මාසෙකින් විතර මොකුත් ලියන්න කියන්න බැරි වුණාට සියලු දෙනාගෙන්ම මුලින්ම සමාව ඉල්ලා සිටිනවා, හරිය?
ඒක වුනේ නෝනාවරුනි, මහත්වරුනි, මහත්වරුන් නැති නෝනාවරුනි, නෝනාවරුන් නැති මහත්වරුනි ලියන මහත්තයා වන මට පහුගිය කාලෙ සිද්ද වෙච්චි දාර ඇබැද්දියක් නිසයි.
මුලින්ම කියන්න ඕනෑ තමන්ට කිසිම අදාළත්වයක් නැති කාරණා වලට හොට දැමීම නිසා සමීපතයන් තරහ කර ගැනීම කලාවක් නම් මේ ලියන මහත්තයා වන මම එහි චිත්රසේනලාගේ අමරදේවය කියලා. කිසිම තරකයක් නෑ ඒ ගැන.
හැබැයි අනෙක් අතට අර සේපාලිකා මලක් වාගෙ ඉන්න නිරාගමික ගැටිස්සිත් ඒකට මුල් වුණා කියන එක ඇත්තක්.
ඔන්න එක දවසක හිටි හැටියේ ගම පුරාම රාවයක් යනවා ප්‍රේක්ෂක හිතවතුනි ඔය කියන නිරාගමික සේපාලිකා මල පන්සලේ ඇබිත්ත කොලුවාව හදිස්සියේම කරකාර බැන්දාය කියලා. ඔය ඇබිත්ත කොලුවාට අපි කිව්වෙ ‘ධර්ම භාණ්ඩාගාරික’ කියලයි. මොකද ඌ අති පණ්ඩිතයා. නොකියවපු පොතක් නෑ. රේරුකානේ හාංදුරුවන්ගේ, ඤාණානන්ද හාංදුරුවන්ගේ පොත් කට පාඩං. පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් වැඩියෙන් ධර්ම කාරණා දන්නවා. ලොකු හාමුදුරුවෝත් නොදන්න බණ පදයක් හේම අහ ගන්නෙ උගෙන් තමයි.
ඒ වගේ සැදැහැවත් බෞද්ධ ඇබිත්ත කොලුවෙකුගේ හිත නිරාගමික ගැටිස්සියෙකුට ගියේ ඇයිද කියලා මගෙන් අහන්න එපා. ඒ ගැන එක එක ආගමේ ශාස්තෲන් වහන්සේලා විග්රහ කරලා තියෙන්නේ මෙහෙමයි.
සුදුද්දසං සුනිපුනං – යත්ථකාමනිපාතිනං
සිතේ ඇත්ත ස්වභාවය දකින එක හරිම අමාරුයි. ඒ වගේම සිත ගොඩක් සියුම්. හිතුමනාපෙ ආසකරන දේටම ඇදිලා යනවා.
(බුදුන් වහන්සේ – ධම්ම පදය)
אבל אני אומר לך, לאהוב את האויבים שלך
මම ඔබට කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. (මැතිව් 5:44 – ශුද්ධ වූ බයිබලය )
जब एक व्यक्ति को पूरा विश्वास के साथ कुछ करने के लिए समर्पित है, मैं उस में अपने विश्वास को एकजुट। तब, जब उसके विश्वास ने पूरी तरह से एकीकृत, वह अपने भक्ति की वस्तु लाभ।
යම් පුද්ගලයකු යම් දෙයක් කෙරෙහි සම්පූර්ණ විශ්වාසයකින් කටයුතු කෙරේද, මම ඔහුගේ විශ්වාසය ඒකේන්ද්‍ර කරමි. එසේ ඒකෙන්ද්ර වූ විශ්වාසයත් සමඟ ඔහු තමන්ගේ අභිරුචිය දිනන්නේය.
– භගවත් ගීතාව
في الواقع، إن الله مع أولئك الذين هم الصالحين والذين هم محسنون.
සත්‍ය වශයෙන්ම අල්ලාහ් දෙවියන් වහන්සේ සාධාරණ වූත් හොඳක් කරන්නා වූත් අයවලුන් වෙනුවෙන් පෙනී සිටින්නෝය. (අල් කුරාන් 29:70)
ඒකි කරකාර බැඳපු එක නම් ලොකු දෙයක්. මොකද රටේ ලෝකෙ ඉන්න ඔක්කෝම තෙල් බේරෙන ජාතිකවාදී අන්කල්ලා ඒකි නිසා මෝල් වෙලා හිටියේ. දැන්වත් උන්ගෙ ජාතිකවාදී මෝල බහීවි.
දැන් මුන් දෙන්නා කරකාර බැඳලා, රබන් ගහලා, රතිඤ්ඤා පත්තු කොරලා බෑං චුං ගහලා මඟුල් කන ආරංචිය පැතිර යනවාය කියලා ඇහුවාම මගෙ හිත එක පාරටම බොග් ගාලා නතර වුණා. අනේ උන් කෙරෙහි ඉරිසියාවකින් හෙම නෙවෙයි.
මගෙ හිත එක පාරටම බොග් ගාලා නතර වුණේවෙනම හේතුවක් නිසා.
මක් නිසාද යත් පින්වතුනි ඔය නිරාගමික ගැටිස්සි තමයි අපේ මලයාගෙ ප්‍රථම ප්‍රේමය. අපේ මලයා තමයි ඒ ගැටිස්සිගෙත් ප්‍රථම ප්‍රේමය. ඒක හදවතින්ම ආ බැඳීමක්. දෙව්ලොවදී එක් කළ බැඳීමක්. අවාසනාවකට උන් බිඳුනා තමයි. ඒත් මේ කාරණේ අපේ මලයාගෙ හිතේ ගැඹුරුම තැනේ තාම තියෙන බව මම සහසුද්දෙන්ම දැන ගෙන හිටියේ.
අපේ මලයා කිව්වෙ මගේ එක කුස ඔත් සහෝදරයා. අපේ පවුලේ බඩ පිස්සා. ඕකා කරන්න කැමැති වෙලා හිටියේ සිකුරිටි ජොබ් එකක්. හැබැයි ඇමැතිතුමා තමුසෙ මේ කපේදි නම් සිකුරිටි ජොබ් කරනවා බොරු කියලා කම්කරු ජොබ් එකක් තමයි දීලා තිබුණේ.
මේ සිද්ධිය වෙනකොට මලයා ගමෙන් පිට තමයි කම්කරු ජොබ් එක කරමින් හිටියේ.
දැන් ඉතින් ගමෙන් පිට ඉන්න එකා මේක වෙන කාගෙන්වත් දැන ගන්න එක හොඳ මදි නිසා මමම ඌට ටෙලිපෝං කොළා. මට ඕනැන්නෙ මූට ටිකක් කතා කරලා මුගේ හිත හදන්නයි. මෙන්න මේකා මගේ ඇඟට කඩාගෙන පැනපි.
“අයියට මොළේ හොඳ නැද්ද මේ වගේ කාරණා මට කියන්නෙ? මං ඕවා හිතෙන් සහසුදෙන්ම ඈත් කරල දාල කොයි තරම් කල්ද? දැන් මම කරන්නෙ මට ඕනැ දේ මිසක දෙවියන්නාන්සෙ කියන දෙයක් වත් නෙවෙයි. අයියටත් වෙන වැඩක් ඇත්තෙම නැත්නම් කරන්න ඔන්න දන්න විදියට අර අරුණ පෙරේරා අන්කල් වගේ අරූගෙ අඩවිය හරි මුගේ අඩවිය හරි කියලා බොලොග් එකක් ලියාගෙන ඉන්න. ඕවා ගැන මින් මත්තෙ මට කියන්න කරදර වෙන්න එපා…”
මූ මෙයාකාරයෙන් දිගින් දිගට බැණ ගෙන බැණ ගෙන ගිහින් “මීට පස්සෙ අයියත් එක්ක මට කිසිම කතාවක් නෑ. අපි දෙන්නගේ සහෝදරකං මෙතනින් ඉවරයි…” කියල කට් කරපි.
දැන් මොකෑ කරන්නෙ දයාබර ප්‍රේක්ෂකයිනි. මේ කොහෙවත් යන මඟුලක් නිසා හෙවනැල්ල වගේ හිටපු එකකුස් ඔත් මලයා තරහ වුණා. සහෝදරකං නැතිවුණා.
දැන් මලයා තරහම තරහයි. කතා බහක් නෑ.
මේකා තරහ වුණු එක මගේ දකුණු අත කැඩුණා වගේ නිසා මාත් දන්න තරමින් උත්සාහ ගත්තා බේරුමක් කර ගන්න.
කොහෙද මේකා යමක් හිතුවොත් හිතුවාමයි. පුදුම ගල් හිතක් මූට තියෙන්නෙ. ආයෙ වෙනස් කිරිලි බොරු. තරහ නම් තරහයි. එච්චරයි.
ලෝකයේ අබිබවා යන්න අමාරුම ප්‍රාකාර තියෙන්නෙ මිනිස් හිත ඇතුළෙ කියලා බණටත් කියනවානෙ පින්වතුනි…
මේ කොටස නම් ලිව්වෙ දැඩි හිත් අමාරුවකින් තමයි. මක් කරන්නයැ?
අපටත් රිදෙනවා තමයි යකූ!
මීට පස්සෙ නම් මට අදාළ නැති අනුන්ගෙ මඟුල් වලට හොට දාන්න යන්නෙ නෑ නෑ මයි. මං දැන් පාඩමක් ඉගෙන ගෙනයි ඉන්නෙ.
(දහසය වැනි කොටසට…)
ඔහේගෙ ස්ටයිල් එක මරු
LikeLike
බැන්ද නොවෙයි එංගේජ් වුණා විතරයි නේද?
LikeLike
ධර්ම භාණ්ඩාගාරික …… හ්ම්… මම වැරදි නැත්තං පුද්ගලික කතා බහක සඳහන් කරපු කරුණක වැදගත්කම මට වැටහුනේ මේ දැනුයි … මම කල්පනා කළා ඇයි ඒ වෙලාවේ ඒ දේ ගැන කතා කළේ කියල – ඉන් පස්සේ දිනේ බැලුවා – දෙන් …
හෝලි ෂිට් ඊස් දැට් ඉට් ?? ටියුබ් ලයිට් කියන්නේ කට කහනවටයැ 🙂
LikeLike