මේ සිද්දිය වුනේ සිරිසේන ගිරාම සේවක මහත්තයා රස්සාවෙන් අස්වෙලා අවුරුදු තුනකට විතර පස්සෙ.
ආගංගොඩ ගමට ආවා සුනාමියක්. අර 2004 දෙසැම්බර් මාසෙ තරමටම නොවුනත් ඉතාම බයංකර සුනාමියක්.
ලොකු රතු අකුරින් ලිව්වෙ ඒ සුනාමියෙ බයානක කම ඉස්මතු කිරීම සඳහා මහත්වරුනි.
ගමේ හුඟක් මිනිස්සු මැරුනා. ගෙවල් දොරවල් යටවුනා. මූදු රල මීටර දහයකටත් වැඩිය උඩින් ගියා. පොල් ගස් කඩා වැටුනා. රේල්පාර ඇඹරුනා. 2004 තරමටම නොවෙතත් තරමකට ලොකු හානියක් වුනා.
දැන් ඔහෙලා මගෙන් අහන්න බලාන ඉන්න පුරස්නෙ මම දන්නවා.
යකඩො, කොහොමද අපි නොදන්න දෙවැනි සුනාමියක් ආවෙ ලංකාවට? ඇයි ඔය සුනාමිය ගැන පත්තර ටීවී මොනවත්ම නොකිව්වෙ? උඹ හිතාන ඉන්නෙ අපි කොන්ඩෙ බැඳපු බයියෝ කියලයි?
ඕකනේ කියන්නෙ වලිගෙ පාග ගන්න එපා කියලා.
අද කවදෙයි?
ඉරිදා.
මොන ඉරිදද?
අර සිරිසේන ගිරාම සේවක මහත්තයා රස්සාවෙන් අස්වුනු සිකුරාදා දවසට පස්සෙ ආපු ඉරිදා. වෙන වචන වලින් කිව්වොත් සිරිසේන ගිරාම සේවක මහත්තයා තමන්ගෙ අස්වීමෙ ලියුම යහපාලන…, නෑ වැරදුනා පහයාලනවැව දිසාපතිතුමන්ගෙ අතටම බාර දීලා ගෙදර ආවෙ ඊයෙ නෙවෙයි පෙරේදා.
දැන් සුනාමිය ඇති වෙන්නෙ කවදයි?
පෙරේදා සිට ඉස්සරහට අවුරුදු තුනකින්.
ඉතින් වේසිගෙ පුතෝ… වැරදුනා, ඉතින් ගරු මහත්වරුනි තව අවුරුදු තුනකින් ඇතිවන සුනාමියක් අද පත්තර, රූපවාහිනී දන්නෙ කොහොමෙයි? ඒක තවම දන්නෙ මම විතරයි. අර ජනාදිපතිතුමා මැරෙන දවස දන්නෙ විජිත් රෝහණ විජේමුනි ජ්යෝතිශාස්ත්රඥ තුමා විතරයි වාගෙ. මම කිව්වයින් පස්සෙ දැන් තමයි ඔහේලත් දන්නෙ. නිකම් බූත කතා කරන්න එන්න එපා මෙතැන.
මේ සුනාමිය ගැන මට ඒ කාලෙට ලියන්න පුලුවනි. ඩොකියුමෙන්ටරි එකකුත් ගහලා කීයක් හරි හොයා ගන්න තමයි ඉන්නෙ. ඒ හන්දා වැඩි විස්තර බලාපොරොත්තු වෙන්න එපා.
මං මේ කියන්න යන්නෙ සුනාමිය නිසා ඇති වෙච්චි ප්‍රතිඵලයක් ගැන අතුරු කතාවක්.
මං කලින් කිවා නේද මේ ගමේ ප්‍රධාන ආගම් හතරකට අයත් ආගමික ස්තාන හතරක් තියෙනවා කියලා. (අනේ, තරහ ගන්න එපා තාම හරි හමන් සිතියමක් දෙන්න බැරි වුනාට.) මේ ආගමික ස්තාන හතරෙන් මූදට කිට්ටුවෙන්ම තිබුනෙ මුස්ලිම් පල්ලිය. ඒක අරාබීන් ලංකාවට ආපු මුල් යුගේම තනපු මුස්ලිම් පල්ලියක් කියලයි කවුරුත් කිව්වෙ.
සැ.යු. ආගංගොඩ ගමේ තියෙන මොනම දෙයක් වත් අලුත් නෑ. පන්සලත් වලගම්බා යුගය දක්වා දිවෙන, දුටුගැමුණු රජතුමා රුහුනේ සිට රජරට කරා විජිතපුර සටනට යද්දි සමන්පිච්ච මලින් පූජා පැවැත්වූ පුරාන රජමහා විහාරයක්. කතෝලික පල්ලිය පරනයි කියලා ඔහෙලා දන්නවනෙ. සිව දේවාලෙ තමයි ඔක්කෝටම වඩා පරනයි කියලා කිව්වෙ. ඒක මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වදාට පහුවෙනිදා ඔහේ බකං නිලාගෙන ඉන්න බැරුව විනෝදෙට වගේ නිර්මානය කරපු එකක්. මුස්ලිම් පල්ලියත් ඒ වගේම තමයි.ඉතාම පෞරානිකයි, මහත්වරුනි.
මේ අතුරු කතා නිසා කියන්න ආපු දේ කියන්න බැරි වුනානෙ. සමාවෙන්න.
මුස්ලිම් පල්ලිය තමයි ආගමික් ස්තාන හතරින් මූදට කිට්ටුවෙන්ම තිබුනෙ. ඉතින් තව අවුරුදු තුනක් අනාගතේදි ආපු සුනාමියෙන් ඒකෙ බිත්ති හතර පැත්තෙන්ම කඩා වැටුන කියමුකෝ. එතකොට තමයි ඒක ඇතුලෙ මෙච්චරකල් හැංගිලා තිබුනු අපූරු යමක් එකපාරටම ලලක්කා සාය ඉස්සුවා වගේ ලෝකයට විවෘත වුනේ.
මුස්ලිම් පල්ලියේ බිත්ති හතරින් ඒ වෙන තෙක් වට වෙලා හැංගිලා තිබිලා තියෙන්නෙ පුංචි චෛත්‍යයක්. මහ ලොකු එකක් හෙම නෙවෙයි. ඒත් රුවන්වැලිසෑය වගේම කොත් කැරැල්ල, පේසා මන්ඩලයද මොකද්ද එක, බිසෝ කොටුව… නෑ හතරැස් කොටුව යනාදී සියලු අංග වලින් පරිපූර්න වූ පුංචිම පුංචි බුබ්බුලාකර චෛත්‍යයක්.
කලබොල වෙන්න කාරි නෑ. ඔහෙලා මේ කතාව තාම දන්නෙ නෑ හොඳේ. මොකද මේක වෙන්නෙ තව අවුරුදු තුනකින්.
(පස්වැනි කොටසට…)