සන්තියාගෝ පියතුමා උපන්නේ නම් ලිස්බන් නුවර නෙවෙයි.
හැබැයි අර කහටගස්දිගිලියේ උපන් එකාත් කොළඹ රස්සාවකට ඇවිත් මං කොළඹ කියලා ආඩම්බරෙන් කියන විදියට උන් වහන්සේත් තමන් ලිස්බන් නුවර උපන්නායි හැමෝටම කිව්වා. එහෙම උනාට ඔය සිංහලේ, සෙරන්ඩිබ් වගේ නම් වලින් හැඳින්වෙච්චි රටේ උපන්න එවුන්ට නම් උන් වහන්සේ ලිස්බන් වල උපන්නත් එකයි, ආච්චිගෙ රෙද්දෙ උපන්නත් එකයි. උන් ලිස්බන් දැකලා තිබුණෙ නෑ.
සන්තියාගෝ පියතුමාගෙ පියා – ජීව විද්‍යාත්මක පියා – නම් ලිස්බන් නුවරට ටිකක් කිට්ටුවෙන් ඉපදුණු කෙනෙක්. නාවිකයකු වෙච්චි මේ පුද්ගලයා බර්තොලමියු ඩයස් ඊට කලින් කුණාටු තුඩුව කියාපු, පසුව සුභ පැත්මේ තුඩුව විදියට නම වෙනස් කළ Cabo da Boa Esperan හෙම පහු කරලා හින්දුස්තානය පැත්තට එන්න පටන් ගත්තායින් පසුව ආපු කණ්ඩායම් වල නාවිකයෙක්. සන්තියාගෝ දරුවා ඉපැදුනේ එවකට පුරුතුගීසීන් යටතේ තිබුණු කාලිකතා (කැලිකට්) නුවරයි.
පුරුතුගීසි කාරයා ගෑනු ඉන්දියාවට ගෙනාවෙ නැති බව අමුතුවෙන් කියන්න ඕනැ නෑ. උන්වහන්සේගෙ මව භක්තිමත් හින්දුස්තාන කතෝලික කාන්තාවක්.
- පුරුතුගීසිකාරයා – රටවල් අල්ලන්න සූරයා
- හතුරු රාජ මාරයා – මුළු ලොව හොල්ලන්න වීරයා
සන්තියාගෝ පියතුමා පළමුව ස්වර්ගයේ වෙසෙන අපේ දෙව් පියාණන්ටත්, එතුමාගේ පුත්‍රයාටත් ශුද්ධ වූ ත්‍රිත්වයටත් අනුපමේය ගෞරවයක් දැක් වුවා.
සන්තියාගෝ දරුවාගේ මුල් ප්‍රාර්ථනය වුණේ පුදබිමට ඇතුළු වෙන්න නෙවෙයි. හැබැයි නව යොවුන් වියට එළඹෙන්නත් පළමුව මවත් පියාත් දෙදෙනාම වසර තුනක වගේ පරතරයකින් ඔහු අතහැර ස්වර්ගයේ වෙසෙන අපේ දෙව් පියාණන් වෙත ගියාම ඔහු ඒ තීරණය ගත්තා.
සන්තියාගෝ පියතුමන්ගේ විශේෂ අවධානය යොමු වුණේ පෙරදිග රටවල පැතිර තිබුණු මිථ්‍යා දෘෂ්ටීන් කෙරෙහි. මේ මිථ්‍යා දෘෂ්ටීන් සාතන් ලෙස හැඳින්වුණු යක්ෂයාගේම ක්‍රියාකාරකම් බව ඔහු දැනගෙන හිටියා.
සාතන් නම් වූ යක්ෂයා වඳුරන් වගේ කළු පැහැ කොට හින්දුස්තාන වැසියන් රවටා යක්ෂයාගේ පූජාස්ථාන වෙත දක්කාගෙන ගොස් නොතේරෙන භාෂවාකින් ස්තෝත්ර වගයක් දොඩවා ආවේශයකට පත්වෙනවා සන්තියාගෝ පියතුමා බලා හිටියේ දුකින්. මේ කළු වඳුරන්ට සත්‍යය කියා දෙන්න ඔහු ලැබුණු හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත්තා. යම් පිරිසක් එයින් මිථ්‍යාවෙන් මිදී සත්‍යය සොයා ගත්තත් සන්තියාගෝ පියතුමාගේ වචන ගරු නොකළ පිරිසකුත් නොසිටියාම නොවෙයි.
හින්දු ආගමටත් වඩා අතිශයින් භයානක මිථ්‍යා දෘෂ්ටියක් ගැන සන්තියාගෝ පියතුමාට ඉගෙන ගන්න ලැබුනේ වයස දහසයේදි පමණ. ඒ මිථ්‍යා දෘෂ්ටිය තිබුණේ හින්දුස්තානයේ නොව යාබද සේලාන් කියා හැඳින්වූ දූපතේයි.
මේ මිථ්‍යා දෘෂ්ටියේ ශාස්තෘන් වුණේ බුද්ධ නම් වූ යක්ෂයාගේම තවත් වේශයක්.
බුද්ධ නම් වූ සාතන්ගෙන් මනුෂ්‍ය වර්ගයා බේරා ගැනීම පිණිස සන්තියාගෝ පියතුමා වයස දහ හතේදී සේලාන් නම් වූ දූපතට ළඟා වීම පිණිස නැව් නැංගා. තරමක දුෂ්කර මුහුදු ගමනකින් පසුව ඔහු රැගත් නැව සේලාන් නැමැති දූපතේ ගාල්ල නම් නගරයට ළඟා වුණේ සතියක පමණ ඇවෑමෙන්.
මූලික පුහුණුවකින් පසුව සන්තියාගෝ පියතුමාට එවකට පුරුතුගීසි පාලනය යටතේ පැවැති ගමක අළුතින් ගොඩ නැංවූ පල්ලියක් භාර දෙනු ලැබුවා. මේ ගමට ඒ කාලෙ නම් නමක් තිබුණෙ නෑ.
දැන් අපි එමු වර්තමාන කතාවට.
අර සමන්තබද්‍ර රහතන් වහන්සේ ආගංගොඩ ගමේ දෙමළ කොල්ලෙකුටයි මුස්ලිම් කෙල්ලෙකුටයි පිහිට වෙන්න ගිහිල්ලා මහ අබැද්දියක් වෙලා අතීතයට ගියා මතකද? ඔන්න එහෙම ගිහිල්ලා පාත් වුණේ මේ සන්තියගෝ පියතුමන්ගේ පල්ලියේ තමයි.
නැවත ඇස අරින විට සමන්තබද්‍ර වහන්සේ ඉදිරිපිට පෙනී සිටියේ සුදෝ සුදු ලෝගුවක් දාගත් සන්තියාගෝ පියතුමා.
Meu Deus! Vocę está machucado, senhor?
සන්තියාගෝ පියතුමා ඇහුවා. වේසිගෙ පුතෝ දැන් ඕකෙ තේරුම මගෙන් අහන්න එපා. මං පුරුතුගීසි බාසාව ඉගෙන ගෙන නෑ.
සමන්තභද්‍ර රහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා.
“පින්වත මම රහතන් වහන්සේ නමක්. අපේ ශ්‍රාවකයෝ විශ්වාසය මතයි වඳින්නේ. මට වඳින්නේ මම යමක් දන්නවා කියන විශ්වාසය මත. යේසුස් වහන්ස්ටත් එහෙමයි. බුදුන්ටත් එහෙමයි. එයාල තුළ දන්නවා කියන විශ්වාසය තියෙනවා. නමුත් ඔවුන් හරියටම දන්නේ නෑ ඒ ශාස්තෘවරු එය දන්නවාම ද කියලා. මගේ අවබෝධය ගැන දන්නේ මම. මගේ අවබෝධය ගැන ඔබ දැන ගන්නේ සාකච්ඡාවෙන්. ඒ තුළින් මා ගැන විශ්වාස කරනවා. මේ ලෝකේ වැඩිපුර විඳින්නේ හා බනින්නේ මට. ඒ දෙකම ප්‍රශ්නයක් නැහැ…”
යක්ෂයා විසින් තමන්ව දරුණු පරීක්ෂණයකට භාජනය කරමින් සිටිනා බව මේ අවස්ථාවේ සන්තියාගෝ පියතුමන් තේරුම් ගත්තා.
(දහ අට වැනි කොටසට…)
හා
LikeLike