කවුදෝ වේසිගෙ පුතෙක්, සමාවන්න ගෞරවනීය පාඨක මහත්මයෙක් – ඊයක අහලා එවලා තිබුනා ආගංගොඩ කියන ගමේ නිරාගමිකයො හිටියෙ නැද්ද කියලා.
මේක සිරිසේන මහත්තයට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. තමන්ගෙ විසි අවුරුදු ගිරාම සේවක ජීවිතේ කවමදාවත් සිරිසේන මහත්තයට නිරාගමිකයෙක් හමුවෙලා තිබුනෙ නෑ. ඒ හන්දා නිරාගමිකයන් කියන්නෙ කවුරුන්ද සිරිසේන මහත්තයා දැන සිටියෙ නෑ.
“ආගම කොහොමෙයි?”
තමන් ගැඹුරු හඬින්, ගෝටාබය රාජපස්ස ටෝන් එකෙන්, අහන ප්‍රශ්නයට ඔහු හැමදාමත් නිශ්චිත පිළිතුරු හතරකින් එකක් බලාපොරොත්තු වුනා. එතැන හිස් කොටුවක් තියෙන්නත් පුලුවන් නේද කියලා බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ වික්ටෝරියානු පරිපාලන සම්ප්රදායයන් අවිඥානකව ඉදිරියට ගෙන යමින් සිටි සිරිසේන මහත්තයා කවමදාවත් ප්‍රශ්න කළේ නෑ.
හැබැයි මේ ගමේ නිරාගමිකයො නොහිටියාම නෙවෙයි. එක උදාහරනයක් තමයි අර සේපාලිකා මලක් වගේ ඉන්න රතු ගැටිස්සි. කොයි තරම් කැමැති වුනත් මේ සේපාලිකා මල ගැන ලියන්න බැරි පුද්ගලික හේතුවක් – හේතු කිහිපයක් – මට තියෙනවා. ලිව්වොත් එක්කො ඒකි මාව මරනවා. නැතිනම් මගේ මලයන්ඩිලා දෙන්නගෙන් එකෙක් මාව මරනවා – උන් දෙන්නටම මේකි එක්ක පොඩි පොඩි පලහිලව් තිබුනා කාලෙකට ඉස්සර. නැත්නම් ඒකිගෙ නිරාගමික බව වත් නොතකා පස්සෙ ඇඹලයො වගේ වැටිලා ඉන්න ආගමික හාල්පාරුවො සෙට් එක මට අනිවා ඩෙෆා ගේම දෙනවා. අහක යන නයි ඔඩොක්කුවෙ දාගත යුතු නෑ මහත්වරුනි. සේපාලිකා මල ගැන මගේ කතාව අවසානයි, අසා සිටි ඔබ සැමට ස්තූතියි.
ඒ නිසා මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයා මට ඔහේලව වසර 50,000 ක් ඈත අතීතයට ගෙන යන්න වෙනවා.
මේ කාලයේ “ආගංගොඩ” – හෝ අද එලෙස හැඳින්වෙන භූමි ප්‍රදේශය – සියයට සියයක්ම – නිරාගමික ගමක්. කොටින්ම ආගමක් කියන්නෙ මොකද්ද කියලාවත් කවුරුත් දැන හිටියෙ නෑ.
යකඩො, මම නෙවෙයි එහෙම කිව්වෙ ආචාර්ය රාජ් සෝමදේව මහත්තයා. උන්නැහේ ආගංගොඩ ගමේ කැණීම් වලින් සොයා ගත්තා නූතන මානවයකුගේ පූර්ණ ඇටසැකිල්ලක්. කාබන් කාල නීර්ණය මඟින් සොයා ගනු ලැබුවේ මේ ඇටසැකිල්ල එතෙක් දකුණු ආසියාවේ පැරණිතම නූතන මානව අවශේෂ කියා සැලකිය හැකි බලංගොඩ මානවයාගේ අස්ථි කොටස් වලටත් වඩා වසර 10,000 ක් පමණ පැරණි බව. මේවා ශාස්ත්‍රීය පරියේසන.
මේ ඇටසැකිල්ල “ආගංගොඩ මානවයා” සේ නම් කරනු ලැබුවා.
හැබැයි රාජ් සෝමදේව මහත්තයා පවා මේ ඇටසැකිල්ලේ අතීත කතාව දැන හිටියේ නෑ. ඔන්න මං කියන්නම් ඒ හන්දා.
________________________________________________________________
මේ පූර්ව අයිතිහාසික ආගංගොඩ ගමේ හිටියා නිරාගමික බුවාලා දෙන්නෙක්. නිරාගමික රිට්ටා හා නිරාගමික රාජා. මේ තනිකරම මගේ පහසුව සඳහා යොදාගත් නම් මහත්වරුනි. මොකද මේ කාලෙ මානවයන්ට බුහ්…බුහ්…බුහ්…බුහ්… ගගා ඉන්නවා ඇරෙන්න වෙන සන්නිවේදන හැකියාවක් තිබුනෙ නෑ. දියුනු ශබ්ද, වචන, අදහස්, සංකල්ප, නම් ගම්, වාසගම්, ජාතික චින්තනය වගේ අනම් මනම් බිහි වෙන්නෙ අවම වසයෙන් තව අවුරුදු 30,000 කින් පසුවයි.
නිරාගමික රිට්ටාට රැහේ කෙලි පැටික්කියක් ගැන කිසියම් ආකාරයක ආදරයක් වගේ එකක් මෝදු වෙමින් තිබුනා මේ කාලෙ.
එහෙම නිකම්ම ‘කෙලි පැටික්කියක්’ කියන එකත් වැරදියි තමයි. මේ කියන්නෙ රිට්ටාගෙ එක කුස උපන් අක්කා ගැනයි. හැබැයි මේ පූර්ව අයිතිහාසික නිරාගමික ලෝකයේ තමුන් ලිංගික කටයුත්තක නියැලෙන්නෙ අම්මා එක්කද තාත්තා එක්කද අක්කා එක්කද නංගි එක්කද එයින් උපදින දරුවන්ගේ ජාන වලට ඇති විය හැකි බලපෑම මොකද්ද වගේ අනම් මනම් කාටවත් ප්‍රශ්න වුනේ නෑ. ඒ හන්දා තමුන්ගෙම එක කුස ඔත් අක්කා එක්ක පෙමින් වෙලීම සම්පූර්න ස්වාභාවික ක්‍රියාවක්.
මේ ආදරය සඟවන්න පුලුවන් දෙකුත් නෙවෙයි. මොකද මේ පැටික්කි දුටු හැටියෙ රිට්ටාගෙ අහවල් එක කොටුවෙ නෙලුම් කුලුන වගේ පත සයිස් එකෙන් කෙලින් වෙනවා. – තව දෙයක් කියන්න අමතක වුනා මහත්වරුනි, මේ කාලයේ මේ නිරාගමික බුවාලා ඔක්කෝම හිටියෙ අමු හෙලුවෙන්. ඇඳුම් කියන දෙවල් මොනවා හරි හොයා ගන්නේ තව අවුරුදු අවම වසයෙන් 25,000 කට වත් පසුව.
රිට්ටා ඉතාම රෝමෑන්තික ආකාරයෙන් මේ කෙලි පැටික්කිට තමන්ගෙ ආදරය ප්‍රකාස කළා මෙහෙම.
“බුහ්…බුහ්…බුහ්…බූඌඌඌඌඌඌහ්…බුහ්…බූඌඌඋහ්….බුහ්….”
ඒ කාලෙ උමාරියා සිංහවංස කෙලී හිටියෙ නෑ. හිටියා නම් මේ රෝමෑන්තික ප්‍රකාසනය මෙහෙම සහස්රකයේ නූතන සිංහලයට පරිවර්තනය කරලා ගායනා කරාවි.
- හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
- අපි පාවෙමුද තුරුලටම වී
- ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
- සංසාරයම මම නුඹගෙ වී
- තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
- සංසාරයම මෙය මට නොදී
- වස්සානයට අත වනලා ඉමු මග බලන්
- උද්‍යානයක කෙළවරට වී
- ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
- මං ගාවින්ම උණුහුම නොදී
සදානන්දකරවූ ඔබේ මදුර රාවෙන් – පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ, කිව්වලු !
අරවින්දය කොයි තරම් හොඳට පිපී ඇවිල්ලා තිබුනද කිව්වොත් කෙමිය රතුම රතු පාටින් දිලිසුනා…
කෙලි පැටික්කිගෙත් පියයුරු තුඩු හෙමත් උල් වෙලයි තිබුනෙ මුගේ නිරුවත් ආදර රංගනය දැකලා. හැබැයි කොයි කෙලි පැටික්කිත් කරනවා වගේ ඒකිත් එකපාරටම ඔව් කිව්වෙ නෑ. ඒකි මෙහෙම තමන්ගෙ අකැමැත්ත ප්‍රකාස කලා…
“බුහ්…බුහ්…බුහ්…බූඌඌඌඌඌඋහ්…බුහ්…බුහ්…බුහ්…”
(පරිවර්තනය: අයියා හොඳ කෙනෙක්. අයියට මට වඩා සුදුසු කෙනෙක් ලැබෙන්ඩෝනැ කවද හරි. එහෙම උනොත් දවසක අයියගෙ වෙඩින් කාඩ් එක මට එවන්න. අයියට ඕනම නම් මට අරන් දුන්නු ෆෝන් එක රිටර්න් කරන්නම්…)
ඊළඟට එළඹුනේ මේ සඳ එළිය සේ අචින්ත්‍ය වූ සම්භාව්‍ය ආදරයේ දෙවන අවස්ථාව. ඒ තමයි කෙලි පැටික්කිගේ දැඩි අකැමැත්ත මත ඒකිව බැද්දට උහං ගිහිලා රේප් කිරීම.
රිට්ටා ඒකිව බැද්දට උහං යනකොට අර නිරාගමික සේපාලිකා ගැටිස්සි පස්සෙ ඇඹලයො වගේ වැටිලා ඉන්න ආගමිකයො සෙට් එක වගේ හැලපයො සෙට් එකක් පොඩි විරෝධතාවයක් දැක්වුවා තමයි. ඒවාට සැලෙයි, අපෙ රිට්ටා.
ප්රාග් අයිතිහාසික ආදරයේ තෙවන අවස්තාව – බලදාරියා විසින් කපන ලදී.
(ලියන මහත්තයගෙ සගයෙක් එක දවසක් ඇහුවා: “මුන්ට පිස්සුද බං මෙව්ව කපන්නෙ? අරක ඇතුලට මේක දානවා අපි කොයි තරම් නම් වාර ගානක් දැකලා ඇද්ද? අපි කොයි තරම් නම් වාර ගනනක් ඕක කරලා ඇද්ද? …. හැමදාම එකයි. මුං ඇත්තටම හිතන්නෙ අපි ඕකවත් දැකලා නැති බබ්බු කියලෙයි?”)
උත්තරීතර ආදරයේ සිව්වන අවස්තාව.
දඩ්…ඩෝං….!
“බුහ්…බුහ්…බූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋහ්…බුහ්…කෑඈඈඈහ් කෑඈඈඈහ්….”
රිට්ටා මිනිත්තු කිහිපයක් තුල සුරතාන්තයටවත් පත් වෙන්නට කලින් රාජා විසින් මහ කලු ගලක් ඔහුගේ ඔලුව මත අත හැර කර රිට්ටා ගාතනය කරන ලදී. අර සිරාගෙ මල්ලිට පොරෝ පාර දුන්න වාගෙ තමයි.
ඊට පස්සෙ මාස කිහිපයක් රාජා කෙලි පැටික්කිත් එක්ක සතුටින් ජීවත් විය.
ඉන්පසුව රාජාද කෙලි පැටික්කිත් එක්ක හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ආදරය කිරීමට ගොස් තව නිරාගමික බුවකුගේ පොලු පහරක් කා සදාකාලික අබ්බගාතයකු බවට පත් විය.
එහෙම තමයි ඒ කාලෙ නිරාගමික ආදර කතා. ශෝකාන්ත වලින් තමයි ඉවර වෙන්නෙ. ඒ වුනත් අද වගේ මුලු ජීවිත කාලයම පරාජිත ආදරේ ගැන අඳෝනා කියපු අසංක ප්‍රියමන්ත පීරිස්ලා හිටියෙ නෑ ඒ කාලෙ. ජීවිතේ කෙටියි. සාමන්‍ය ආයු කාලය අවුරුදු විස්සයි.
ආචාර්ය රාජ් සෝමදේව මහත්තයා වසර 50,000 කට පමණ පසුව හොයා ගත්තෙ රිට්ටාගෙ ඇට සැකිල්ල තමා හිටං.
(දොළොස් වැනි කොටසට…)
එවුන් නිරාගමිකයින් ද? මළයක්කුන්ව අදහපු අය නොවෙයි ද?
LikeLike
නිරාගමික රිට්ටා! 😀
LikeLike
හෆොයි අපේ රිට්ටාට ගිය කලක්
LikeLike
කවුද බොල මේ බ්ලොග් එක ලියන ගස් ගෙම්බා? 🙂
LikeLike