මේක සිරිසේන කියන නමේ ප්‍රස්නයක් වෙන්නත් පුලුවන්.
වඩා දැවැන්ත සිරිසේන කෙනෙක් සම්බන්දයෙන් ලංකාවේ පොදු ජනතාවට ඇති වී තිබෙන එක් ගැටලුවක් මට හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයා සම්බන්ධයෙන් ඇති වී තියෙනවා.
මුගේ කයිය විතරයි. කරන මඟුලක් නෑ.
අද සිකුරාදා. ගිරාම සේවක සිරිසේන මහත්මා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය යහපාලන…. සමාවන්න පහයාලනවැව දිසාපතිතුමාට බාර දීලා ආවේ හරියටම සතියකට කලින් දවසක.
පොර ටෝක් දීගෙන, හොඳට කර ගෙන හිටපු රස්සාවෙන් අස් වෙච්චි හැටියට මම හිතුවෙ සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයා විශ්වය උඩු යටිකුරු කරන ආකාරයේ මහා දැවැන්ත ප්‍රොජෙක්ට් එකක් කරයි කියලා. අන්තිමේ රස්සාවත් නෑ. කරපු මඟුලකුත් නෑ. තවමත් ප්‍රෝමේට් සී. ආර්. පොතේ ලියා ඇත්තේ එකම එක ඡෙදයක් පමණයි.
ඇත්තම කියනවා නම් හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයා රස්සාවෙන් අස්වී ගත වූ සතිය තුල වෙනස් වුනේ එකම දෙයයි. රාජකාරියේ නියුතු දවස් වල දවසට එක සැරයක් විතරක් උදෑසන නාන කාමරයේදී කරගෙන ආ, අත සමඟ වූ ලිංගික ගනුදෙනුව ලැබුනු අතිරේක කාලයත් සමඟ දවසට සාමාන්‍ය වශයෙන් තුන් සැරයක් කරන දෙයක් බවට පත් වුනා. සමහරවිට ඉදිරි සති වලදී ඒක දවසට පස් සැරයක් හත් සැරයක් වගේ සමාන්තර ශ්‍රේනියකින් වැඩි වෙන්නත් බැරි නැහැ.
මාලිනී පොන්සේකා රඟ පෑ චිත්‍රපට රාශියක්, යූ ටියුබ් එකේ වත් නැති විදියට, සිරිසේන මහත්තයාගේ මනසේ රැඳී තිබුනා. ඒ නිසා මේක දවසට විසි පස් වතාවක් වුනත් කරන එක ඔහුට ගැටළුවක් නෙවෙයි.
පොදු සමාජයට සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයා නාන කාමරයේදී කරන දේවල් පෙනෙන්නේ නැහැ. එනිසා පොදු සමාජයේ උපකල්පනය ඔහු අකාර්යක්ෂ්ම, වැඩකට නැති, කොටින්ම වැඩ බැරි පුඟුලෙක් බවයි.
හැබැයි ලංකාවේ පොදු මහ ජනතාවට සේම, ලියන මහත්තයා වන මටද මේ ගැන කළ හැකි දේ අතිශයින් සීමිතයි.
මන්ද මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියා දැන දැනම මේ සිරිසේනලා නිර්මානය කලේ අප අපම නිසා. දැන් ඉතින් “තමුසෙගෙන් වැඩක් නෑ ඕයි, පව් නොදී ගෙදර යනවා” කියා එලවන්න බෑ. දැවැන්ත සිරිසේන සේම පුංචි ගිරාම සේවක සිරිසේනද නිර්මාණය වී ඉවරයි. එහෙම අපට හිතෙන හිතෙන විදියට එයාලාව විනාස කරන්න බැහැ.
එනිසා දෝෂාභියෝගයක් ගෙනැවිත් පාඨකයින්ගේ තුනෙන් දෙකක ඡන්දයෙන් සිරිසේන මහත්තයා මේ කතාවේ කථා නායකයාගේ චරිතයෙන් එළවා දමනවාට වඩා මා කල්පනා කලා, සිරිසේනට ඔය විදියටම අතේ ගගහා…සමාවන්න, වැරදි වචනයක් කියැවුනාට – සිරිසේනට ඔය විදියටම ඉන්න දෙන ගමන් වෙනත් චරිතයකට කතා නායකයාගේ භූමිකාව පවරන්න.
දැන් කවුද වෙනත් චරිත ඉන්නෙ…?
බ්‍රදර් බර්නාඩ් : නළුවෙක් නොව මොලයක් වූ බ්‍රදර් බර්නාඩ් තාම කතා නායකයාගේ භූමිකාවට සුදුසු නැති බවයි බහුතර අදහස. තව ටික දවසක් ඔය විදියට ඉන්න දෙමු.
සමන්තබද්‍ර වහන්සේ : දැන් ඉන්නෙ අතීතයේ. ආපහු ගෙන්න ගන්න නම් වර්තමානයේ චිත්ත රූපයක් මවලා කරන්ට් වද්දන්න වෙනවා. ඒක ටිකක් අමාරු වැඩක්. කරුමෙට ඒ කාලෙ එඩිසන් විදුලි ජෙනරේටරේ හොයාගෙන නෑ. බැක් ටු ෆියුචර් කතාවේ මාර්ටි ටත් මේ වගේම අබග්ගයක් වෙලා තව ඩිංගෙන් එකදාස් නවසිය පනස් පහේ හිර වෙනවා. හැබැයි මාර්ටි ඒ ප්‍රස්නෙ විසඳගෙන ආපහු ආවා. සමන්තබද්‍ර වහන්සේත් එහෙම එන්න බැරි නෑ. තියෙන එකම බය ඊට කලින් පරිනිර්නාවයට පත්වෙයිද කියලා.
නිරාගමික රිට්ටා : අවුරුදු 50,000 කට කලින් මැරුණා. ඇටසැකිල්ල තියෙන නිසා සයන්ස් ෆික්ෂන් එකකින් ඩී. එන්. ඒ. වලින් ක්ලෝන් එකක් හදලා පන දෙන්න පුලුවන්. එච්චර දඟලන්න ඕන කමක් නෑ. බුහු බුහු ගානවායි හැමිනෙනවායි…වැරදුනා ආදරය කරනවායි හැරුණු විට වෙන කරන දෙයක් නැති නිසා.
මොහොමඩ් නසීර් සර් : ඔය විදියට ඉන්න දෙමු තව ටික කලක්. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට.
නිරාගමික සේපාලිකා මල : හත් දෙයියනේ, මතක් කරන්න වත් එපා ඕකිව. මේ වෙලාවෙ මේකි ගැන ජාතිකවාදී මාමලාගෙ මෝල තදවෙලා තියෙන හැටියට මාව මරලා ඉතුරු නොකර බාබකිව් දාලා කටුත් සූප්පු කරාවි.
එතකොට ඉතුරු වෙන්නෙ අර එකදාස් අටසිය බර ගනන් වල ‘බොටර්නෙල්’ කෝපි වතු යායෙන් පැන ගියපු මුරුගේසුයි ගමක් අවුලවන ආදර කතාවක බැඳුනු දෙමල කොල්ලායි මුස්ලිම් කෙල්ලයි විතරයි.
ඒ නිසා ඒ කතා වල කන්ටිනුවේසන් එක ඊලඟට අහමු.
(දහතුන්වැනි කොටසට…)
සර්වාගමික නවකතාව සර්වපාක්ෂිකව හතර අතේ නෙලනව වගේ.
LikeLike
දොන් සිරිසේන මේ කතාවේ චරිතයක් නොවෙයි ද?
LikeLike
දැන් නම් මේ බ්ලොග්එකත් යහපාලනේ වගේමයි.
එපාවෙන කතාවක් ඕනවෙන්න ලියපන්කො.
LikeLike
නිරාගමික සේපාලිකා මල : හත් දෙයියනේ, මතක් කරන්න වත් එපා ඕකිව. මේ වෙලාවෙ මේකි ගැන ජාතිකවාදී මාමලාගෙ මෝල තදවෙලා තියෙන හැටියට මාව මරලා ඉතුරු නොකර බාබකිව් දාලා කටුත් සූප්පු කරාවි.//
කමක් නෑ ඔන්නොහෙ ලියමු. උපාසක මහත්තුරු ටිකක් දත්මිටි කෑවම මොකද!
LikeLike
දැන් සමන්ත භද්‍ර හාමුදුරුවෝ අතීතයේ සිට කරන දේ නිසා වර්තමානය වෙනස්වෙයිද?
LikeLike