මේ කතාවෙ ඉතුරු ටික කියන්න බැරිවුණා නේද? ඊට කලින් මෙතෙක් කතාව මතක් කර ගනිමු. මොකද මේක නැවට එකක් ජාතියෙ ආදර අන්දරයක් නිසා.
“කෙල්ලයි කොල්ලයි දෙන්නම ඉගෙන ගන්න දස්සයි. මුලදි කෙල්ල පන්තියෙ පළවැනියා වෙනකොට කොල්ලා දෙවැනියා වුණා. පස්වැනි පන්තියෙන් විතර පස්සෙ මේක අනෙක් පැත්තට හැරුණා ඉබේම. දැන් කොල්ලා පළවැනියා. කෙල්ල දෙවැනියා. දෙන්නම බ්‍රදර් බර්නාඩ් වගේ සිස්සත්තෙ පාස් නොවුනු හන්දා ලොකු ඉස්කෝල වලට ගියෙත් නෑ. ඉගෙන ගන්න සූර නිසා ඉස්කෝලෙන් අස්වුනෙත් නෑ. කෙල්ලගෙ පවුලත් සාම්ප්‍රදායිකම මුස්ලිම් නොවෙන හින්දා කෙල්ල ඉගෙන ගන්නවාට ලොකු විරුද්ධත්වයක් තිබුනෙත් නෑ.’
“නවයේ දහයේ වසර විතර වෙනකොට මේක අප්රකාශිත – ඒ කියන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් වත් ‘ආදරය’ කියන වචනය භාවිතා නොකළ – බොහෝම දැඩි සම්බන්ධයක් වෙලා තිබුණා.’
“දැන් ඔහෙලා හිතනවා ඇති ඇයි මේක මේ කාලෙදිම දෙමාපිය මැදිහත්වීමකින් නොකැඩුනේ කියලා. මතක තියා ගන්න මේ කොල්ලායි, කෙල්ලයි දෙන්නම මහා මොළ දෙකක්, සිස්සත්තෙ පාස් නූනට. උන් දෙන්නා කතා කරගෙන වගේ හැසිරුණේ මෙහෙම දෙයක් හාංකවිසියක් නැති ගානට. සමහර වෙලාවට දෙන්න තමන් එකිනෙකා අප්‍රිය කරන බව පෙන්වන්න බොරු ගේම් ඇද්දා. කෙල්ල පොඩි වැරද්දක් කළාම කොල්ලා වහාම ගුරුවරුන්ට පැමිණිලි කරපු අවස්ථා තිබුණා. දෙන්නා එකිනෙකාගෙ පොත් පත් පවා හුවමාරු කර ගත්තෙ ඉතාම කලාතුරෙකිනුයි. හැබයි මේ එලියෙ කාටවත්ම නොපෙනෙන දේවල් අතරෙ යටින් ඉතාම දැඩි සම්බන්දයක් අතු ඉති දළු ළමින් තිබුණා…’
“මං මේ කියන්න යන සිද්දිය වෙනකොට මේ දෙන්නා අතර ඔය අපි ඔහෙලා දන්න ජාතියෙ ස්ථිර ආදරයක් කියලා හෙම මොකෝවත්ම පටන් අරගෙන නෑ. කොටින්ම ‘ආදරය’ කියන වචනය වත් දෙන්නා අතර හුවමාරු වෙලා නැහැ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන්. මේ දෙන්නා අතර කතාබහකදි ‘ආදරය’ කියන වචනය හුවමාරු වුණා නම් ඒ වෙන දෙන්නෙකුගේ සම්බන්දයක් ගැන කතා කරන අවස්ථාවකදි විතරයි. නමුත් දෙන්නා හොඳම මිතුරන්. ඒ හන්දා රටේ ලෝකයේ බොහෝ දෙවල් ගැන දෙන්න විවෘතව කතා කළා.’
දැන් වර්තමාන කතාවට. (වර්තමාන කතාව කිව්වට ඒකත් වුණේ අතීතයෙදිම තමයි.)
දැන් ඔහෙලා හිතනවා ඇති ඇයි මේ කෙල්ලයි කොල්ලයි දෙන්න මේ විදියට හැසිරුණේ කියලා. ඒකට හේතුව හිතා ගන්න අමාරුම නැහැ. උන් දෙන්නාම දැන ගෙන හිටියා මේ සම්බන්ධය – එහෙම සම්බන්ධයක් කියලා එකක් තිබුණා නම් – කවදාවත්ම හරියන එක නෙවෙයි කියලා. ඒක කොයි මොහොතේ හරි කැඩෙන්න තිබුණු සම්බන්ධයක්. ප්‍රශ්නෙ තිබුණෙ අද කැඩෙනවාද, තව මාස තුනකින් කැඩෙනවාද, අවුරුදු දෙකකින් කැඩෙනවාද කියන එක විතරයි.
ඒ හන්දා, “මම ඔයාට මගේ පණටත් වැඩියෙන් ආදරෙයි සුදූ… අපි දෙන්නා හැමදාම මේ විදියට අත් වැල් බැඳෙගෙන ඉම්මු, ජීවිතේ බෙදා ගනිමු…” වගේ බොළඳ ආදර කතා හුවමාරු කර ගන්නට උන් දෙන්නට පුළුවන්කම තිබුණේ නැහැ. උන්ට තිබුණේ අතීතයකුත් අනාගතයකුත් නැති වර්තමානයක් විතරයි.
කෲර වර්තමානයක්!
හැබැයි මේ කාලෙදිම මේ දෙන්නගෙම සරීර වල හෝර්මෝන ක්‍රියාකාරිත්වය ඉහළ යමින් තිබුණු හින්දාම ඒ වර්තමානය දෙන්නටම ඉතාම සුන්දර ලෙස පෙණුනා.
- ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ…
- ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ…
- සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
- පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ…
මෙන්න මේ කාලෙදි තමයි අර නස්කූනි කොල්ලා තමන්ගෙ නස්කුනි ප්‍රශ්නෙ ඇහුවෙ.
“ඇත්තද මුස්ලිම් ගර්ල්ස්ලා ඇඟේ තියෙන හැම රෝම කූපයක්ම ෂේව් කරනවා කියන්නෙ?”
දැන් ඔහෙලා හිතන්නෙ ඒකිගෙ උත්තරේ මොකක් වෙන්න ඇද්ද?
ඇය ඉතාම අවංකව තමන්ගෙ හොඳම මිතුරාට මෙහම උත්තර දුන්නා.
“ඔව්, අපට එහෙම කරන්න තමයි ආගමෙන් උගන්වලා තියෙන්නෙ…”
කොල්ලත් අත ඇරියෙ නෑ.
“ඔයා කිහිල්ලත් ෂේව් කරනවද…?”
“ඔව්…හැමදාම නෙවෙයි…”
“ඔයා කකුලුත් ෂේව් කරනවද?
“මගෙ කකුල් වල ෂේව් කරන්න තරම් මයිල් නෑ අයියෝ…”
කොල්ලා පඳුර වටේ කැරකිලා තමන්ට ඕනැ තැනට ආවා.
“ඔයා පියුබික් ඒරියා එකත් ෂේව් කරනවද…?”
අදට ඇති නේද? කෙල්ල ඒකට දීපු පිළිතුර පහු කොටසකින් කියවමු.
(දහහත්වැනි කොටසට…)
ඕක නම් මුස්ලිම් ගර්ල්ස්ලා ගැන කොමන් නොලේජ් නෙව – මමතුමා නම් කැමති ඕල් නැචුරල් විමෙන්ලාටය
LikeLike
අතීත කාලේ ඕවා ශේව් කරගන්න මාර කට්ටක් කන්න ඇති නේද….
LikeLike
LikeLike
බ්‍රසීලය මුස්ලිම් රටක් ද?
LikeLike