ගැන ඔබ දැන ගන්නේ සාකච්ඡාවෙන්. ඒ තුළින් මා ගැන විශ්වාස කරනවා. මේ ලෝකේ වැඩිපුර විඳින්නේ හා බනින්නේ මට. ඒ දෙකම ප්‍රශ්නයක් නැහැ…”

යක්ෂයා විසින් තමන්ව දරුණු පරීක්ෂණයකට භාජනය කරමින් සිටිනා බව මේ අවස්ථාවේ සන්තියාගෝ පියතුමන් තේරුම් ගත්තා.

 

(දහ අට වැනි කොටසට…)

Posted in Non classé | 1 Comment

දහසය (16) කොටස : දෙමළ කොල්ලා හා මුස්ලිම් කෙල්ල

images

මේ කතාවෙ ඉතුරු ටික කියන්න බැරිවුණා නේද? ඊට කලින් මෙතෙක් කතාව මතක් කර ගනිමු. මොකද මේක නැවට එකක් ජාතියෙ ආදර අන්දරයක් නිසා.

“කෙල්ලයි කොල්ලයි දෙන්නම ඉගෙන ගන්න දස්සයි. මුලදි කෙල්ල පන්තියෙ පළවැනියා වෙනකොට කොල්ලා දෙවැනියා වුණා. පස්වැනි පන්තියෙන් විතර පස්සෙ මේක අනෙක් පැත්තට හැරුණා ඉබේම. දැන් කොල්ලා පළවැනියා. කෙල්ල දෙවැනියා. දෙන්නම බ්‍රදර් බර්නාඩ් වගේ සිස්සත්තෙ පාස් නොවුනු හන්දා ලොකු ඉස්කෝල වලට ගියෙත් නෑ. ඉගෙන ගන්න සූර නිසා ඉස්කෝලෙන් අස්වුනෙත් නෑ. කෙල්ලගෙ පවුලත් සාම්ප්‍රදායිකම මුස්ලිම් නොවෙන හින්දා කෙල්ල ඉගෙන ගන්නවාට ලොකු විරුද්ධත්වයක් තිබුනෙත් නෑ.’

“නවයේ දහයේ වසර විතර වෙනකොට මේක අප්‍රකාශිත – ඒ කියන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් වත් ‘ආදරය’ කියන වචනය භාවිතා නොකළ – බොහෝම දැඩි සම්බන්ධයක් වෙලා තිබුණා.’

“දැන් ඔහෙලා හිතනවා ඇති ඇයි මේක මේ කාලෙදිම දෙමාපිය මැදිහත්වීමකින් නොකැඩුනේ කියලා. මතක තියා ගන්න මේ කොල්ලායි, කෙල්ලයි දෙන්නම මහා මොළ දෙකක්, සිස්සත්තෙ පාස් නූනට. උන් දෙන්නා කතා කරගෙන වගේ හැසිරුණේ මෙහෙම දෙයක් හාංකවිසියක් නැති ගානට. සමහර වෙලාවට දෙන්න තමන් එකිනෙකා අප්‍රිය කරන බව පෙන්වන්න බොරු ගේම් ඇද්දා. කෙල්ල පොඩි වැරද්දක් කළාම කොල්ලා වහාම ගුරුවරුන්ට පැමිණිලි කරපු අවස්ථා තිබුණා. දෙන්නා එකිනෙකාගෙ පොත් පත් පවා හුවමාරු කර ගත්තෙ ඉතාම කලාතුරෙකිනුයි. හැබයි මේ එලියෙ කාටවත්ම නොපෙනෙන දේවල් අතරෙ යටින් ඉතාම දැඩි සම්බන්දයක් අතු ඉති දළු ළමින් තිබුණා…’

“මං මේ කියන්න යන සිද්දිය වෙනකොට මේ දෙන්නා අතර ඔය අපි ඔහෙලා දන්න ජාතියෙ ස්ථිර ආදරයක් කියලා හෙම මොකෝවත්ම පටන් අරගෙන නෑ. කොටින්ම ‘ආදරය’ කියන වචනය වත් දෙන්නා අතර හුවමාරු වෙලා නැහැ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන්. මේ දෙන්නා අතර කතාබහකදි ‘ආදරය’ කියන වචනය හුවමාරු වුණා නම් ඒ වෙන දෙන්නෙකුගේ සම්බන්දයක් ගැන කතා කරන අවස්ථාවකදි විතරයි. නමුත් දෙන්නා හොඳම මිතුරන්. ඒ හන්දා රටේ ලෝකයේ බොහෝ දෙවල් ගැන දෙන්න විවෘතව කතා කළා.’

දැන් වර්තමාන කතාවට. (වර්තමාන කතාව කිව්වට ඒකත් වුණේ අතීතයෙදිම තමයි.)

දැන් ඔහෙලා හිතනවා ඇති ඇයි මේ කෙල්ලයි කොල්ලයි දෙන්න මේ විදියට හැසිරුණේ කියලා. ඒකට හේතුව හිතා ගන්න අමාරුම නැහැ. උන් දෙන්නාම දැන ගෙන හිටියා මේ සම්බන්ධය – එහෙම සම්බන්ධයක් කියලා එකක් තිබුණා නම් – කවදාවත්ම හරියන එක නෙවෙයි කියලා. ඒක කොයි මොහොතේ හරි කැඩෙන්න තිබුණු සම්බන්ධයක්. ප්‍රශ්නෙ තිබුණෙ අද කැඩෙනවාද, තව මාස තුනකින් කැඩෙනවාද, අවුරුදු දෙකකින් කැඩෙනවාද කියන එක විතරයි.

ඒ හන්දා, “මම ඔයාට මගේ පණටත් වැඩියෙන් ආදරෙයි සුදූ… අපි දෙන්නා හැමදාම මේ විදියට අත් වැල් බැඳෙගෙන ඉම්මු, ජීවිතේ බෙදා ගනිමු…” වගේ බොළඳ ආදර කතා හුවමාරු කර ගන්නට උන් දෙන්නට පුළුවන්කම තිබුණේ නැහැ. උන්ට තිබුණේ අතීතයකුත් අනාගතයකුත් නැති වර්තමානයක් විතරයි.

කෲර වර්තමානයක්!

හැබැයි මේ කාලෙදිම මේ දෙන්නගෙම සරීර වල හෝර්මෝන ක්‍රියාකාරිත්වය ඉහළ යමින් තිබුණු හින්දාම ඒ වර්තමානය දෙන්නටම ඉතාම සුන්දර ලෙස පෙණුනා.

  • ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ…
  • ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ…
  • සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
  • පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ…

මෙන්න මේ කාලෙදි තමයි අර නස්කූනි කොල්ලා තමන්ගෙ නස්කුනි ප්‍රශ්නෙ ඇහුවෙ.

“ඇත්තද මුස්ලිම් ගර්ල්ස්ලා ඇඟේ තියෙන හැම රෝම කූපයක්ම ෂේව් කරනවා කියන්නෙ?”

දැන් ඔහෙලා හිතන්නෙ ඒකිගෙ උත්තරේ මොකක් වෙන්න ඇද්ද?

ඇය ඉතාම අවංකව තමන්ගෙ හොඳම මිතුරාට මෙහම උත්තර දුන්නා.

“ඔව්, අපට එහෙම කරන්න තමයි ආගමෙන් උගන්වලා තියෙන්නෙ…”

කොල්ලත් අත ඇරියෙ නෑ.

“ඔයා කිහිල්ලත් ෂේව් කරනවද…?”

“ඔව්…හැමදාම නෙවෙයි…”

“ඔයා කකුලුත් ෂේව් කරනවද?

“මගෙ කකුල් වල ෂේව් කරන්න තරම් මයිල් නෑ අයියෝ…”

කොල්ලා පඳුර වටේ කැරකිලා තමන්ට ඕනැ තැනට ආවා.

“ඔයා පියුබික් ඒරියා එකත් ෂේව් කරනවද…?”

අදට ඇති නේද? කෙල්ල ඒකට දීපු පිළිතුර පහු කොටසකින් කියවමු.

 

(දහහත්වැනි කොටසට…)

Posted in Non classé | 4 Comments

පහලොව (15) කොටස : නිරාගමික සේපාලිකා මල හා මලයා තරහ වීම

4366464275_b10becf7b2

මාසෙකින් විතර මොකුත් ලියන්න කියන්න බැරි වුණාට සියලු දෙනාගෙන්ම මුලින්ම සමාව ඉල්ලා සිටිනවා, හරිය?

ඒක වුනේ නෝනාවරුනි, මහත්වරුනි, මහත්වරුන් නැති නෝනාවරුනි, නෝනාවරුන් නැති මහත්වරුනි ලියන මහත්තයා වන මට පහුගිය කාලෙ සිද්ද වෙච්චි දාර ඇබැද්දියක් නිසයි.

මුලින්ම කියන්න ඕනෑ තමන්ට කිසිම අදාළත්වයක් නැති කාරණා වලට හොට දැමීම නිසා සමීපතයන් තරහ කර ගැනීම කලාවක් නම් මේ ලියන මහත්තයා වන මම එහි චිත්‍රසේනලාගේ අමරදේවය කියලා. කිසිම තරකයක් නෑ ඒ ගැන.

හැබැයි අනෙක් අතට අර සේපාලිකා මලක් වාගෙ ඉන්න නිරාගමික ගැටිස්සිත් ඒකට මුල් වුණා කියන එක ඇත්තක්.

ඔන්න එක දවසක හිටි හැටියේ ගම පුරාම රාවයක් යනවා ප්‍රේක්ෂක හිතවතුනි ඔය කියන නිරාගමික සේපාලිකා මල පන්සලේ ඇබිත්ත කොලුවාව හදිස්සියේම කරකාර බැන්දාය කියලා. ඔය ඇබිත්ත කොලුවාට අපි කිව්වෙ ‘ධර්ම භාණ්ඩාගාරික’ කියලයි. මොකද ඌ අති පණ්ඩිතයා. නොකියවපු පොතක් නෑ. රේරුකානේ හාංදුරුවන්ගේ, ඤාණානන්ද හාංදුරුවන්ගේ පොත් කට පාඩං. පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් වැඩියෙන් ධර්ම කාරණා දන්නවා. ලොකු හාමුදුරුවෝත් නොදන්න බණ පදයක් හේම අහ ගන්නෙ උගෙන් තමයි.

ඒ වගේ සැදැහැවත් බෞද්ධ ඇබිත්ත කොලුවෙකුගේ හිත නිරාගමික ගැටිස්සියෙකුට ගියේ ඇයිද කියලා මගෙන් අහන්න එපා. ඒ ගැන එක එක ආගමේ ශාස්තෲන් වහන්සේලා විග්‍රහ කරලා තියෙන්නේ මෙහෙමයි.

සුදුද්දසං සුනිපුනං – යත්ථකාමනිපාතිනං

සිතේ ඇත්ත ස්වභාවය දකින එක හරිම අමාරුයි. ඒ වගේම සිත ගොඩක් සියුම්. හිතුමනාපෙ ආසකරන දේටම ඇදිලා යනවා.

(බුදුන් වහන්සේ – ධම්ම පදය)

אבל אני אומר לך, לאהוב את האויבים שלך

මම ඔබට කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න.  (මැතිව් 5:44 – ශුද්ධ වූ බයිබලය )

जब एक व्यक्ति को पूरा विश्वास के साथ कुछ करने के लिए समर्पित है, मैं उस में अपने विश्वास को एकजुट। तब, जब उसके विश्वास ने पूरी तरह से एकीकृत, वह अपने भक्ति की वस्तु लाभ।

යම් පුද්ගලයකු යම් දෙයක් කෙරෙහි සම්පූර්ණ විශ්වාසයකින් කටයුතු කෙරේද, මම ඔහුගේ විශ්වාසය ඒකේන්ද්‍ර කරමි. එසේ ඒකෙන්ද්‍ර වූ විශ්වාසයත් සමඟ ඔහු තමන්ගේ අභිරුචිය දිනන්නේය.

– භගවත් ගීතාව

في الواقع، إن الله مع أولئك الذين هم الصالحين والذين هم محسنون.

සත්‍ය වශයෙන්ම අල්ලාහ් දෙවියන් වහන්සේ සාධාරණ වූත් හොඳක් කරන්නා වූත් අයවලුන් වෙනුවෙන් පෙනී සිටින්නෝය. (අල් කුරාන් 29:70)

ඒකි කරකාර බැඳපු එක නම් ලොකු දෙයක්. මොකද රටේ ලෝකෙ ඉන්න ඔක්කෝම තෙල් බේරෙන ජාතිකවාදී අන්කල්ලා ඒකි නිසා මෝල් වෙලා හිටියේ. දැන්වත් උන්ගෙ ජාතිකවාදී මෝල බහීවි.

දැන් මුන් දෙන්නා කරකාර බැඳලා, රබන් ගහලා, රතිඤ්ඤා පත්තු කොරලා බෑං චුං ගහලා මඟුල් කන ආරංචිය පැතිර යනවාය කියලා ඇහුවාම මගෙ හිත එක පාරටම බොග් ගාලා නතර වුණා. අනේ උන් කෙරෙහි ඉරිසියාවකින් හෙම නෙවෙයි.

මගෙ හිත එක පාරටම බොග් ගාලා නතර වුණේවෙනම හේතුවක් නිසා.

මක් නිසාද යත් පින්වතුනි ඔය නිරාගමික ගැටිස්සි තමයි අපේ මලයාගෙ ප්‍රථම ප්‍රේමය. අපේ මලයා තමයි ඒ ගැටිස්සිගෙත් ප්‍රථම ප්‍රේමය. ඒක හදවතින්ම ආ බැඳීමක්. දෙව්ලොවදී එක් කළ බැඳීමක්. අවාසනාවකට උන් බිඳුනා තමයි. ඒත් මේ කාරණේ අපේ මලයාගෙ හිතේ ගැඹුරුම තැනේ තාම තියෙන බව මම සහසුද්දෙන්ම දැන ගෙන හිටියේ.

අපේ මලයා කිව්වෙ මගේ එක කුස ඔත් සහෝදරයා. අපේ පවුලේ බඩ පිස්සා. ඕකා කරන්න කැමැති වෙලා හිටියේ සිකුරිටි ජොබ් එකක්. හැබැයි ඇමැතිතුමා තමුසෙ මේ කපේදි නම් සිකුරිටි ජොබ් කරනවා බොරු කියලා කම්කරු ජොබ් එකක් තමයි දීලා තිබුණේ.

මේ සිද්ධිය වෙනකොට මලයා ගමෙන් පිට තමයි කම්කරු ජොබ් එක කරමින් හිටියේ.

දැන් ඉතින් ගමෙන් පිට ඉන්න එකා මේක වෙන කාගෙන්වත් දැන ගන්න එක හොඳ මදි නිසා මමම ඌට ටෙලිපෝං කොළා. මට ඕනැන්නෙ මූට ටිකක් කතා කරලා මුගේ හිත හදන්නයි. මෙන්න මේකා මගේ ඇඟට කඩාගෙන පැනපි.

“අයියට මොළේ හොඳ නැද්ද මේ වගේ කාරණා මට කියන්නෙ? මං ඕවා හිතෙන් සහසුදෙන්ම ඈත් කරල දාල කොයි තරම් කල්ද? දැන් මම කරන්නෙ මට ඕනැ දේ මිසක දෙවියන්නාන්සෙ කියන දෙයක් වත් නෙවෙයි. අයියටත් වෙන වැඩක් ඇත්තෙම නැත්නම් කරන්න ඔන්න දන්න විදියට අර අරුණ පෙරේරා අන්කල් වගේ අරූගෙ අඩවිය හරි මුගේ අඩවිය හරි කියලා බොලොග් එකක් ලියාගෙන ඉන්න. ඕවා ගැන මින් මත්තෙ මට කියන්න කරදර වෙන්න එපා…”

මූ මෙයාකාරයෙන් දිගින් දිගට බැණ ගෙන බැණ ගෙන ගිහින් මීට පස්සෙ අයියත් එක්ක මට කිසිම කතාවක් නෑ. අපි දෙන්නගේ සහෝදරකං මෙතනින් ඉවරයි…” කියල කට් කරපි.

දැන් මොකෑ කරන්නෙ දයාබර ප්‍රේක්ෂකයිනි. මේ කොහෙවත් යන මඟුලක් නිසා හෙවනැල්ල වගේ හිටපු එකකුස් ඔත් මලයා තරහ වුණා. සහෝදරකං නැතිවුණා.

දැන් මලයා තරහම තරහයි. කතා බහක් නෑ.

මේකා තරහ වුණු එක මගේ දකුණු අත කැඩුණා වගේ නිසා මාත් දන්න තරමින් උත්සාහ ගත්තා බේරුමක් කර ගන්න.

කොහෙද මේකා යමක් හිතුවොත් හිතුවාමයි. පුදුම ගල් හිතක් මූට තියෙන්නෙ. ආයෙ වෙනස් කිරිලි බොරු. තරහ නම් තරහයි. එච්චරයි.

ලෝකයේ අබිබවා යන්න අමාරුම ප්‍රාකාර තියෙන්නෙ මිනිස් හිත ඇතුළෙ කියලා බණටත් කියනවානෙ පින්වතුනි…

මේ කොටස නම් ලිව්වෙ දැඩි හිත් අමාරුවකින් තමයි. මක් කරන්නයැ?

අපටත් රිදෙනවා තමයි යකූ!

මීට පස්සෙ නම් මට අදාළ නැති අනුන්ගෙ මඟුල් වලට හොට දාන්න යන්නෙ නෑ නෑ මයි. මං දැන් පාඩමක් ඉගෙන ගෙනයි ඉන්නෙ.

 

(දහසය වැනි කොටසට…)

Posted in Non classé | 3 Comments

දහහතර (14) කොටස : බෛයෝ හා සිවුරු-හොරු

සම්මා සම්බුද්ද උප්පත්තියෙන් වසර 2600 පමණ ගතවූ තැන්හි මුලු මහත් ආගංගොඩ ගම්මානයම බෛ වසංගතයකට මැදි විය. (මේ සිරිසේන ගිරාම සේවක මහත්තයා රස්සාවෙන් අස්වෙන්න කලින් හිටං! එයා ඒ කාලෙ ගැමි දරුවන්ට සෞක්කියාරක්සිතව ත්‍රිපෝෂ බෙදමින් තමයි හිටියෙ.)

‘බෛයෝ’ (විද්යාත්මක නාමය : Baio selènika) කියල කිව්වෙ පුංචි කෘමින් විශේෂයකට.

ඊට ඉස්සර කිසිම කෙනෙක් ඒ විදියෙ අමුතු ජාතියෙ විච්චූරන කෘමින් පිරිසක් දැකලා තිබුනෙම නෑ.

වරදවා තේරුම් ගන්න එපා, ආගංගොඩ ගම්මානය කියන්නෙ මැසි මදුරුවන් ගෙන් විනිර්මුක්ත සදෙව් ලෝකයේ මායිමේ තියෙන එකක් හෙම නෙවෙයි. අලි කොටි නොහිටියාට අඳුන් දිවියාගේ සිට වල් බල්ලා දක්වාත්, කබරගොයාගේ සිට ඇනෝපිලිස් මදුරුවා දක්වාත් සතුන් රාසියකට ආගංගොඩ අභය භූමියක් වුනා. හැබැයි මේ එක සත්තු ජාතියක් වත් අඟහරු ලෝකෙන් ආපු එවුන් හෙම නෙවෙයි. සාමාන්යයෙන් මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම දිග්බාගෙම හොයා ගන්න පුලුවන් එවුන්.

ඔය බෛයෝ කියන සත්තු ජාතිය නම් අඟහරු ලෝකෙන්ම ගෙනාවා වගේ අමුතු සත්තු ජාතියක්. මේ ලංකාවෙ වෙන කොහේවත් ඔයවගේ විච්චූරන සත්තු වර්ගයක් හිටියෙ නෑ. ආගංගොඩ ගමේ පමනමයි උන් හිටියෙ.

රතුපාට බෛයෝ

කොලපාට බෛයෝ

තැඹිලිපාට බෛයෝ

දම්පාට බෛයෝ

කොටින්ම ඒ කාලෙ මේ බෛයෝ ගැන විසේස පරීක්සනයකට කැලනිය විස්ස විද්යාලයේ සත්ව විද්යා අංසයෙනුත් පර්යේසන කන්ඩායමක් ආවාය කියමුකො ආගංගොඩට. අනේ, ඔවුන් හොයා ගත්තු මගුලකුත් නෑ.

මිනිස්සු නම් කතාවට කිව්වෙ මේක නාථ දෙවියො කෝප වෙලා කරපු විනාසයක් කියලයි. මේ ගැන අයි. ටී. එන්. එකේ ‘දොරමඬලාව’ වැඩ සටහනේ විගද්ද මන්ඩලයක් විසින් විශේෂ කතිකාවකුත් කෙරුනා.

“දැන් බලන්න හසන්ත, ලංකාවෙ බොහෝ පිරිසක් බෛයන් ගැන දන්නවා. නමුත් අපි නොසිතන දෙයක් තිබෙනවා. එනම් ආසියානු කලාපයේ ම වැඩිපුර බෛයන් ගැන කතා කරන්නෙ ලංකාවෙ. ඇයි එහෙම වෙන්නෙ? ඒකට හේතුව දීප්ති. අද ඔයා මගෙන් බෛයන් ගැන අහන්නෙත්, මම අද බෛයන් පිළිබඳව කතා කරන්නෙත් දීප්ති නිසා. ඒ නිසා මම යළිත් කියනවා දීප්ති මඟහැරලා බෛයන් පිළිබඳව කතා කරන්න බැරි බව…”

ඔන්න ඔහොමයි බෛයන් ගැන විගද්දයන්ගේ කතා.

බෛයෝ කිසිම සතෙක් බෝ නොවෙන වේගෙකින් බෝවුනා. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට මෙන්න සිය, දාස්, දස දාස් ගානින් බෛයෝ බෝ වෙලා. ඒ වගේම තමයි මුන් නොගිය නොහිටපු තැනක් නෑ.  

දවසක් ලලක්කා කස්ටමර් කෙනෙක් ඉස්සරහ සාය උස්සනකොට මුං ලලක්කයෙ අහවල් එකෙත් කොලනියක් හදලා කියලා කතාවක් ගියා.

ආගංගොඩ ගමේ ගෑනු මිදුලෙ වී වේලන එක නතර කලා බෛයන්ගෙන් බේරෙන්න බැරුව. උන් මිලියන ගණනින් පියාඹන්න ගත්තාම පොළොවට අව් කළඹක් වැටෙන්නෙ නෑ. ඉතින් වේලපියව්කො වී!

  • ආකාසෙන් යන්නා වූ – නෙක් බෛයන්ගේ

  • සේවනැල්ලෙනි හිරු – රශ්මිය භංගේ….

අන්න එහෙම තමයි බෛයෝ. මිලියන ගනනින් පොදු අරමුනක් වෙනුවෙන් ඒකරාසී වුනා.

අර කැලනිය විස්ස විද්යාලයේ පර්යේසක කන්ඩායම පින්තූර අරන් ඉරි ගහලා, කොටු ඇඳලා ගනන් කරලා එක එක තැන් වල ඒකරාසී වෙච්චි බෛයෝ ගනන හෙව්වා.

“ගීතා මැඩම්, මං හිතන්නෙ මේ වර්ග මීටරේ ඇතුලෙ බෛයෝ ලක්ෂ දෙකක් වත් ඇති!”

“මොන ලස්ස දෙකක්ද උදය මහත්තයෝ, මෙතැන කෝටි දෙකක් වත් බෛයෝ ඉන්නවා.”  

පරියේසන කන්ඩායමේ නෝනාවරු මහත්වරු කතා කලා.

ඇත්තටම මේ බෛයෝ නිසා ගමේ මිනිස්සුලාට පුදුම කරදරයක් තමයි උනේ.

ඔන්න දවසක් බ්‍රදර් බර්නාඩ් පාරේ යනකොට බෛයෝ රංචු පිටින් ඇවිල්ල දෙබරු අනින්නහේ බ්‍රදර් බර්නාඩ්ට අනින්න පටන් ගත්තා කියමුකෝ. බ්‍රදර් බර්නාඩ් මොලේ කල්පනා කරලා එක පාරටම ලෝගුව ගලවලා දාලා වතුර වලකට පැනලා බේරුනා. බෛ සේනාව දවස් තුනක් තිස්සේ අර බ්‍රදර් බර්නාඩ් ගලවලා වීසි කරපු ලෝගුවට ඇන්නාලු.

ඔය විදිහට බෛයෝ බෝ වෙලා ටික කාලෙකට පස්සෙ තැඹිලි පාට කුරුල්ලෝ රංචු පිටිනුත් ආගංගොඩ ගම්මානය ඉහළින් පියාඹන්න පටන් ගත්තා. අර සිවුරු-හොරු කියන්නෙ – අන්න එවුං.

“ඔන්න හොඳ ලකුනක්..!”

අර කැලනිය විස්ව විද්යාලෙ පරියේසන කන්ඩායම කිවා.

“පරිසර පද්දතියක සමතුලිතතාවය බිඳුනම පද්දතිය විසින්ම ඒක ආපහු යතා තත්වයට ගේනවා. ඔය සිවුරු හොරු ඇවිල්ල ඉන්නෙ බෛයෝ කන්න. දැන් ඔය බෛ වසංගතය ඉවර වේවි.”

මොන? සිවුරු-හොරු ආවයින් පස්සෙ බෛයෝ තවත් වැඩිවෙලා වගෙයි පෙනුනේ…

ජීව විද්යාව කියන්නෙ පට්ටපල් බොරු මහත්තයෝ!

 

(පහලොස්වැනි කොටසට…)

Posted in Non classé | 16 Comments