දැන් ඔහෙලට යම් අවබෝධයක් ඇති බැලූ බැල්මට ඉතාම සාමාන්‍යයි වගේ පෙණුනාට ආගංගොඩ කියන ගමේ හිටපු, ඉන්න චරිත කොයි තරම් ඇතුළතින් සංකීර්ණද කියලා.
මේ වගේ එක චරිතයක් තමයි බ්‍රදර් බර්නාඩ්. ඔහෙලට බ්‍රදර් බර්නාඩ් අමතක වෙන්න හැටියක් නෑ. සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයාට පසුව ඔහෙලා හඳුනා ගත්තු පලමු චරිතය තමයි බ්‍රදර් බර්නාඩ්. අර සිස්සත්තෙන් ආනන්දෙට ගිහින් බුද්දාගමට ‘ඩී’ එකක් ගත්තු කොලුවා.
බ්‍රදර් බර්නාඩ් නළුවෙක් වාගෙ කඩවසම්.
නළුවෙක් නෙවෙයි මොළයක්!
ගම්මු ඔහු ගැන කිව්වෙ එහෙමයි.
බොහෝ දෙනෙක් බ්‍රදර් බර්නාඩ් ගැන දැනගෙන හිටියෙ සම්පූර්ණ සුදු චරිතයක් හැටියට. කොටින්ම බ්‍රදර් බර්නාඩ් ඔහු නිතර අඳින ලෝගුවටත් වඩා සුදුයි කියල තමයි සමහරු හිතුවෙ.
හැබැයි ඒ සුදු ලෝගුව බැඳලා තිබුණෙ කළු පටියකින් කියලා කාටත් අමතක වුණා.
ලෝකයේ කොහෙද තනිකරම සුදු චරිත ඉන්න පුළුවන්? ආගංගොඩ කියන්නෙත් ස්වර්ගයේ වෙසෙන අපගේ දෙව් පියාණන් විසින් නිර්මාණය කරන ලද ඒ ලෝකයේම කොටසක් තමයි. බයිබලයේ එන සමහර චරිත (සර්පයාද ඇතුළුව) ආගංගොඩ ගම්මානයේද ජීවත් වුණා.
“එවිට ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය. “උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්. නමුත් උයන මැද තියෙන ගහේ පලතුරු කන්න අපිට බැහැ. ‘ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා’ කියා දෙවි අපිට පැවසුවා.” එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” ස්ත්‍රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණාය. එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය. එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී, තමන් නග්නව සිටින බව ඔවුහු දුටුවෝය. එබැවින් ඔවුහු අත්තික්කා කොළ එකට අමුණා තම නග්නභාවය වසාගත්තෝය.”
- උප්පත්ති කතාව, බයිබලය
බ්‍රදර් බර්නාඩ්ගේ ‘කළු’ (හෝ ‘අළු’) පාට පැත්ත ගොඩ නැඟෙන්න පටන් ගත්තෙ අපොස සාමාන්‍ය පෙළ කාලෙ විතර. උගුරු ඇටේ පැනලා, දැළි රැවුල ගහෙන් ගහ වගේ මතුවෙලා උඩු තොළ වහ ගන්න කාලෙ. අනේ ඇස් වහක් කටවහක් නෑ ඒ කාලෙට පොදු ප්‍රාථමික හා ද්ව්යීතික ලිංගික විපර්යාස සියල්ලක්ම බර්නාඩ් ශිෂ්‍යයා ප්‍රදර්ශනය කරමින් සිටියා. (මේ බුද්දාගමට ‘ඩී’ එකක් ගන්න ඉස්සර…!)
බර්නාඩ් ශිෂ්‍යයාගෙ සාමාන්‍ය පෙළ මිතුරන් අතර හිටියා සුදු, ලස්සන, පොහොසත් පවුලකින් පැවැත එතැයි සිටිය හැකි, චතුර ලෙස ඉංග්‍රීසි කතා කළ හැකි කොල්ලෙක්. කවර හෝ හේතුවකට ඔහු බර්නාඩ්ගේ හොඳම මිතුරෙක් වෙලා හිටියෙ ඒ වෙනකොට. මේ නිසා නිතර මේ සුදු කොල්ලා – ඩැරල්ගේ – ඩි සේරම් ප්ලේස් එකට කිට්ටුවෙන් තිබුණු ගෙදරට ආගිය කිහිප දෙනා අතරින් එක් අයකු වුනා බර්නාඩ් ශිෂ්‍යයාත්.
ඩැරල් පවුලේ එකම දරුවා. ඩැරල්ගෙ පියා ‘බිස්නස්කාරයෙක්’ කියලා විතරයි ඔහුගෙ ආනන්දෙ ඕ-ලෙවල් ගැන්සිය දැනගෙන හිටියෙ. මොන බිස්නස්ද කියලා අවබෝදයක් නෑ. සමහරවිට කුඩු බිස්නස් වෙන්නත් ඇති. කවුද දන්නෙ?
ඩැරල් “මමී” කියා ආමන්ත්‍රණය කල, ඔහු සමඟ ලොකු කතාබහක් නොතිබුණු තරුණ කාන්තාව ඇත්තටම ඔහුගෙ මව නොවන බව යාළුවො දැනගත්තෙ යම් කාලයකට පසුව. ඩැරල්ගෙ දෙමාපියන් දික්කසාද වී තියෙන්නේ ඔහු කුඩා කාලයේ. ඇය ඩැරල්ගෙ පියාගෙ දෙවන කසාදයේ භාර්යාව.
මං මේ කියන්නෙ නව යොවුනකුගෙ ජීවිතේ සියළුම සෙන්සර්ස් ඉතාම කුඩා සිග්නල් එකකට පවා සංවේදී වෙන කාලයක් පිළිබඳව.
සාමාන්‍යයෙන් ඩැරල්ගේ යාළුවන් කෙරෙහි ලොකු උනන්දුවක් නොදැක්වූ සිතාරා ආන්ටි තමන්ට සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකු කරුණාවක් දක්වන බව බර්නාඩ්ට හැඟී තිබුණේ යම් කාලයක සිටි. ඒත් ඇත්තටම එහෙමද, ඒක හුදෙක් සිතිවිල්ලක් පමණද කියන කාරණාව ඔහු දැන සිටියේ නෑ.
හැබැයි ඩැරල්ගේ ගෙදරට යන හැම දවසකම සිතාරා ආන්ටිගෙන් රසවත් තේ කෝප්පයක් නම් බර්නාඩ්ට ලැබුණා. ඔහු විතරක් සිටි සමහර දවස් වල එක්කෝ කුකීස් ටින් එකක් හෙමත් විවෘත වුණා. ඩැරල්ගේ පියා නිතරම රට යන නිසා මේ දේවල් ගෙදර තිබුණ එක පුදුමයක් නෙවෙයි.
මේ සිද්ධිය වුණේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආව දවසේ, බර්නාඩ් ශිෂ්‍යයාගෙ කාලෙ ඉන්ටර්නෙට් තියා මොබයිල් ෆෝන් වත් තිබුණෙ නෑ. ඒ නිසා හැම දෙනෙක්ම තමන්ගෙ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දැන ගත්තෙ පාසලට ගිහින්.
බර්නාඩ් ශිෂ්‍යයා තමන්ගෙ ප්‍රතිඵල දැන ගන්න ආවෙ ආගංගොඩ ඉඳලා. කාලෙකින් හමු නොවුණු නිසා ඔහු ඩැරල්ට කතා කළා මරදාන දුම්රිය පොළේ පේ-ෆෝන් එකකින්. මොබයිල් ඒ තරමටම පැතිරිලා නොතිබුණු කාලෙක නිසා කතා කළේ ගෙදරට.
ෆෝන් එකට ආන්සර් කළේ සිතාරා ආන්ටි…
“ආනේ පුතා අදද රිසල්ට්ස් එන්නෙ? ඩැරල් නම් මේ දවස් වල ගෙදර නෑ පුතා. තාත්තත් එක්ක බැංකොක් ගිහින් ෂෝට් වැකේෂන් එකකට… ආ පුතාට කතා කළොත් දෙන්න කියලා මොකද්ද තියලා ගියා. වෙලාවක ආවොත් ගන්න පුළුවන්…”
ආන්ටි කථා කළ ස්වරයෙන්ම වෙන්න යන්නෙ මොකද්ද කියලා එක්තරා මට්ටමකට හැඟීමක් බර්නාඩ්ට ලැබුණා.
“හොඳයි ආන්ටි මං රිසල්ට්සුත් බලාගෙනම එන්නම් කො….”
බර්නාඩ්ගෙ රිසල්ට්ස් නරක නෑ. ඩැරල්ට නම් ලයිට් කණු කිහිපයකුත් තිබුණා. ඔහු ඉක්මණින්ම ඒ කටයුතු නිමා කොට ගියා ඩැරල්ලගෙ ගෙදර. සිතාරා ආන්ටි බලාගෙන ඉන්න බව ඔහු දන්නවා.
කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු කොටු
බර්නාඩ් සිතාරා ආන්ටි එක්ක මේ අසම්මත සම්බන්ධය වසර තුනක්ම ගෙන ගියා ඔහු ඒක නතර කලේ පූජකවරය පිණිස ඇතුළු වුනායින් පසුව. ඒ අවුරුදු තුන ඇතුලෙ වෙච්චි දේවල් රාශියක් මා සඳහන් කරන්නෙ නෑ. උදාහරණයක් හැටියට සිතාරා ආන්ටිගෙ දික්කසාදය, ඩැරල් එක් යුගයක තමන්ගෙ හොඳම මිතුරෙක් වුණු බර්නාඩ්ට ආනන්දෙ කැන්ටිමේදි බිම පෙරළගෙන පහරදුන් හැටි වගේ කතා.
හැබැයි මේ අවුරුදු තුන නිසා ඔහු මුළු ජීවිත කාලයක්ම ඉදිරියට ගෙන ගිය නරක යැයි කිව හැකි පුරුද්දක් ඇති කොට ගෙන තිබුණා.
තමන්ට වඩා සැලකිය යුතු තරමින් වැඩි වයසක කාන්තාවන් ඇසුරු කිරීම!
ආගංගොඩ ගමේ බ්‍රදර් බර්නාඩ් අනියම් සම්බන්ධතා පැවැත්වූ කාන්තාවන් තිදෙනෙක් හිටියා. ඒ අය මෙසේයි.
-
රමණි බෝපිටිය – වයස අවුරුදු 48 ආගම: බෞද්ධ (විවාහක)
-
ෆාතිමා – වයස අවුරුදු 52 ආගම: ඉස්ලාම් (වැන්දඹු)
-
සෙල්ලම්මා – වයස අවුරුදු 47 ආගම: හින්දු (විවාහක)
කොටින්ම බ්‍රදර් බර්නාඩ්ට නොහිටියේ කතෝලික ‘හොර ගෑනියෙක්’ විතරමයි!
(විසි වැනි කොටසට…)
කොටින්ම බ්‍රදර් බර්නාඩ්ට නොහිටියේ කතෝලික ‘හොර ගෑනියෙක්’ විතරමයි!////// wow
LikeLike
දිශානතිය සිතාගත නොහැක!
LikeLike
Stephen Vizinczey ලිව්ව නවකතාවක් (the amorous recollections of András Vajda) ඇසුරින් හදපු ෆිල්ම් එකක් නේද ? මම නවකතාව කියවලා නැහැ – හැබැයි ඒ ගැන විස්තරයක් කියවලා තියනවා
LikeLike
මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්ප් කිව්වලු…
බර්නාඩ් ලොක්කා මොකාටද එන්නේ…
ඒ අස්සේ මයිල් නැති පුසො බලනවා දෙමළ කොල්ලෙක්…
මුන් ඔක්කොම මොකාට එනවද කියල තාම හිතා ගන්න බැහැ…
LikeLike
බහු ආගමික සැපක්නේ ලොක්කා…
LikeLike
(මේ බුද්දාගමට ‘ඩී’ එකක් ගන්න ඉස්සර…!) 🙂
LikeLike