විසි තුන (23) කොටස : සමන්තභද්‍රට මොකද වුණේ? පරීක්ෂණ ඇරැඹේ.

ආගංගොඩ ගම ගැන ලියැවෙන මේ කතාව අපේ ගරු කටයුතු පාඨක මහත්වරුන් කීදෙකෙන් දිගින් දිගට කියවනවද කියලා ඒක ලියන, ලියන මහත්තයා වන මට කිසිම අවබෝධයක් නෑ. මගේ ඒ ගැන තැකීමකුත් නෑ. මේක අර හැට ගණන් වල පටන් අරගෙන තවමත් ඇදෙන මුවන්පැලැස්ස වගේ කතාවක්. හරි නම් මේ වෙනකොට කදිරාගෙ මුනුබුරන්ටත් මුනුබුරෝ ඉන්න ඕනැ නෙවැ. හැබැයි තාමත් කෝරළේ මහත්තැන් මුවන්පැලැස්ස ආණ්ඩු කොරනවා.

ඒ වගේම තමයි අපේ සිරිසේන හිටපු ගිරාමසේවකතුමාත්. කෝරළේ මහත්තැන්ගේ නස්ටාවසේසයක් වුණු ගිරාමසේවක නිළයත් දමලා ගහලා ඇවිත් ලියන්න පටන් ගත්තු පොත තාම ලියනවා.

ඒකා පොත ලියන්න පරක්කු වෙනකොට මගේ කතාව ලියන්නත් පරක්කු වෙනවා. දැන් නම් තවත් කල්දාලා බැරි තැනට ඇවිත් තියෙන්නේ.

අද කතාව : සමන්තබද්‍ර රහතන් වහන්සේගේ අතුරුදහන් වීම.

ඔහේලට මතකයි නේද ඉස්සරින් දවසක සමන්තභද්‍ර රහතන් වහන්සේ දෙමළ කොල්ලෙකුටයි මුස්ලිම් කෙල්ලෙකුටයි උදව් කරන්න එර්දියෙන් වැඩලා, වැරදිලා මහින්ද මහත්තයාගෙ කටවුට් එකක හැපිලා අතීතයට ගිය අපූර්ව ආකාරය?

මට ඔහේලට කියන්න බැරිවුනේ එදායින් පසුව ඇති වෙච්චි සිද්ධි දාමයයි.

ඔය කියන කාලේ වෙනකොට අර ඉරාජ්ද මොකාද කියන ගායකයා සමන්තභද්‍ර රහතන් වහන්සේ යොදාගෙන වීඩියෝ කැසට් එකක් හෙම කොරලා තිබුණෙ නෑ තමයි. ඒත් රහතන් වහන්සේ නමක් කියන්නෙ සෑහෙන ප්‍රසිද්ධ චරිතයක්නෙ. ඒ වගේ ප්‍රසිද්ධ චරිතයක් එක සැරේ අතුරුදහන් වුණාම කතන්දර හැදෙන එක ස්වාභාවිකයි. ඔය කතාව මං කියනවාට වඩා හොඳින් පත්තර තමයි කිව්වෙ.

උන් වහන්සේ නැතිවුණු දාට පසුවදා හෙඩ් ලයින්ස්.

ලංකාදීප: සමන්තභද්‍ර හිමි අතුරුදහන්.

මව්බිම: සමන්තභද්‍ර හෝටලයේ නෑ. කොහේ ගියාද මං දන්නෙත් නෑ, සුජාතාව කියයි.

දිවයින: සමන්තබද්‍ර නෑ. ජංගමයත් ක්‍රියා විරහිත කරලා

ඔය කතා ටික පහුවදා ඔහොමම යටට ගියා කාරණා දෙකක් නිසා.

එකක් වෙන ලියන්න දෙයක් කවුරුත් දැනගෙන හිටියෙත් නෑ. අඩුම ගණනේ “නැවත හිස ඔසවන කොටි සංවිධානය සමන්තභද්‍රහිමි පැහැර ගනිති” කියලා හෙඩිමකුත් දාගෙනම ඉස්ටෝරිය ලියන්න පටන් ගත්තු කීර්ති වර්ණකුලසූරියටවත් බැරිවුණා තමන්ගේ කතාව තහවුරු කරන්න එකම සාධකයක් වත් හොයා ගන්න. ඊට පස්සෙ වර්ණකුලසූරිය ඒ කටයුත්ත අත ඇරලා චූ කරලා, ජිනීවා ගියා.

දෙවැනි කාරණාව තමයි ඊට පහුවෙනිදාම නිල්වලා ගඟේ කිඹුලිගෙ පැටියා කවුදෝ පැටික්කියෙක්ව කාලා මිනිස්සු කිඹුලා මරලා මූණු පොතේ මාර දාර්ශනික සංවාදයක් ආරම්භ වුණා කිඹුලිගෙ පැටියා මැරීම සාධාරණද නැද්ද කියලා. ඉතින් සමන්තභද්‍ර කාටත් අමතක වුණා. කොටින්ම කිඹුලිගෙ පැටියා සමන්තභද්‍ර හිමි ගිල්ලා.

මේ කතාව සම්පූර්ණයෙන්ම යට යන්න තිබුණා සති අන්ත රාවය මේක නැවත ඇදළා නොගත්තා නම්.

ඔන්න රාවයේ හෙඩ් ලයින්ස්.

සමන්තභද්‍ර හිමි අතුරුදහන් කළේ ප්‍රගීත් අතුරුදහන් කළ ගෝඨාගේ පිරිසමද?

කරුමෙට මේක පළවෙච්චි දවස ඝෝඨාභය රාජපස්ස සෑර් ඇඳේ වැරදි පැත්තෙන් නැගිටපු දවසක්.

දවසේ පැය විසි හතරෙම භාරදූර රාජකාරි ඔළුවෙ තියාගෙන හිටපු නිසාද මන්දා ඝෝඨාභය සෑර්ට ලිංගික හැඟීම් පහළ වුණේ අවුරුද්දේ එකම එක දවසක වගේ ඉතාම කලාතුරෙකින් විතරයි. හැබැයි එහෙම පහළ වෙන දවසට ඔහුට ඕනැ වුණා පූර්ණ තෘප්තියක්. රාවය එළියට ආපු දවසට ඉස්සරින්දා ඒ වගේ කලාතුරෙකින් පහළ වෙච්චි දවසක්. නෙළුම් කුළුණ තරම් උසට බලාපොරොත්තු හිතේ තියාගෙන ඝෝඨාභය සෑර් ගෙදර ආවා බිරිඳත් සමඟ රෝමෑන්ටික් කැන්ඩ්ල්ලයිට් ඩිනර් එකක් හෙම විඳලා සරාගී රමණයක් සඳහා සයනයට පිය මනින්න.

ඔක්කෝම දේවල් ලෑස්ති කරන්න කියලා ආමි එකට උපදෙස් හෙම දීලයි තිබුණෙ. අනේ ඇස් වහක් කටවහක් නෑ ඒ ටික නම් කෙරිලා තිබුණා අපූරුවට. ආමි එක යමක් කළොත් එහෙමයි. තිතට වැඩ. වර්ග කීපයකින්ම ඩියුරෙක්ස් කොන්ඩෝම් හෙමත් ඇඳ ගාවටම සූදානම් කොරළා තිබ්බා කියලා තමයි කොල්ලො කිව්වෙ.

හැබැයි ඝෝඨාභය සෑර් ගෙදර ආවාම තමයි දැන ගත්තේ මිසිස් රාජපස්ස සිරන්ති අක්කාගේ කාල්ටන් ළදරු පාසලේ උත්සවයකට සහභාගි වීම පිණිස කියන්නෙවත් නැතුව හම්බන්තොට ගිහිල්ලා කියලා.

ඊට පස්සෙ සිද්ධ වෙච්චි දේවල් නම් ඛේදනීයයි පින්වතුනි. ඝෝඨා සෑර්ට කොයිතරම් තරහ ගියාද කිව්වොත් කැන්ඩ්ල්ලයිට් ඩිනර් මේසෙ පොරවක් අරගෙන දෙකට පැළුවා කියලයි කොල්ලො කිව්වෙ. තවත් එව්වො කිව්වා ආමි එකේ හයි රෑන්කිං ඔෆිසර්ලා කීප දෙනක් අධෝ මාර්ගයේ කැන්ඩල් (ඉටිපන්දම්) ඇතුව ඇඹැරි ඇඹැරි ගෙදර ගියා කියලත්. එකෙක් කිව්වලු ඒක හොඳයි කියලා අර මිනීමෝරුන්ට ආහාර වෙනවට වඩා කියලත්. අනේ ඕවා ඇත්තද නැද්ද මං දන්නෙ නෑ.

රාවයේ ඔය හෙඩ් ලයින් එක ගියේ පහුවෙනිදා උදේ.

තමත් මළ පැණලා හිටපු ඝෝඨා සෑර් වහාම බුද්දි අංශ කැඳවලා සිද්ධිය ගැන පුර්ණ වාර්තාවක් ලබා දෙන්න නියෝග කළා.

වහාම! වහාම! වහාම කියන්නෙ පකෝ වහාම!

බුද්දි අංසෙ ලොක්කො කාමරෙන් එළියට ගියේ කලිසං තෙත් කරගෙන කියලයි කොල්ලො කිව්වෙ. නෑ නෑ, චූ ගිහිල්ලා නෙවෙයි කක්කා ගිහිල්ලා.

අපේ බුද්දි අංසෙත් ඔහොම හිටියට කොරන්න බැරි මඟුලක් නෑ. අර වලහා ලවා පාපොච්චරණය කොරාපු රුසියානු ඔත්තු සේවා නිලධාරීන් වගේ තමයි. සමන්තභද්‍ර රහතන් වහන්සේ එර්දියෙන් ගියේ කාටවත්ම නොකියා වුණාට පැයක් ඇතුළත බුද්දි අංස හොයා ගත්තා උන් වහන්සේ ආගංගොඩ කියන ගම දක්වා ගමන් කොරළා තියෙනවා එතැනින් පස්සෙ තමයි මොකුත්ම ආරංචියක් නැත්තෙ කියලා.

ඊට පස්සෙ තමයි ආගංගොඩ කියන පුංචි ගමට බුද්දිඅංසෙ පූර්ණ අවධානය යොමුවුණේ.

හැබැයි බුද්දි අංසෙ වුණත් ආගංගොඩ ගැන ලොකුවට දෙයක් දැන හිටියේ නෑ. මේ ගමේ නම සඳහන් වෙච්චි එකෝම එක ෆයිල් එකයි බුද්දි අංස සතුව තිබුණේ.

ඒ ආගංගොඩ ගමේ ඉන්න මොහමඩ් නසීර් සර් කියන පුද්ගලයා ගැන. මතකයි නේද උන්නැහේව? මතක නැත්නම් ඔහු ගැන කලින් ලියපු පෝස්ට් එක මෙතැනින් කියවලාම එන්ඩකෝ.

ඝෝඨා සෑර් එදා ලන්ච් එක ගත්තේ මොහමඩ් නසීර් සර් ගැන තිබුණු ෆයිල් එක කියවන ගමන්මයි කියලා තමයි කොල්ලො කිව්වෙ.

(විසි හතර වැනි කොටසට…)

Advertisements
This entry was posted in Non classé. Bookmark the permalink.

3 Responses to විසි තුන (23) කොටස : සමන්තභද්‍රට මොකද වුණේ? පරීක්ෂණ ඇරැඹේ.

  1. The Analyst says:

    මේක නිකං පැරඩි ෆිල්ම් එකක් වගේනේ 🙂 ඔහොම යං

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s