මේක කියවන වේසිගෙ පුතෙක්...සමාවන්න පාඨක මහත්මයෙක් අහලා එවලා තිබුණා දැන් හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයාට මොකද වෙලා තියෙන්නෙ කියලා.
ඇයි මහත්වරුනි, ඔය ඉන්නෙ සිරිසේනයා වැල ගෙම්බා වගේ අතේ ගගහා, ගංජා උර උර, පත්තරේ කියව කියවා, ගොන් කතා කිය කියා මෙලෝ මළ දානයක් නොකර. ඕකා කතා කරන්න ගියාම නම් දාහක් ලොරි ටෝක් දෙනවා තමයි. ඒත් වීල් එකක් වත් නෑ කරපු හරිය. ඔන්න ඕකා අමතක කරමු.
දැන් අපි කාලය මනින්නේ මලයා තරහ වූ දිනේ පටන්. මලයා තරහ වෙලා දැන් මාසයක් වෙනවා.
අද කතාව දොන් ඩේවිඩ් හේවාවිතාරණ නාමධාරී අනගාරික ධර්මපාලතුමා ආගංගොඩට සැපත් වීම.
මේක වුණේ දහනවවන සියවසේ අවසාන කාලෙදි බවයි ගමේ පැරැන්නෝ කියන්නේ. ඒ කියන්නෙ ධර්මපාලතුමා මහා සටනක් දීලා බුද්ධගයාව මිථ්‍යාදෘෂ්ටික හින්දූන්ගෙන් බේර ගත්තායින් පසුව. හබැයි මේ වයසක පොරවල් ගේ මතකය ඒ තරම් ෂුවර් නැති නිසා කාලය අවුරුදු කිහිපයක් එහා මෙහා වෙන්න පුළුවන්.
ඒ කාලෙ ද වගේ ටෙලිවිසොන් ඉන්ටර්නෙට් හෙම නෑ. පත්තර ආවෙත් ගමටම දෙක තුනයි. එයින් එකක් ගමේ කඩේ අකුරු දන්න මනුස්සයෙක් අනෙක් අයටත් ඇහෙන්න කියැව්වා. ඒකෙ තමයි තිබුණෙ ධර්මපාලතුමා මෙන්න මේ දවසෙ ආගංගොඩට සැපත් වෙනවා කියලා.
මතක නැති වුණා කියන්න, ඔය පත්තරේ කියැව්ව මනුස්පයා හිටපු ගිරාම සේවක සිරිසේන මහතාගේ සීයා. පියාගේ පියා. ඔය පත්තර කියැවීම වගේ උතුම් ගති සිරිත් සිරිසේන උන්නැහේ ඉගෙන ගත්තේ සිය සීයාගෙන්. අර අතේ ගැහිල්ලත් එහෙමයි. සීයා බඩවැටියකට මුවා වෙලා රිලව් ජෝඩුවක් හැමිනෙනවා බලාගෙන අතේ ගහන හැටි හොරෙන් දැකලා තමයි සිරිසේන මහත්තයා ඕකට හුරුවුණේ. ඕවා පුරාණේ පටන් එන ගැමි ගති සිරිත්.
ඒ කාලෙ ආගංගොඩ කොයිතරම් දුෂ්කර ඈත ගම්මානයක්ද කියතොත් අනගාරික ධර්මපාලතුමා කියන්නෙ කවුද කියලා පන්සලේ හාමුදුරුවෝ ඇරෙන්න කවුරුත් හරියටම දැනගෙන හිටියෙ නෑ. ධර්මපාලතුමා ලොක්කෙක් කියලා තමයි හැමෝම දැනගෙන හිටියෙ. මොන විදියෙ ලොක්කෙක්ද දන්නෙ නෑ.
ලොක්කෙක්!
ආගංගොඩට හැම ලොක්කාම එකයි!
මොන ලොක්කෙක් එනවා වුණත් තොරණ බැඳලා හේවිසි ගහලා බුලත් හුරුළු දීලා වැඳලා පිළි අරන් ලොක්කාගෙ කතාවකට ඇහුන්කන් දීලා අප්පුඩි ගහලා, ලොක්කා ගම්මුලෑදෑනි මහත්තයාගේ ගෙදර සප්පායම් වෙන අතරේ එදාට විතරක් තහංචියක් නැතුව පෙරා බෙදන ලද හොර අරක්කු වීදුරුවක් ගුඩුස් ගාලා බීලා ගෙදර ගිහිල්ලා පොල් ගහකට චූ කරලා බුදිය ගන්න එක තමයි කවුරුත් කොළේ.
මහ ඒජන්ත හාංදුරුවෝ ආවත් එච්චරයි.
අනගාරික ධර්මපාලතුමා සම්බන්ධයෙන් විතරක් විශේෂයක් වුණේ නෑ.
පන්සලේ තමයි පිළි ගැනීමේ උත්සවය සංවිධානය වුණේ. (කිව්වට මහ ලොකු පන්සලක් තිබුණේ නෑ , ඒ කාලේ.) මහ ජනතාවකට රැස් වෙන්න පන්සල් බිම ඉඩ මදි නිසා කඩමණ්ඩියේ අඹ ගහ යට තමයි රැස්වීම සංවිධානය කොල්ලා තිබුණේ. මේ ඔක්කෝම කොළේ සිංහල බෞද්ධ ජනතාව.
හැබැයි, ඇස්වහක් කටවහක් නෑ, අනෙක් සුලු සුලු වැඩ වලට ගමේ සියළුම දෙනාගෙ සහයෝගය නො අඩුව ලැබුණා. කොටින්ම දන්න ශිල්ප ඔක්කෝම දාලා ගොක්කොළ තොරණ ගැහුවෙ දෙමළ මිනිස්සු. ඒකෙ උඩින්ම ලියන්න WELLCOME MR.DHARMAPALA කියලා ලියලා දුන්නෙ එහා ගමේ සැන් තෝමස් කොලීජියේ ඉගෙන ගන්න පීරිස් මහත්තයා. කොහොම කොහොම හරි මුන් අකුරුත් වරද්දලා WELLCOMF MPD. HARMAPLA කියලා තමයි ගහලා තිබුණෙ. නූගත් මිනිස්සුලානෙ.
ධර්මපාලතුමාගේ දිවා බෝජනය හෙම හොඳම හරක් මස් වලින් හෙම පිළියෙල කොල්ලා තිබුණෙ මුස්ලිම් මිනිස්සු. උස්සවේට ඉස්තරම්ම වයින් සැපැයුණේ කතෝලික පල්ලියෙන්. කවුදෝ කිව්වා ඒ ලොරැන්සෝද අල්මේදාගේම නැවෙන් ගෙනාපු පුරුතුගීසි වයින් බෝතල් කියලා. අනේමං දල්ලෑ ඕවා ඇත්තද බොරුද කියන්න.
මේ විස්තර මොකෝවත් අනගාරික ධර්මපාලතුමාට කියන්න ඕනැ කියලා කාටවත් හිතුනෙ නෑ. හැමදාම කටයුතු කෙරුණේ එහෙමයි. මහ ඒජන්ත උන්නාන්සෙ ආපු දවසෙත් ඔය විදියටම තමා කොළේ.
කොටින්ම ධර්මපාලතුමා හිතාගෙන හිටියයි කියන්නෙ මේ තනිකරම සිංහල බෞද්ධ ගම්මානයක් කියලා. මේකෙ හම්බයොයි දෙමලුයි, ක්‍රිස්තියානි මිත්යාදෘෂ්ටිකයොයි, කොච්චියොයි අරකයි මේකයි ඉන්න බව දන්නවා නම් උන්නැහේ ගමට අඩිය තියන එකක් වත් නෑ.
හැබැයි ඉතින් ඔය සර්වාගමික කතාව වෙනස් කරන්න බැහැනෙ. ඔය හැම එකාම හිටියනෙ ඒ කාලෙත් ආගංගොඩ.
ඔන්න නියමිත දවසෙ උදේ වරුවෙම අනගාරික ධර්මපාලතුමා ආවේ අර ‘සෝබන මාළිගාව’ කියලා හඳුන්නපු සෝබන රතේ. එකෙ දෙපැත්තෙ මෙහෙම ලියලා තිබුණා.
“ගෙරි මස් කන්නා වසලයා”
“රා බොන්නා උගුඩුවා”
මේවා අමාරුවෙන් කියවා තේරුම් ගත්තු මිනිස්සු මෙහෙම කතා වුණා.
මුස්ලිම් මිනිස්සු: “හොඳ වෙලාවට අපි හරක් මස් ඉව්වෙ. ගෙරි මස් හෙම ඉව්ව නම් උන්නැහේ හිතයි අපිත් වසලයො කියලා”
කතෝලික මිනිස්සු: “ඇත්ත තමයි රා බොන්නෙ උගුඩුවො. වැදගත් මිනිස්සු බොන්නෙ වයින්.”
පන්සලේ තිබුණු පිළිගැනීමේ උස්සවේදි රැස් වුණු යම් පිරිසක් තිසරණ ශිත පංචශීලය සමාදන් නොවෙන බව ධර්මපාලතුමා දුටුවා. ඒ දෙමළ, මුස්ලිම්, කතෝලික මිනිස්සු. නමුත් කවුරුත් ඔහුට ඒ ගැන කියලා තිබුණේ නැහැ. මේ කාරණේ මතුවුනේ ඊට පස්සෙ තිබුණු රැස්වීමේදි.
“මෙහෙවර ගොන් තඩියා” කියලා ධර්මපාලතුමා පැත්තක හිටපු මනුස්සෙයෙකුට කතා කළා. ඒ මුස්ලිම් මනුස්සයෙක්. ඊට පස්සෙ ඇති වෙච්චි කතා බහ මෙහෙමයි.
“උඹ පංචශීලය සමාදන් වුණාද?”
(මුස්ලිම් මනුස්සයා උඩ බිම බැලුවා.)
“ගොන් තඩියෝ, මං අහන්නෙ උඹෙන්…උඹ පංචශීලය සමාදන් වුණාද?”
“මම…? නෑ හාංදුරුවනේ…”
“උඹ පංචශීලය දන්නවද…?”
“නෑ හාංදුරුවනේ…”
“උඹට ළමයි කීදෙනාද…?”
(ළඟපාත ගෙවල් දෙකක පොඩි එවුන් තුන් දෙනෙකුත් උන්න නිසා පොඩියක් ඇඟිලි ගැනලයි මනුස්සය උත්තර දුන්නේ.)
“අටයි හාංදුරුවනේ…”
(මනුස්සයා හිතුවෙ ලොක්කා සහනාදාරයක් දෙන්න යනවා කියලා. සත්තකයි.)
“බොල ගොන් තඩියෝ, තෝ පංචශීලය සමාදන් වෙන්නෙත් නෑ. පංචශීලය දන්නෙත් නෑ. හනුමා දර පලන්නහෙ ඔහේ හැමිණි හැමිණි හිටපං එතකොට හරියයි තොටයි සිංහලබෞද්ධ ජාතියටයි…!”
(හනුමා දර පලන හැටි ඔහු දැනගෙන හිටියෙ නෑ. ඒ හන්ද ඔහු සූදානම් වුණේ ධර්මපාල හාංදුරුවන්ගෙන් ඒ ගැන අහන්න. හැබැයි ධර්මපාලතුමා ඊට ඉස්සර වුණා.)
“ථෝ දන්නවද හම්බයෝ?”
අන්න උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔහු එක පාරටම “ඔව්” කිව්වා.
“හම්බයින්ගෙන් ඉගෙන ගනින් ගොන් තඩියෝ. බලපන් උං කොච්චර තමන්ගෙ ආගම දහමට ලැදිද, කොච්චර උපායශීලීද, කොච්චර මහන්සි වෙලා වැඩ කරනවද, බලපල්ලා. උඹලා සිංහල ජාතිය ගොඩ නඟන්න ඕනෑ එහෙමයි.”
ඊට පස්සෙ ධර්මපාලතුමා දෙමලුන්ගෙයි හම්බයින්ගෙයි කතෝලිකයින්ගෙයි අනෙක් මෙකී නොකී මිත්‍යාදෘෂ්ටික විජාතිකයින්ගෙයි කණේ ඇඟිලි ගහ ගන්න කතාවක් කොලා කියමුකෝ.
“සිංහලයන්ට වූයේ මහා විපත්තියකි. 1818 කෝලාහලයේදී ජාති හිතෛශී සිංහලයෝ මරා දමන ලද්දේය. රටට ප්‍රේමයෙන් ක්‍රියා කරන්නට ශක්ති ඇති එකම සිංහලයෙක් හෝ ඉතුරු කළේ නැත. ඉතුරු කළේ කාලකණ්ණි ටික පමණි. භයින් ත්‍රස්ත වූ සිංහලයෝ පර සුද්දා කියන දේ කරන්ට පටන් ගත්තෝය. බාල පරම්පරාව විනාශ මුඛයට ගෙන ගියේ මිච්ඡා දිට්ඨික පාදිලිරාල්ලාය. මේ කොටස නා නා උපා යොදා බුද්ධාගම බාල පරම්පරාවේ අයගේ හිත්වලින් උදුරා දැම්මෝය. අඥාන දෙමව්පියෝ බුද්ධාගම නොදත් බැවින් ස්වකීය දරුවන් ආරක්ෂා කර ගැනීමට ඥානය නැත. පර පාදිලිරාල්ලාට ඕනෑ හැටියට ළමයි තැනීම කරති. සිංහල දෙමව්පියෝ දරුවන් උපදවා සුද්දාට පූජා කරති. මේ පෘථිවියේ සිංහලයන්ට සමාන අඥාන ජාතියක් නැත. සිංහලයා මෝඩයා කියන්නේ මේ නිසාය. නාටු කොච්චි, පරවර, හම්බ, පාර්සි, මරක්කල මනුෂ්‍යයන් ගැන කල්පනා කට යුතුයි. කලුහම ඇති මේ අය පරයින්ට වාල්කම් කරන්නේ නැත. පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව ඔවුහු ක්‍රියා කරති. පරයන්ට සාර් සාර් කියමින් සිංහලයා විතරක් දාසකම් කරන්ට යන්නේ මන්ද…?”
එතුමා දැන නොහිටි කාරණාව තමයි සභාවේ සිංහලබෞද්ධයින් හා හරි හරියට කතෝලිකයිනුත් හමබයිනුත් කොච්චියනිත් දෙමළුනුත් මිථ්‍යා දෘෂ්ටිකයිනුත් හිටි විත්තිය. ගෞරවය නිසාමදෝ කවුරුත් ඒ ගැන පෙන්නන්න ගියෙත් නෑ එතුමන්ට.
කොහොමහරි සභාවේ වැඩ කටයුතු අවසන් වෙනකොට අන්‍යාගමික අසිංහල බොහෝ දෙනාගෙ හිත් රිදිලයි තිබුණෙ.
මේ ලොක්කත් ලොක්කෙක්ද? ඊට කලින් ආපු ලොක්කො නම් මේ වගේ කතා කිව්වෙ නෑ. “උඹලාට කතා කොරන්ඩ ලැබීම මාට මහත් වූ භාග්‍යයකි…” කියලා වගේ කතා තමයි කිව්වෙ. මේ ලොක්කා පොල්ලෙන් ගැහුව වගෙ දුන්නෙ නැද්ද ඔලුවටම!
ඒ මදිවට හවස් ජාමෙ කතාවක් ගියා ධර්මපාලතුමා හරක් මස් හා වයින් තිබුණු නිසා හොඳටම කෝප වෙලා දිවා බෝජනයෙ පිඟන් කෝප්ප පෙරළලා මහ විනාසයක් කොරලා, සප්පායම් වෙන්නෙ වත් නැතුව, සංවිධායකයින්ටත් බීපු කිරි මතක් වෙන්න දොස් තියලා ගියේ කියලා. අනේ ඇත්තද නැත්තද මන්දා.
උස්සවේ සංවිධානය කොරාපු ගමේ පන්සලේ හාංදුරුවෝ නම් අන්‍යාගමිකයින්ගෙන් සමාව භාජනය කරන ලෙස ඉල්ලා සිටියා මේ කාරණා ගැන.
හැබැයි මේ සිද්දිය නිසා ඒ වනතෙක් ආගමික ගැටුම් කිසිවක් ලොකුවට නැතුව සාමකාමීව හිටපු ගම්මානයක් ගිනියම් වීම පටන් ගත්තා කිව්වොත් නිවැරදියි. ඒකෙ ප්‍රතිඵල පසුවට දැණුනා.
(විසි එක් වැනි කොටසට…)
හොඳ වෙලාවට අපි හරක් මස් ඉව්වෙ. ගෙරි මස් හෙම ඉව්ව නම් උන්නැහේ හිතයි අපිත් වසලයො කියලා”/////// ha ha ha
LikeLike
/*
මේ පෘථිවියේ සිංහලයන්ට සමාන අඥාන ජාතියක් නැත. සිංහලයා මෝඩයා කියන්නේ මේ නිසාය. නාටු කොච්චි, පරවර, හම්බ, පාර්සි, මරක්කල මනුෂ්‍යයන් ගැන කල්පනා කට යුතුයි. කලුහම ඇති මේ අය පරයින්ට වාල්කම් කරන්නේ නැත. පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව ඔවුහු ක්‍රියා කරති. පරයන්ට සාර් සාර් කියමින් සිංහලයා විතරක් දාසකම් කරන්ට යන්නේ මන්ද…?”
*/
පියදාස සිරිසේනගේ පොතක කෑල්ලක් නේද
LikeLike
/* ඒකෙ උඩින්ම ලියන්න WELLCOME MR.DHARMAPALA කියලා ලියලා දුන්නෙ එහා ගමේ සැන් තෝමස් කොලීජියේ ඉගෙන ගන්න පීරිස් මහත්තයා. */
සැන් තෝමස් පීරිස්ටත් අකුරු වැරදිලා නේ….!!!
ඩික්ෂනරියේ නම් තියෙන්නේ Welcome කියායි.
ඉතිං ගමේ මිනිස්සුන්ට වැරදෙන එක පුදුමයක් යැ?
LikeLike
රයිට් ඔන්න මඟහැරුන සීරීස් එකම කියෙව්ව.
LikeLike
Sindiyakatawath dala nathayi meka?
LikeLike