අද බදාදා.
අද තමයි පළමුවැනි වතාවට සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයට පිටු 200 ප්‍රෝමේට් සී. ආර්. පොතේ එක ඡේදයක් හරි ලියා ගන්න ලැබුනේ හිටං.
එල සිරා, එල. යූ ආ මයි නිගා.
ඒක කිව්වෙ ලියන මහත්තයා වන මා නොව මාදම්පෙ අක්කාගෙ, අවුරුදු දොළහක් වන හිච්චි කොලුවා බව කරුනාවෙන් සලකන්න.
මෙන්න මේක තමයි සිරිසේන මහත්තය ලියපු මුල්ම ඡේදය.
“ආගංගොඩ නම් වූ අප වෙසෙන ග්‍රාමය වනාහී ඉතා ඈතට දිවයන අතීතයක් හිමි ග්රාමයකි෴ ඇත් අස් රිය පාබල චතුරංගනී සේනාවෙන් යුතුව බල සෙන් පිරිවරා විජිතපුර සටනට යන ගැමුනු කුමාරයා ඒ යන අතර මගදී අප ග්‍රාමයේ වූ සජ්ජනාරාමය පුරාන රජ මහ විහාරයට සමන්පිච්ච මලින් පුද කල බව වංශ කතාවන්හි සඳහන් වේ෴”
මේ කතාව බාගයක් පට්ට ඇත්ත. බාගයක් පට්ට බොරු.
ගැමුනු කුමාරයා විජිතපුර සටනට යද්දි ආගංගොඩ ගමට ගොඩ වැදිලා ගියා තමයි. ඒ කාලෙ තිබුනෙ ආගංගොඩ කියලා නෙවෙයි අග්රහාරපුරද කොහෙද කියලා වෙන නමක්. ඒත් ඔය සමන්පිච්ච කතාව නම් වංසකතාකරුවා පොඩ්ඩක් අතින් දාපු එකක් හිටං. ඇත්තටම වුනේ සමන්පිච්ච මල් පූජා කිරිල්ලක් නෙවෙයි අද ඔය විහාරය තියෙන තැනට ගැමුනු කුමාරයා හා යාලුවො කීප දෙනෙක් රොක් වෙලා වෙන ජාතියක මලක් කාරිය ගහන ගමන්, පොඩි අල්ලාප සල්ලාපයක් ගිය එකයි. ඒ වෙනකොට මහා ලොකු සේනාවක් හිටියෙ නෑ, හරියට අර බැටිස්ටාගෙ රජය පෙරලන්න ගිය පිදෙල් ක්‍රස්තෝ හා චේගුවේරා සහෝදරයන්ගෙ ගරිල්ලා කන්ඩායම වගේ තමා ගැමුනු කුමාරයාගෙ සේනාව.
එතන ඇති වුනේ මෙන්න මෙහෙම කතාවක්. බොරු මොකටද, මම ලියන මහත්තයා මිස පරනවිතාන මහත්තයා නොවෙන නිසා එදා එළ ප්රාකෘත බාසාවෙන් ඇතී වෙච්ච සංවාදය මෙසේ වත්මන් සිංහලයට නඟා ඇති බව සැලකුව මැනව.
ගැමුනු: පට්ට බඩගිනියි **ත්තෝ!
(කවුරුත් කතාවක් නැත.)
ගැමුනු (වොලියුම් එක වැඩිකර): **ත්තෝ, පට්ට බඩගිනියි!
වෙලුසුමන: තොට බඩගිනියි කියලා අපට තිරුවානා ගල්ද **කෝ?
ගැමුනු: අනේ තොපි තමයි දවසකටවත් යාලුවෝ. තොපි වගේ පට්ට පජාති සෙට් එකක් එක්කද **රියො මම විජිතපුර බලකොටුව බිඳින්න යන්නෙ?
නන්දිමිත්ර: ගෝටා, ගිහින් ගමේ ගේකින් කුරහන් හැලියක් ඇන්න වර..!
ගෝටයිම්බර: තෝ මට කියන්නෙ තෝ පලයන්කෝ, රා-බඩා!
(සබාවේ සිනා)
ගැමුනු: ඇත්තටම උඹේ බඩ වැඩියි බං. තොට හැමදාම් කියනව ජිම් එකකට පලයං කියලා.
නන්දිමිත්ර: එච්චර බඩක් නෑ බං. මේ බලහං පිට් බොඩිය.
සුරනිමල: ඔය මල පාස් කරහං **ත්තෝ… තෝ විතරද ඕක උරන්නෙ?
ගෝටයිම්බර: (මල පාස් කරමින්) එලාරයා මේ වෙලාවට මොනවා කරනවා ඇද්ද බං?
සුරනිමල: ඕකා පට්ට බඩුකාරයා. බඩුවක් ගගහා ඇති.
වෙලුසුමන: ඕකට එලකිරි කෑලි ටික ඉන්නවලු අන්තපුරේ. **රියට වැඩේ දුන්න ගමන් අනිවා ඩෙෆා උස්සනවා කෑලි ටික.
නන්දිමිත්ර: වේලු, ඇත්තද බං උඹ ගේ කියලා කියන්නෙ?
හුහ් හුහ් හූඌඌඌ (සභාවේ දැඩි සිනා)
වෙලුසුමන: රෑ වෙලා වරෙන් ගේද නැද්ද කියලා පෙන්නන්න. **රියා, පෝලිමේ තියලා **කේ අරිනවා **ත්තිගෙ පුතාලට…
මහත්වරුනි ඔය වෙලුසුමන ගේ කියන කතාව නම් අමුම අමු බොරුවක්. ඔය සාටර් කතන්දරේ හැදුනෙ අර කොළඹ ඉස්කෝල වල වේසිගෙ පුතාලා, වැරදුනා උගත් සිස්යයෝ බිග් මැච් කාලෙට කියන ප්‍රකට සින්දුවක් හන්දා.
- විජිතපුර සටනට
- ගොස් එන ගැමුනු කුමරුට
- හිතුනා **කන්නට
- ඇකේ පුරියා වේලුසුමනට
- ඇරපිය ඇරපිය සොපියො දොර
- මාලු කඩේ මාලු කඩේ ජෙමා මම…
ඔය සින්දුව විකෘති කරපු එකක්. ඕකෙ ඔරිජිනල් වර්ශන් එක මෙහෙමයි.
- විජිතපුර සටනට
- ගොස් එන ගැමුනු කුමරුට
- හිතුනා නාන්නට
- ගොහින් පැන්නා බෝක්කුවකට
ඒ නිසා වේලුසුමන ගැන වරදවා තේරුම් නොගන්නා ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා මහත්වරුනි.
කොහොමින් කොහොමින් හරි ඔන්න ඕක තමයි මහත්වරුනි ගැමුනු කුමාරයා සජ්ජනාරාමයට කල සමන්මල් පූජාව. වංසකතාකරුවා ඕක ඔය විදියටම ප්‍රකෘති ආකාරයෙන් රචනා කලේ නෑ. අපට වගේ ඒ මිනිස්සුන්ට වෙච්චි දේවල් වෙච්චි හැටියෙන්ම ලියන්න බැහැනෙ. අපි නං ඔය හිතට එන දෙයක් ඩෝං ගාලා ලියලා අරිනවා.
ඒ මිනිස්සු කරන්නෙ බඩ රස්සාව. එතකොට ඔය වෙන වෙන මල් පුජාවනුත් සමන්මල් පූජාවන් කියලා ලියනවා. සිරිසේන මහත්තයලත් දැන හෝ නොදැන ඒ වැරදි පුනරුච්චාරනය කරනවා.
ගැමුනු කුමාරයා විජිතපුර සටනට යන අතරේ ගමේ තවත් බොහෝ දේ සිදුවෙමින් තිබුනා.
හවස් වෙනකොට රාවයක් ගියා අර මුස්ලිම් කෙල්ල ගෙයි දෙමල කොල්ලාගෙයි සීන් එක ගල් යුගයෙන් එහාට ගියපු එකක්, අරූ ඒකිගෙ පෙට්ටිය කඩලා කියලා. මේවා ගැඹුරු ප්‍රශ්න.
(දස වැනි කොටසට…)
ගැමුණු කුමාරයා විජිතපුර සටනට ගිහින් ආපහු ආවේ ඇයි? සටන දිනලා එහේ රජ වුණා නේද?
LikeLike