සම්මා සම්බුද්ද උප්පත්තියෙන් වසර 2600 පමණ ගතවූ තැන්හි මුලු මහත් ආගංගොඩ ගම්මානයම බෛ වසංගතයකට මැදි විය. (මේ සිරිසේන ගිරාම සේවක මහත්තයා රස්සාවෙන් අස්වෙන්න කලින් හිටං! එයා ඒ කාලෙ ගැමි දරුවන්ට සෞක්කියාරක්සිතව ත්‍රිපෝෂ බෙදමින් තමයි හිටියෙ.)
‘බෛයෝ’ (විද්‍යාත්මක නාමය : Baio selènika) කියල කිව්වෙ පුංචි කෘමින් විශේෂයකට.
ඊට ඉස්සර කිසිම කෙනෙක් ඒ විදියෙ අමුතු ජාතියෙ විච්චූරන කෘමින් පිරිසක් දැකලා තිබුනෙම නෑ.
වරදවා තේරුම් ගන්න එපා, ආගංගොඩ ගම්මානය කියන්නෙ මැසි මදුරුවන් ගෙන් විනිර්මුක්ත සදෙව් ලෝකයේ මායිමේ තියෙන එකක් හෙම නෙවෙයි. අලි කොටි නොහිටියාට අඳුන් දිවියාගේ සිට වල් බල්ලා දක්වාත්, කබරගොයාගේ සිට ඇනෝපිලිස් මදුරුවා දක්වාත් සතුන් රාසියකට ආගංගොඩ අභය භූමියක් වුනා. හැබැයි මේ එක සත්තු ජාතියක් වත් අඟහරු ලෝකෙන් ආපු එවුන් හෙම නෙවෙයි. සාමාන්‍යයෙන් මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම දිග්බාගෙම හොයා ගන්න පුලුවන් එවුන්.
ඔය බෛයෝ කියන සත්තු ජාතිය නම් අඟහරු ලෝකෙන්ම ගෙනාවා වගේ අමුතු සත්තු ජාතියක්. මේ ලංකාවෙ වෙන කොහේවත් ඔයවගේ විච්චූරන සත්තු වර්ගයක් හිටියෙ නෑ. ආගංගොඩ ගමේ පමනමයි උන් හිටියෙ.
රතුපාට බෛයෝ
කොලපාට බෛයෝ
තැඹිලිපාට බෛයෝ
දම්පාට බෛයෝ
කොටින්ම ඒ කාලෙ මේ බෛයෝ ගැන විසේස පරීක්සනයකට කැලනිය විස්ස විද්‍යාලයේ සත්ව විද්‍යා අංසයෙනුත් පර්යේසන කන්ඩායමක් ආවාය කියමුකො ආගංගොඩට. අනේ, ඔවුන් හොයා ගත්තු මගුලකුත් නෑ.
මිනිස්සු නම් කතාවට කිව්වෙ මේක නාථ දෙවියො කෝප වෙලා කරපු විනාසයක් කියලයි. මේ ගැන අයි. ටී. එන්. එකේ ‘දොරමඬලාව’ වැඩ සටහනේ විගද්ද මන්ඩලයක් විසින් විශේෂ කතිකාවකුත් කෙරුනා.
“දැන් බලන්න හසන්ත, ලංකාවෙ බොහෝ පිරිසක් බෛයන් ගැන දන්නවා. නමුත් අපි නොසිතන දෙයක් තිබෙනවා. එනම් ආසියානු කලාපයේ ම වැඩිපුර බෛයන් ගැන කතා කරන්නෙ ලංකාවෙ. ඇයි එහෙම වෙන්නෙ? ඒකට හේතුව දීප්ති. අද ඔයා මගෙන් බෛයන් ගැන අහන්නෙත්, මම අද බෛයන් පිළිබඳව කතා කරන්නෙත් දීප්ති නිසා. ඒ නිසා මම යළිත් කියනවා දීප්ති මඟහැරලා බෛයන් පිළිබඳව කතා කරන්න බැරි බව…”
ඔන්න ඔහොමයි බෛයන් ගැන විගද්දයන්ගේ කතා.
බෛයෝ කිසිම සතෙක් බෝ නොවෙන වේගෙකින් බෝවුනා. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට මෙන්න සිය, දාස්, දස දාස් ගානින් බෛයෝ බෝ වෙලා. ඒ වගේම තමයි මුන් නොගිය නොහිටපු තැනක් නෑ.
දවසක් ලලක්කා කස්ටමර් කෙනෙක් ඉස්සරහ සාය උස්සනකොට මුං ලලක්කයෙ අහවල් එකෙත් කොලනියක් හදලා කියලා කතාවක් ගියා.
ආගංගොඩ ගමේ ගෑනු මිදුලෙ වී වේලන එක නතර කලා බෛයන්ගෙන් බේරෙන්න බැරුව. උන් මිලියන ගණනින් පියාඹන්න ගත්තාම පොළොවට අව් කළඹක් වැටෙන්නෙ නෑ. ඉතින් වේලපියව්කො වී!
-
ආකාසෙන් යන්නා වූ – නෙක් බෛයන්ගේ
-
සේවනැල්ලෙනි හිරු – රශ්මිය භංගේ….
අන්න එහෙම තමයි බෛයෝ. මිලියන ගනනින් පොදු අරමුනක් වෙනුවෙන් ඒකරාසී වුනා.
අර කැලනිය විස්ස විද්‍යාලයේ පර්යේසක කන්ඩායම පින්තූර අරන් ඉරි ගහලා, කොටු ඇඳලා ගනන් කරලා එක එක තැන් වල ඒකරාසී වෙච්චි බෛයෝ ගනන හෙව්වා.
“ගීතා මැඩම්, මං හිතන්නෙ මේ වර්ග මීටරේ ඇතුලෙ බෛයෝ ලක්ෂ දෙකක් වත් ඇති!”
“මොන ලස්ස දෙකක්ද උදය මහත්තයෝ, මෙතැන කෝටි දෙකක් වත් බෛයෝ ඉන්නවා.”
පරියේසන කන්ඩායමේ නෝනාවරු මහත්වරු කතා කලා.
ඇත්තටම මේ බෛයෝ නිසා ගමේ මිනිස්සුලාට පුදුම කරදරයක් තමයි උනේ.
ඔන්න දවසක් බ්‍රදර් බර්නාඩ් පාරේ යනකොට බෛයෝ රංචු පිටින් ඇවිල්ල දෙබරු අනින්නහේ බ්‍රදර් බර්නාඩ්ට අනින්න පටන් ගත්තා කියමුකෝ. බ්‍රදර් බර්නාඩ් මොලේ කල්පනා කරලා එක පාරටම ලෝගුව ගලවලා දාලා වතුර වලකට පැනලා බේරුනා. බෛ සේනාව දවස් තුනක් තිස්සේ අර බ්‍රදර් බර්නාඩ් ගලවලා වීසි කරපු ලෝගුවට ඇන්නාලු.
ඔය විදිහට බෛයෝ බෝ වෙලා ටික කාලෙකට පස්සෙ තැඹිලි පාට කුරුල්ලෝ රංචු පිටිනුත් ආගංගොඩ ගම්මානය ඉහළින් පියාඹන්න පටන් ගත්තා. අර සිවුරු-හොරු කියන්නෙ – අන්න එවුං.
“ඔන්න හොඳ ලකුනක්..!”
අර කැලනිය විස්ව විද්‍යාලෙ පරියේසන කන්ඩායම කිවා.
“පරිසර පද්දතියක සමතුලිතතාවය බිඳුනම පද්දතිය විසින්ම ඒක ආපහු යතා තත්වයට ගේනවා. ඔය සිවුරු හොරු ඇවිල්ල ඉන්නෙ බෛයෝ කන්න. දැන් ඔය බෛ වසංගතය ඉවර වේවි.”
මොන? සිවුරු-හොරු ආවයින් පස්සෙ බෛයෝ තවත් වැඩිවෙලා වගෙයි පෙනුනේ…
ජීව විද්‍යාව කියන්නෙ පට්ටපල් බොරු මහත්තයෝ!
(පහලොස්වැනි කොටසට…)
Remembered Richard de Soyza in yuganthaya
LikeLike
සිවිරු හොරුන් ගේ බෙටිවල නේද ඔය බෛයන් ගේ ජීවන චක්‍රයේ මුල් බිත්තර අවදිය ගෙවෙන්නේ?
ඒ ජීවන චක්‍රය අවසාන වෙන්නේ මිනිස් සිරුරේ දී!
LikeLiked by 1 person
I like your writing style. Easy to read, yet deep, if you read between lines.Hat’s off to you mate for this fine piece of work. Guess you don’t give a damn about comments as I never see your replies 🙂
LikeLiked by 1 person
++++++++++++++++++++++++++++++++++++++++++++++
LikeLike
මේක නම් රහ කතාවක්! චීත්ත කෑල්ලක් හලන ඕන ගූ බෙට්ටක් ප්‍රමෝට් කරන බ්ලොග් චන්ඩි මේ වගේ එව්ව දැක්ක නොදැක්ක වගේ ඉන්නෙ ප්‍රොෆෙෂනල් ජෙලසිය හින්ද වෙන්ටෑ.
LikeLike
අපි ආසාවෙන් කියවනවා ලොක්කො. ඔහොම යං.
LikeLike
රහ කතාවක්!
LikeLike
maru kathawa
LikeLike
උඹේ කතාව බලල මමත් ටිකක් හොයල බැලුව මේ බෛයෝ ගැන.
මේ බෛයන්ගේ ප්‍රධාන ආහාරය රෛස් නමැති ධාන්‍ය වර්ගය වෙයි.
කළු පාට ඩෛ ගා රැවුලේ තිබෙන සෛලයක්, සෛලයක් පාසා පාට කිරීමට උන් කැමතිය.
බෛයන්ගේ විනෝදාංශ අතර කෛවාරු ගැසීමත් නෛ ඇරීමත් ප්‍රධාන වෙයි.
LikeLike
this is super too !!
LikeLike
අහලවත් නැති කෘමියෙක්. ඊළඟ ටිකත් .රසිකගේ ලින්ක් එකකින් ආවේ.
LikeLike
කෝ බං ඉතුරු කොටහ.. බොලා ලියං ආපු ඉස්පීඩ් එකට මේ දැං වෙනකොට 15,16,17,18… වගේ ලියවෙන්ට එපෑය…
LikeLike
ටැබූටත් කමකට නැති ලෙඩක් ඇති හැඩයි. එක්කෝ නොලියා ඉන්නට බැරි කමකි. එහෙමත් නැත්නම් ලියමන අතරමැදදී නවතා දමා කියවන්නා අතරමං කිරීමෙන් ලබන්නා වූ අවර ගණයේ තෘප්තියකි. ටැබූ සබ්ජෙක්ට්ස් වලින් පසු සමනල විප්ලවයද වසා දමා නිහඬ වීමෙන් සැඟව ගිය කතා ශෛලිය වසර ගණනකට පසු වුවද නැවත දක්නට ලබීම පිලිබඳව ඇත්තේ නම් අප්‍රමාණ සතුටකි!
LikeLiked by 1 person
ලියන්නේ කවුරු උනාම මොකෝ පොලා ලියන ඒවා ආසාවෙන් කියවන්න ඇහැක් නම් ඒ අතරේම අපේම වැරදි වලට අපිට හිනා වෙන්න ඇහැක් නම් !
LikeLike
මෙතනට ආවෙ බෛයෝ කොටසින්..එකේ ඉඳලා ආවා පහලවටම එක දිගට..රසම රස..බරම බර කතාවක්..ලියන මහත්තයෝ මම මේක ප්‍රින්ට් අවුට් එකක් දාලා දෙනවා පියතුමාට කියවන්ට…
LikeLike
නියමයි බෛයෝ කියන කෘමීන් ට භූමිතෙල් ඉහින අර ටොයියෝ කියන චාටර් උන් නැතෙයි මේ කතාවේ?
LikeLike