ආගංගොඩ ගමේ කතාව අතර මඟ ඇණහිටලාය කියලා පහුගිය ටිකේ තැන තැන කතා නොවුනාම නෙවෙයි. එක වේසිගෙ පුතෙක්, සමාවෙන්න ගරු පාඨක මහත්මයෙක් ප්‍රස්නයක් මතු කොරාල තිබුණා දෙමළ කොල්ලා ස්වයං වින්දනයට පත් කොරාලද කතාව කූඨ ප්‍රාප්තියට ගේන්නෙ කියාලා. උගෙ අම්මට හැමිනෙන්න බැල්ලිගෙ පුතෝ – නැණවත් පාඨකයාණෙනි, එවැනි සරල ආරම්භයක් පවා කුඨප්රාප්තියක් සේ දකින්නට තරම් තෝ නෂ්ඨකාමෙන් පෙළෙන එකෙක්ද උට්ටෝ? ඔබගේ ලිංගික ආශාව ප්‍රහීන වී ඇත්තේද? කල් නොයවාම වශී ගුරුකම් විශේෂඥ කොටියාකුඹුරේ පට්ටේසි මෑණියන්ගෙන් දිනයක් දිනයක් වෙන්කොට ගෙන එතුමිය හමුවන්න. නෂ්ඨකාම ප්‍රතිකාර සඳහා විශේෂයි. දුරකථනය එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හත. ඊ-මේල් පට්ටේසි ඇට් කොටියාකුඹුර ඩොට් කොම්. ස්කයිප් වලින් හමුවීම සඳහා ඊ-මේල් වලින් වෙලාවක් වෙන් කර ගන්න.
ඒ වෙළඳ දැන්වීම මුදල් ගෙවා පළ කළ එකක් බව කරුණාවෙන් සලකන්න.
හැබැයි ඉතින් අනෙක් අතට ලියන මහත්තයා වන මටත් යම් වගකීමක් තියෙනවා මේක කියවන වේසිගෙ පුත්තුන්ට සමාවෙන්න ගරු පාඨක මහත්තුරුන්ට – අරකි ආශ්‍රය කරන්න පටන් ගත්තායින් පස්සෙ කටට එන්නෙම මේ වගේ වචන තමයි දැන් – පැහැදිළි කිරීමක් කරන්න මේ කතාව නතර වුණේ ඇයිද කියලා.
නැත. නැත. ඊට හේතුව මලයා තරහ වීම නොවේ. මලයට හුකාගන්න කියලා, සමාවෙන්න ඔහු කැමැති දෙයක් කොර ගන්න කියලා අතඇරලා දාලා දැන් ගොඩක් කල්. ඌටත් ඉතින් කනමදයා වගේ බොනවා මිසෙක වෙන දෙයක් කර ගන්න බැරි එකානෙ. ඔහේ හිටපුවාවේ. ඒ වගේ හිපාටුවෙක් නිසා සම්භාව්‍ය නවකතා නිමා වෙන්නෙ නෑ පින්වතුනි. එහෙම හිතන්න වත් එපා. එක කුස ඔත් මලයා තමයි, හැබැයි උගේ උද්දච්ච කමට දැන් අත ඇරලා දානවා ඇරෙන්න වෙන විලක්පයක්, සමාවෙන්න විකල්පයක් නැහැ.
කතාව නතර වෙන්න, හෝ නතර වුණා වගේ පේන්න හේතුවත් අපේ සිරිසේන ගිරාම සේවක මහත්තයාටම සම්බන්ධයි.
සිරිසේන ගිරාමසේවක තුමා ලොකුවට පොතක් කාරිය හෙම අරගෙන කතාවක් ලියන්න පටන් ගත්තාට ඒකෙ දැවැන්ත අබියෝගය තේරුණේ පසුවයි. දන්නවා නම් ඒ මනුස්සයා ඕක ලියන්න පටන් ගන්නෙත් නෑ. පොත් ලියනවා කියන්නෙ ලේසි පාසු කාරියන් නෙවෙයි.
ගිරාමසේවකකමම කොරාන ඔහේ හිටියා නම් කොයි තරම් හොඳයිද සිරිසේන මහත්තයාට නොයෙක් වර කල්පනාවට ඇවිල්ලා තිබුණා. හැබැයි ඉතින් ගිය නුවණ ඇතුන් ලවා වත් අද්ද වන්න බැහැයි කියනව නෙවැ ළමයෝ. රජයේ රස්සාවක් දාලා අවා නම් දලා ආවාම තමයි. ආපහු යෑමක් නෑ එතැනට ළමයෝ.
මන්ද නාව කාරණාව යන්ඩ අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ.
ඔය අපේ සිරිසේන ගිරාමසේවකතුමා නිතර මතුරපු පැරැණි රසාංගයක්. එතුමාගේ ප්‍රියතම ගායිකාවක් වෙලා තිබුණෙ නන්දා මාලිනී මෙනවිය.
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ…
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා…
දිළිසෙන කඳුළේ කිරණින් නෑවී – සිඟිති ආදර දූපතක තනිවී…
ගංඟාවක් සේ – ගලා බසිනු මැන – නිරන්තරේ සිනා සිසී…
මේ සිරිසේන මහත්තයා ජයන්ති මැණිකේ එක්ක ඉස් ඉස්සෙල්ලා යාළු වෙච්චි කාලේම ආපු පිචැර් එකක තිබුණු සින්දුවක්. ඒක සිරාගෙ බොක්කටම වැදිලයි තිබුණෙ. පව් අනේ සිරා.
හැබැයි ඉතින් මෙහෙම සින්දු කියන්න ගියොත් අපට කතාව අහන්න වෙන්නෙ නෑ. අසන්නන්ගේ ඉල්ලීම් වලට අපි පසුව කන්දෙමු. මේ ඔබේ නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස්.
සිරිසේන මහත්තයා ලියන එක නතර කළේ කම්මැලි කමට වත් බැරි කමට වත් නෙවෙයි ළමයෝ.
එක දවසක් රෑ හීනෙන් සුදු ඇඳගත්තු රතුපාට ටයි පොල්ලක් දාගත්තු මනුස්සයෙක් ඇවිල්ලා සිරිසේන මහත්තයාට මෙහෙම කියලා තිබුණා.
“තෝ මේ කතාව මෙතැනින් මත්තට ලිව්වොතින් හේම තොගෙ බොකු බඩවැල් ඉරාගෙන කනවා කනවාමයි.”
මේ කියාපු මනුස්සයගෙ හැඩහුරුකම් ගැන සිරිසේන ගිරාමසේවකතුමාට සහතිකේටම කියන්න බෑ තමයි. ඔය හීන කියන එව්වත් හරියටම මතක තියෙන දේවල් නෙවෙයිනෙ. හැබැයි සිරාට එකක් මතක තිබුණා. ඒ කියාපු මනුස්සයගෙ මුහුණුවර නිකම් අපේ ඝෝඨාභය රාජපස්ස මහත්තයගෙ වගේ වගේ කියන එක.
ඝෝඨාභය රාජපස්ස මහත්තයගෙ මූණ!
සෙල්ලම් නෑ.
උදේ නැඟිටින කොට සිරාගෙ ඇඳ තෙත් වෙලයි තිබුණෙ, ඕං. චුරු චුරු ගගා ඇඳෙන් පල්ලෙහාට ළා කහ පැහැයට හුරු දියරයක් වෑස්සෙමින් තිබුණා.
මේ සිද්ධියෙන් පස්සෙ ඔහුට දවස් තුනක් සහලෝලා උණ ගත්තා මහත්වරුනි. ලේසි නෑ. කට්ටඩි මහත්තේක් ගෙනැල්ලා දෙහි ගෙඩියක් මතුරලා හෙම තමයි උණ බස්සා ගත්තෙ.
ඉතින් සිරිසේන ගිරාමසේවකතුමා කල්පනා කොළා කතාව ලියන එක නතර කොරළා දාන්න. සමාවන්න. කතාව නෙවෙයි. එයා ලියන්න පටන් ගත්තෙ කතාවක් නෙවෙයි ගම ගැන පොතක්නෙ. අන්න ඒක නතර කොරළාම දාන්න.
අන්න ඒ හින්දයි ඔබ තමුන්නාසේලාට මාස කිහිපයක් තිස්සේ මේ කතාව කියවන්න බැරි වුනේ. නැතුව අර හිපාටුවා තරහ වෙච්චි හන්දා නෙවෙයි. උගෙ අම්මට හැමිනෙන්න. (සමාවෙන්න සමාවෙන්න මහත්වරුනි, ඌ එක කුස ඔත් මලයා බව අමතක වුණා!)
දැන් එතකොට ආයෙත් කතාව පටන් ගන්නෙ මක් නිසාද යත්…
අර සුදු ඇඳ ගත්තු රතු ටයි පොල්ල දා ගත්තු එකා මොකා වුණත් ආයෙත් සිරිසේන මහත්තයාගෙ හීනෙකට ඇතුළු වෙලා මෙහෙම කියලා තිබුණා.
“ඇයි පරයෝ තෝ කතාව ලියන එක නතර කොළේ? ආපහු පටන් ගනින්. හැබැයි මාවත් චරිතයක් කොරපන් ඒකෙ. එහෙම නොකළොත් හෙම තෝ ආයෙ මං නරක මිනිහය කියන්න එපා…”
අනේ එදත් උදේ සිරිසේන මහත්තයාගෙ ඇඳෙන් කහ පාට දියරයක් වෑස්සෙමින් තිබුණා. හැබැයි මේ සැරේ උණ ගත්තේ නම් නෑ.
ඉතින් සිරිසේන මහත්තයා දුර දිග කල්පනා කොරලා තීරණය කොළා ආපහු කතාව නතර වෙච්චි තැන ඉඳලා පටන් ගන්ඩ…
(විසි තුන් වැනි කොටසට…)
රතු ටයි හාදයා ට්‍රම්පච්චි වෙන්න බැරිද ?
LikeLike
නැහැ නැහැ වෙන්ට ට්‍රම්පච්චි
LikeLike
මොනා වුනත් එක පතේ කාපු මලයට ඔහොම කතා කරන එක හරි මදි මහත්තයෝ ( ඕකා මටත් ඉස්සර ඉඳන්ම දිරවන්නේ නෑ – ඒ වුනත් ඉතින්…… )
ඒක එහෙම වුනත් කතාව නැවතත් පටන් ගත්ත එකට නම් මම පට්ට ලයික්ය (අර ටයි කාරයටත් ලයික් වී ගෙන එන්නේ )
බයි ද වේ අර පට්ටේසි මෑණියන්ගේ වශි ගුරුකම් නිර්ද්ශ කළ පොරට ( මගේ ගජයාට) ඊ හිසක් මඟින් මේ පෝස්ට් එක ගැන දැන්වීම්
LikeLike