පාළොහ (15) කොටස

images-3

ඔහෙලට දැන් ආගංගොඩ ග්‍රාමයේ පුරාණ ඉතිහාස කතාව අමතක වෙලත් ඇති කියලයි මයෙ හිත නම් කියන්නේ. ඔහෙලට මතක ඇති 11 කොටහෙන් මම ලීවා ආංගම්ගොඩ ග්‍රාමයේ වසර 50,000 කට එහායින් හිටි ,නිරාගමික රිට්ටා හෙවත් “ආගංගොඩ මානවයා” ගැන.

පොඩියට ප්ලෑශ් බැක් එක දෙනව නම් ඒ කාලේ ආගංගොඩ ගම්මානේ තනිකරම නිරාගමික ගමක් කියල මම ඔහෙලට කීවා මතකැති. මම ඒ බව ඔහෙලට කීවේ කටට ආ පළියටවත් , කොහෙ හරි ලියල තිවුව පලියටවත් නෙමෙයි. තමන්ගෙ රස්සාවෙනුත් අස්වෙලා රිසර්ච් ප්‍රොජෙක්ට් එකට සිරිසේන ගිරාම සේවක මහත්තය මෙවුව හෙවුවෙත් බොහොම පරිස්සමට. උන්දැගෙ “ වැඩ නෑ , කට දෙඩවිල්ල විතරයි“ කියල  ගම්මු කීවට මොකෝ තමුන් කරන වැඩේ ගැන පරතෙරටම හොයන නිසා නොවෙන්නම් උන්දැට මේ වැඩ කොරන්න ඔය හැටි කාලයක් ගත වෙන්නෑ කියලයි මයෙ අදහස.

මාත් ඔහෙලට ඒ ගැන ලීවේ හිටපු ගිරාම සේවක රාලහමිගෙ පොත් මෙසේ පුරා , පොත් රාක්කෙ පුරා , ඇඳ පුරා විතරක් නෙමේ පයක් ගහන්න ඇහැක් විදිහක් නැතිව මුළු කාමරේ පුරාම අතුරල තිබ්බ ආගංගොඩ ගමේ නමක අකුරක් පවා සඳහන් වෙච්චි හැම පොතක්ම කියෝල හොයල බලලයි.

උන්දැ මාස ගණනකට ඉස්සර D උපනගරයේ කාර්ගිල්ස් එකෙන් ගත්තු බ්‍රවුන් පේපරයක් දාපු , ප්‍රෝමේට් පිටු 200 තනිරූල් සී.ආර්. පොතත් අර පොත් අවුස්සද්දි අස්සක තිබිලා මයෙ අතටම හමුවුනා. ඒ පොතේ එක පිට්ටකටවත් පෑනක් තියල නැති උනත් යහපාලනේ කියල  , සමාවෙන්න “ ආගංගොඩ ගමේ ඉතිහාසය “ කියල ලස්සන පිරිමි අකුරෙන් ලියාල නම් තිබුනා.

ඉතින් ඔන්න මේ  කියන කතාව වෙද්දි , ඒ කියන්නේ සිරිසේන මහත්තයාගේ රීසර්ච් ප්‍රොජෙක්ට් එක  ආරම්භක කාලේ වෙද්දි මේ ගම්මානේ   නිරාගමික බහුභූතකාරයෝ   එකෙක් හිටියේ නෑ.

ඒත් , උන් හිටිගමන් ගමට කඩන්පාත් වෙච්චි රුවුල කොණ්ඩෙ වැවුනු කණ්නාඩි පොළඟෙක් තමන්ව හඳුන්වා ගත්තේ “නිරාගමිකයා “ කියලා. ගමේ උන්නු එක සමාන ආගම්කාරයෝ හැමේකාම මේ එක වචනෙට හෙල්ලිලා භූත වෙලා ගියා.

තමන්ගෙ එකාලට ඉන්න හිටින්න තැනක් නැතෙයි කියල මොලෝ සතෙකුට වැඩක් නැති කැලයක් එළි කර කර හිටි එවුවොත් , අරහත්භාවය ලබපු රත්තරන් සිවුරු අඳින සමන්තබද්‍ර ගෙ ජීවමාන ප්‍රමාණයේ පිළිමයක් නෙල නෙල හිටපු එවුවොත් ( මේන් මේ පිළිමෙ ගැනත් පස්සෙන් පහු මතක් කරන්න මතක තියා ගන්න ඕනි. මොකද කියනව නම්  ඕනනොය පිළිමෙ සිවුරේ රැළි ඇඟට ඇලිල වැඩිය. උන්දැගේ    සමාවෙන්නෙ සාධු සාධු සමාවසර , අරහත් බද්‍ර ගෙ ශ්‍රී ශරිරය මහතය කියලා උපාසකම්මල අතරේ ගිය කසුකුසුව වෙනමම කතාවක් ) හරි ඉතින් ඕන්නොය පිළිමෙ නෙල නෙල හිටි එවුවොත් , ඔය වටේ ඉදන් සාධුකාර දිදි හිටපු එවුවොත් ,සිව දේවාලෙ එවුවොත් , කතෝලික පල්ලියෙ දේව ස්ත්‍රෝත ගායනා කර කර හිටි එවුවොත් ඔක්කලාම අර “ගල් පිළිමෙ“ කියන සෙල්ලම කරද්දි වගේ මොහොතකට ගල් වෙලා ගියා.

තමන් “නිරාගමිකයා“ කිය කිය අමුතු විදිහකට රඟන , ආගංගොඩ ගමට ආපු අමුත්තාගෙ නැටුම බලන් ඉද්දැද්දි ආගංගොඩ ගමේ කුඹුරු වේලීලා ගියා , කුඹුරු වල පීදිලා තිබිච්චි ගොයම් කරල් දෙක තුනත් කොහෙන් ද ගොඩබාපු කුරුල්ලො වගයක් ඇවිත් කපාන ඇන්න ගියා , ක්‍රෝටන් කොළයි , කොප්ප කොළයි , කොස් කොළයි කන්න වෙන විදිහක් උදාවෙලා තිබ්බ වගේම. ඒවා එක එක රසට උයන වැඩසටහන් ප්‍රසිද්ධ වේගෙන ගියා. කොටින්ම  ඒ වෙද්දි පටන් අරන් තිබ්බ ආගංගොඩ ප්‍රෙෙජෙක්ට් සේරොම පාහේ වැඩ නැවතිලා වැහිල යන තත්තෙට පත්වෙලා ගියා. හරියට සිරිසේන ගිරාම නිලධාරි    සමාවෙන්න සේවයෙන් ඉල්ලා අස්වුනු ගිරාම නිළධාරී මහත්තැන්ගෙ ප්‍රොජෙක්ට් එක වගේම තමා.

හැබැයි අර ගම කොණකට වෙන්නට තිබ්බ මහා කැළේ කපනෙක නම් හීන්සීරුවෙ කාටත් හොරෙන් කෙරුනැයි කියල මේ ගමේ අන්තර්ජාලෙ ද මක්කද නිතර දෙවේලේ භාවිතා කොරපු , කොළඹ ලොකු ඉස්කෝලෙකින් විභාගෙ ලියල නිවාඩුවට ගමට ඇවිත් කරක් ගහන ගමේ ඉස්කෝලෙ මහත්තයගෙ  නසරාණි කොල්ලා  කෑගහල කීවත් මේ ගමේ කිසි එහෙකුට එවුවයෙ ගාණක් තිබ්බෙ නැහැ. ඒ නසරාණී කොල්ලත් ආගම්කාරයෙක්. යකෝ මූනේ වැඩේ කියලා ගැමේ හැමේකාම බලා හිටියේ අර “නිරාගමික “ රැවුල දිහා.

හිටි ගමන් දවසක් මේ ගමේ තිබිච්චි මේ නොසන්සුන් ගතිය තව ත් නොසන්සුන් වෙන්න එකම හේතුව වුනෙත් ඕං ඔය නිරාගමිකය කරපු  වැඩක්. නිරාගමිකා යනු කවරෙක් ද කියලා සිරිසේන ගිරාම සේවක හොයාගෙන ඇවිත් කරපු පැහැදිලි කෙරුම අහන් ඉදන් යාන්තමින් මොළයට යමක් තේරුම් යද්දි ම  මේ අවජාතක  සමාවෙන්න “නිරාගමිකය“ කරපු දෙයින් , මොහොම අමාරුවෙන් හොයාන් ඇවිත් “නිරාගමිකා යනු කවරෙක් ද?“ කියල රෑ දවල් නිදිමරල ලියපු හැමදේම  කිසිම තේරුමක් නැතිව යද්දි ආගංගොඩ ගමේ ගම්වැසියො විතරක් නෙමේ ගමේ හිටපු ප්‍රධානම රජයේ නිලධාරිය වෙච්චි සිරිහෙන උන්නැහෙගෙ මොළෙත් අක්ඥකොරොස් වෙලා ගියා.

තමන්ට ආගමක් නැතිය , තමා නිරාගමිකය , ආගම් බොරු ය, ආගම් කියන්නෙ මෙලෝ සතෙකුට වැඩකට ඇති දෙයක් නෙමේය යනා දි  දේ (ඔවුව “නිරාගමිකයා “ කිවුවෙ ඔය තරම් සරලව නෙමේ , සැර කරල ,බර කරල , අමුතු වචන දාලා ,පොළේ අඩි හප්පල  කෑගල කීවේ.ඒත් අන්තිමේ සාරාංශය මේකයි කියල ආගංගොඩ ගම්මු දැන ගත්තේ ගිරාම සේවක මහත්තයගෙ පැහැදිලි කිරීමෙන් . උන්දැ ඉතින් වෙලාවකට අමු තිත්ත කුණුහරුපෙනුත් බයින නිසා උන්දැගෙ වචන හරිම සරලයි . ආගංගොඩ ගමේ උන්ට තේරෙන්නෙ එහෙම කීවොත් විතරයි කියල ඒ ගමේ ගිරාම සේවයකයට  සමාවෙන්න ගිරාම සේවක රාලහාමිට වඩා දන්න වෙන්න කවුරුවත් නෑනේ ආයිබෝන්)  කිය හිටපු “නිරාගමිකයා“ හිටපු ගමන් කමිසෙ ගලවලා තුන්නූර් ගාලා ගමේ තිබ්බ  කෝවිලට යන්න ගියා.

ආන්නේකයි , ආගංගොඩ ගමේ මිනිස්සුන්ට මේ “නිරාගමිකයා “  බහුභූතයෙක් වුනේ. පිළිම වගේ ගල් ගැහිල හිටි ආගම්කාරයෝ මේ ගැන කතා වුනත් රදා රෑම ටිවිඑකේ ගියපු වැඩසටහනක පෙනී හිටපු නිරාගමිකයා කීවේ “ තමන් යටට ඇදල හිටපු නිසා “ කෝවිලට ගියපු එක කිසි ප්‍රශ්නයක් නෑ කියල තමා. ඒක අහල ආගංගොඩ ගමේ සමහරු වගේම රස්සාවෙන් අස්වෙලා හිටපු ගිරාම සේවක මහත්තයත් අධික ලැජ්ජාවට පත් වෙලා දවස් ගාණක් යනකම් ගෙදරින් දොඩ්ඩ බහින්නැතිව හිටියා කියලයි ආරංචි වුනේ.

Posted in Non classé | 4 Comments

දහහතර (14) කොටස : බෛයෝ හා සිවුරු-හොරු

සම්මා සම්බුද්ද උප්පත්තියෙන් වසර 2600 පමණ ගතවූ තැන්හි මුලු මහත් ආගංගොඩ ගම්මානයම බෛ වසංගතයකට මැදි විය. (මේ සිරිසේන ගිරාම සේවක මහත්තයා රස්සාවෙන් අස්වෙන්න කලින් හිටං! එයා ඒ කාලෙ ගැමි දරුවන්ට සෞක්කියාරක්සිතව ත්‍රිපෝෂ බෙදමින් තමයි හිටියෙ.)

‘බෛයෝ’ (විද්යාත්මක නාමය : Baio selènika) කියල කිව්වෙ පුංචි කෘමින් විශේෂයකට.

ඊට ඉස්සර කිසිම කෙනෙක් ඒ විදියෙ අමුතු ජාතියෙ විච්චූරන කෘමින් පිරිසක් දැකලා තිබුනෙම නෑ.

වරදවා තේරුම් ගන්න එපා, ආගංගොඩ ගම්මානය කියන්නෙ මැසි මදුරුවන් ගෙන් විනිර්මුක්ත සදෙව් ලෝකයේ මායිමේ තියෙන එකක් හෙම නෙවෙයි. අලි කොටි නොහිටියාට අඳුන් දිවියාගේ සිට වල් බල්ලා දක්වාත්, කබරගොයාගේ සිට ඇනෝපිලිස් මදුරුවා දක්වාත් සතුන් රාසියකට ආගංගොඩ අභය භූමියක් වුනා. හැබැයි මේ එක සත්තු ජාතියක් වත් අඟහරු ලෝකෙන් ආපු එවුන් හෙම නෙවෙයි. සාමාන්යයෙන් මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම දිග්බාගෙම හොයා ගන්න පුලුවන් එවුන්.

ඔය බෛයෝ කියන සත්තු ජාතිය නම් අඟහරු ලෝකෙන්ම ගෙනාවා වගේ අමුතු සත්තු ජාතියක්. මේ ලංකාවෙ වෙන කොහේවත් ඔයවගේ විච්චූරන සත්තු වර්ගයක් හිටියෙ නෑ. ආගංගොඩ ගමේ පමනමයි උන් හිටියෙ.

රතුපාට බෛයෝ

කොලපාට බෛයෝ

තැඹිලිපාට බෛයෝ

දම්පාට බෛයෝ

කොටින්ම ඒ කාලෙ මේ බෛයෝ ගැන විසේස පරීක්සනයකට කැලනිය විස්ස විද්යාලයේ සත්ව විද්යා අංසයෙනුත් පර්යේසන කන්ඩායමක් ආවාය කියමුකො ආගංගොඩට. අනේ, ඔවුන් හොයා ගත්තු මගුලකුත් නෑ.

මිනිස්සු නම් කතාවට කිව්වෙ මේක නාථ දෙවියො කෝප වෙලා කරපු විනාසයක් කියලයි. මේ ගැන අයි. ටී. එන්. එකේ ‘දොරමඬලාව’ වැඩ සටහනේ විගද්ද මන්ඩලයක් විසින් විශේෂ කතිකාවකුත් කෙරුනා.

“දැන් බලන්න හසන්ත, ලංකාවෙ බොහෝ පිරිසක් බෛයන් ගැන දන්නවා. නමුත් අපි නොසිතන දෙයක් තිබෙනවා. එනම් ආසියානු කලාපයේ ම වැඩිපුර බෛයන් ගැන කතා කරන්නෙ ලංකාවෙ. ඇයි එහෙම වෙන්නෙ? ඒකට හේතුව දීප්ති. අද ඔයා මගෙන් බෛයන් ගැන අහන්නෙත්, මම අද බෛයන් පිළිබඳව කතා කරන්නෙත් දීප්ති නිසා. ඒ නිසා මම යළිත් කියනවා දීප්ති මඟහැරලා බෛයන් පිළිබඳව කතා කරන්න බැරි බව…”

ඔන්න ඔහොමයි බෛයන් ගැන විගද්දයන්ගේ කතා.

බෛයෝ කිසිම සතෙක් බෝ නොවෙන වේගෙකින් බෝවුනා. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට මෙන්න සිය, දාස්, දස දාස් ගානින් බෛයෝ බෝ වෙලා. ඒ වගේම තමයි මුන් නොගිය නොහිටපු තැනක් නෑ.  

දවසක් ලලක්කා කස්ටමර් කෙනෙක් ඉස්සරහ සාය උස්සනකොට මුං ලලක්කයෙ අහවල් එකෙත් කොලනියක් හදලා කියලා කතාවක් ගියා.

ආගංගොඩ ගමේ ගෑනු මිදුලෙ වී වේලන එක නතර කලා බෛයන්ගෙන් බේරෙන්න බැරුව. උන් මිලියන ගණනින් පියාඹන්න ගත්තාම පොළොවට අව් කළඹක් වැටෙන්නෙ නෑ. ඉතින් වේලපියව්කො වී!

  • ආකාසෙන් යන්නා වූ – නෙක් බෛයන්ගේ

  • සේවනැල්ලෙනි හිරු – රශ්මිය භංගේ….

අන්න එහෙම තමයි බෛයෝ. මිලියන ගනනින් පොදු අරමුනක් වෙනුවෙන් ඒකරාසී වුනා.

අර කැලනිය විස්ස විද්යාලයේ පර්යේසක කන්ඩායම පින්තූර අරන් ඉරි ගහලා, කොටු ඇඳලා ගනන් කරලා එක එක තැන් වල ඒකරාසී වෙච්චි බෛයෝ ගනන හෙව්වා.

“ගීතා මැඩම්, මං හිතන්නෙ මේ වර්ග මීටරේ ඇතුලෙ බෛයෝ ලක්ෂ දෙකක් වත් ඇති!”

“මොන ලස්ස දෙකක්ද උදය මහත්තයෝ, මෙතැන කෝටි දෙකක් වත් බෛයෝ ඉන්නවා.”  

පරියේසන කන්ඩායමේ නෝනාවරු මහත්වරු කතා කලා.

ඇත්තටම මේ බෛයෝ නිසා ගමේ මිනිස්සුලාට පුදුම කරදරයක් තමයි උනේ.

ඔන්න දවසක් බ්‍රදර් බර්නාඩ් පාරේ යනකොට බෛයෝ රංචු පිටින් ඇවිල්ල දෙබරු අනින්නහේ බ්‍රදර් බර්නාඩ්ට අනින්න පටන් ගත්තා කියමුකෝ. බ්‍රදර් බර්නාඩ් මොලේ කල්පනා කරලා එක පාරටම ලෝගුව ගලවලා දාලා වතුර වලකට පැනලා බේරුනා. බෛ සේනාව දවස් තුනක් තිස්සේ අර බ්‍රදර් බර්නාඩ් ගලවලා වීසි කරපු ලෝගුවට ඇන්නාලු.

ඔය විදිහට බෛයෝ බෝ වෙලා ටික කාලෙකට පස්සෙ තැඹිලි පාට කුරුල්ලෝ රංචු පිටිනුත් ආගංගොඩ ගම්මානය ඉහළින් පියාඹන්න පටන් ගත්තා. අර සිවුරු-හොරු කියන්නෙ – අන්න එවුං.

“ඔන්න හොඳ ලකුනක්..!”

අර කැලනිය විස්ව විද්යාලෙ පරියේසන කන්ඩායම කිවා.

“පරිසර පද්දතියක සමතුලිතතාවය බිඳුනම පද්දතිය විසින්ම ඒක ආපහු යතා තත්වයට ගේනවා. ඔය සිවුරු හොරු ඇවිල්ල ඉන්නෙ බෛයෝ කන්න. දැන් ඔය බෛ වසංගතය ඉවර වේවි.”

මොන? සිවුරු-හොරු ආවයින් පස්සෙ බෛයෝ තවත් වැඩිවෙලා වගෙයි පෙනුනේ…

ජීව විද්යාව කියන්නෙ පට්ටපල් බොරු මහත්තයෝ!

 

(පහලොස්වැනි කොටසට…)

Posted in Non classé | 16 Comments

දහතුන (13) කොටස : හම්බයෝ එති!

images

මුරුගේසු හා රගුනාදන් කියන දෙමළ තරුනයින් දෙන්නා 1830 දසකයේ අග හරියේදී ‘බොටර්නෙල්’ වතු යායෙන් නිදහස් වෙලා නිරිත දිගට ගමන් කලා මනුස්ස වාසයක් හමු වෙතැයි බලාපොරොත්තුවෙන්.

නැහැ, ඔවුන් පැමිණියෙ ආගංගොඩ ගම්මානයට නෙවෙයි!

කොටින්ම ඒ කාලෙ ආගංගොඩ කියලා තනි ගම්මානයක් තිබුනෙ නෑ. ඒ කාලෙ තිබුනෙ වෙන වෙනම ජන කොට්ටාස තුනක එකතුවක්. මේ ජන කොට්ටාස භූගෝලීයව තිබුනේ එකට නොව එකිනෙකින් ටිකක් දුරස්තවයි. හරියටම වෙන වෙන කුඩා ගම්මාන වගේ.

අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එතැයි සිතිය හැකි කුඩා මුස්ලිම් ජනාවාසයක් වෙරලට කිට්ටුවෙන් තිබුනා. මේ තමයි ජනාවාස කිහිපය අතුරින් ඒ වන විට විශාලතම හා සමහරවිට වඩාත්ම බලසම්පන්න එක. ඔවුන්ට කුඩා පල්ලියක් – ඔය අද තියෙන එක හෙම නෙවෙයි – තිබුනා, වන්දනාමාන කටයුතු පිනිස.

සිංහල බෞද්ද ජනාවාසය ඒ තරම් බලසම්පන්න එකක් නෙවෙයි. ඒ වන විට දහනව වන සියවසේ බෞද්ද ආගමික ප්‍රබෝදය ඇති වෙලා නැහැ. කොටින්ම පන්සලක් කියලා දෙයක් නමට තිබුනත් ඒකෙ හිටියෙ මහනුවර යුගයෙ නස්ටාවසේසයක් පමනක් වුනු ගනින්නාන්සේ කෙනෙක් මිසක බෞද්ද භික්ෂුවක් වත් නෙවෙයි. සිවුරු පෙරවීමකින් තොරව අඳනය විතරක් හැඳ සිටි මේ ගනින්නාන්සේට පන්සලට එහා පැත්තෙ ඉඩමේ ගෑනියෙක් හිටියා. මහා ලොකුවට සාර සුබාවට නෙවෙයි. ඒ වගේම මේ කාන්තාව ගනින්නාන්සේගෙ බිරිඳ ලෙස ප්‍රසිද්දියේ පෙනී සිටියෙත් නෑ. හැබැයි ඇය ගනින්නාන්සේ සමඟ ලිංගික සම්බන්දතා පවත්වනවා කියන කාරනය රහසක් වුනේවත්, කාටවත් එය ප්‍රශ්නයක් වුනේ වත් නෑ. ගනින්නාන්සේ රෑට කෑවා. අඳේට කුඹුරු වැඩ කලා. අවමංගල්‍යයක් වගේ අවස්තාවල අවශ්‍ය ආගමික කටයුතු කලා. ගම්මුන් මහසෝනා දැකලා බිය වුනාම පිරිත් කිව්වා. හැබැයි දර්මය දේසනා කරන්න තරම් නම් දැනුමක් තිබුනේ නෑ. මේ ගනින්නාන්සේගෙ නායකත්වය යටතේ තිබුනු බෞද්ද ජනාවාසය පිරිහුනු කුඩා එකක්. මේ වගේ ජන කොටස් තමයි පහු කාලෙක අනගාරික දර්මපාලතුමා විසින් නැවත නැඟිටුවා ගන්නා ලද්දේ.

1830 දසකය අග හරියේදී, පසුව ආගංගොඩ බවට පත්වන මේ ගම්මානයේ තිබුනු තෙවන ජන කොට්ටාසය තමයි ප්‍රංශ පියතුමකුගේ නායකත්වයෙන් රොක් වෙලා තිබුනු කතෝලික ජන කොටස. ලංකාවෙ පුරුතුගීසි යුගය දේසපාලනික වසයෙන් අවසන් වුනායින් පසුව  පුරුතුගීසි පියතුමන්ලා අපේ රටට ආවෙ නෑ. පුරුතුගීසි යුගයේදී ඇතිවුනු කතෝලික පල්ලි කරගෙන ගියේ බොහෝ විට ප්‍රංශ මිසනාරි පියතුමන්ලා විසින්. සමහරවිට ඔවුන් අලුතින් පල්ලි ඇති කලා. මේ පල්ලි වටා විසේසයෙන්ම සමාජයේ කුලහීන යැයි සැලකුනු ජන කොටස් ඒකරාසී වුනා.

මේ ජන කොටස් තුනම ලොකුවට බලසම්පන්න නොවෙන්න හේතුව තමයි ඒ කිසිවකට රාජ්යානුග්රහය නොලැබීම රාජ්යානුග්රහය ලැබුනේ ඒ වන විට ලංකාව පාලනය කල වික්ටෝරියා මහාරාජිනීන් වහන්සේගේ ආගම වූ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමටයි.

මුරුගේසු හා රගුනාදන් යන තරුනයින් දෙදෙනාට මේ ජන කොටස් තුනෙන් එකකට සම්බන්ද වෙන්න අවස්තාව තිබුනා. හැබැයි දැන හෝ නොදැන ඔවුන් තීරනය කලා ඒ කිසිවකට සම්බන්ද නොවෙන්න. නිදහස්ව වෙසෙමින් ජනකොටස් සමඟ වැඩ කරන්න ලොකු බාදාවක් තිබුනෙත් නෑ.

මේ නිසා භක්තිමත් දෙමල තරුනයින් දෙදෙනා තමන් ගෙනා ගනදෙවි පිලිමය ඔහේ පැලවී තිබුනු බෝ ගහක් යටින් තියා වන්දනා මාන කරමින් අලුත් සංස්කෘතියක් ඇති කරමින් සිටියා.

වසර කිහිපයක ඇවෑමෙන් මුරුගේසු දරු දෙදෙනකු සිටි සිංහල ගෑනියෙක් සහේට ගත්තා. ඒකිගෙ මිනිහා මිය ගියේ අවේලාවේ කුඹුරට යද්දි යකා ගහලා. රගුනාදන් මුස්ලිම් ගෑනියෙක් එක්ක අනියම් සම්බන්දතාවයක් පටන් ගත්තා. මුස්ලිම් ගෑනියෙක් කිව්වට ඒකි මුස්ලිම් මිනිහෙක් එක්ක හිටි සිංහල ගෑනියෙක්. අරාබි වෙලෙන්දන් ගෑනු ගෙනාවෙ නෑ. මේ රටේ ගෑනුන්ව කසාඳ බැන්දා.

එහෙම කිව්වට මේ කාලයෙ නීත්‍යානුකූලව කසාඳ බඳිනවා කියලා මඟුලක් නෑ. මිනිස්සු ගෑනු තමන්ගෙ අබිමතය පරිදි දෙන්න දෙන්නා එකතු වෙලා හිටියා. සමාජයේ එක්තරා දුරකට පිලිගැනීමක් තිබුනා එක මිනිහට එක ගෑනි සංකල්පයට. හැබැයි ඕවා කැඩුනු අවස්තා ඕනෑ තරම් තිබුනා, අද වගේ නෙවෙයි. බලපුලුවන්කාරයා ගෑනු තුන හතර තියාගෙන හිටියා. වික්ටෝරියා මහ රැජින කිරීටයට පැමිනි අලුත මේ. කාලයත් සමඟ ඇය මේවා වෙනස් කරනවා තමයි. හැබැයි මේ ඒ කාලෙට ඉස්සර.

ශාකහාරී මුරුගේසු හා රගුනාදන් දෙන්නා රැකියාවක් වසයෙන් කලේ මූදෙ මාලු අල්ලන එකයි. මෙතැන පොඩි පරස්පරයක් පෙනෙනවා තමයි. හැබැයි වෙජිටේරියන් කියන්නෙ මස් මාලු නොකන එකට මිසක්කා සත්තු නොමරන එකට නෙවෙයි.

ශාකහාරී දෙමළ තරුනයින් දෙන්නා මසුන් මරමින්, පානාතිපාතය රැක්කාට මාංසහාරී වූ බෞද්දයින් සමඟ ඒවා ශාක ආහාර ද්‍රව්‍ය වලට බාටර් කර ගනිමින් නියම සහජීවන ගේමක් අරගෙන කියා.

අන්න නියම සහජීවනය! අද වගේ ඇන්. ජී. ඕ. වලින් ක්රුතිමව නිර්මානය කරන සහජීවනය වගේ නෙවෙයි.

මේ මිතුරන් දෙන්නා රැකියාව කලේ මූද අයිනේ බව අමුතුවෙන් කියන්න ඕනැ දෙයක් නෙවෙයි. ඔවුන්ට මාලු දැල් වගේ දියුනු උපක්‍රම තිබුනේ නෑ. හෙල්ලයක් වගේ සකස් කල ආයුධයකින් මූදු වෙරලට එන මාලුන්ට ඇනලා තමා මරා ගත්තේ. මේක අකාර්යක්ශ්ම වැඩක්. නමුත් ඒ කාලයේ ඔය පලදායිතාවය ගැන කතා කරන මැනේජ්මන්ට් ගුරාලා කවුරුත් හිටියේ නෑ. දෙන්නාට දවස සරි කරන්න මෙහෙම මරන මාලුවන් දහ පහලොස් දෙනා හොඳටෝම ඇති.

දවසක් මෙහෙම මාලුන් මර මරා ඉන්නකොට – හරියටම කිව්වොත් මරන්න මාලු වෙරලට එයිද බල බලා ඉන්න කොට – රගුනාදන් මෙහෙම කෑගැහුවා, දෙමලෙන්.

“මුරුගා…මුරුගා… අර බලාපල්ලා, අර මොනවාද මූදේ…?”

මෑත මූදේ ඔවුන් දෙසට එමින් සිටියේ වේවැල් වට්ටි වගේ රවුම් අමුතුම ජාතියේ ඔරු හතරක් පහක්.

මේවාට කියන්නෙ “හම්බන්-ඔරු” කියලා බව දෙමල තරුනයින් දෙදෙනා දැන සිටියේ නෑ…

(දහහතරවන කොටසට…)

Posted in Non classé | 2 Comments

දොළහ (12) කොටස : සිරිසේනගෙන් ඔබ්බට!

z_jun-p15-piyadasa-sirisena

මේක සිරිසේන කියන නමේ ප්‍රස්නයක් වෙන්නත් පුලුවන්.

වඩා දැවැන්ත සිරිසේන කෙනෙක් සම්බන්දයෙන් ලංකාවේ පොදු ජනතාවට ඇති වී තිබෙන එක් ගැටලුවක් මට හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයා සම්බන්ධයෙන් ඇති වී තියෙනවා.

මුගේ කයිය විතරයි. කරන මඟුලක් නෑ.

අද සිකුරාදා. ගිරාම සේවක සිරිසේන මහත්මා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය යහපාලන…. සමාවන්න පහයාලනවැව දිසාපතිතුමාට බාර දීලා ආවේ හරියටම සතියකට කලින් දවසක.

පොර ටෝක් දීගෙන, හොඳට කර ගෙන හිටපු රස්සාවෙන් අස් වෙච්චි හැටියට මම හිතුවෙ සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයා විශ්වය උඩු යටිකුරු කරන ආකාරයේ මහා දැවැන්ත ප්‍රොජෙක්ට් එකක් කරයි කියලා. අන්තිමේ රස්සාවත් නෑ. කරපු මඟුලකුත් නෑ. තවමත් ප්‍රෝමේට් සී. ආර්. පොතේ ලියා ඇත්තේ එකම එක ඡෙදයක් පමණයි.

ඇත්තම කියනවා නම් හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයා රස්සාවෙන් අස්වී ගත වූ සතිය තුල වෙනස් වුනේ එකම දෙයයි. රාජකාරියේ නියුතු දවස් වල දවසට එක සැරයක් විතරක් උදෑසන නාන කාමරයේදී කරගෙන ආ, අත සමඟ වූ ලිංගික ගනුදෙනුව ලැබුනු අතිරේක කාලයත් සමඟ දවසට සාමාන්‍ය වශයෙන් තුන් සැරයක් කරන දෙයක් බවට පත් වුනා. සමහරවිට ඉදිරි සති වලදී ඒක දවසට පස් සැරයක් හත් සැරයක් වගේ සමාන්තර ශ්‍රේනියකින් වැඩි වෙන්නත් බැරි නැහැ.

මාලිනී පොන්සේකා රඟ පෑ චිත්‍රපට රාශියක්, යූ ටියුබ් එකේ වත් නැති විදියට,  සිරිසේන මහත්තයාගේ මනසේ රැඳී තිබුනා. ඒ නිසා මේක දවසට විසි පස් වතාවක් වුනත් කරන එක ඔහුට ගැටළුවක් නෙවෙයි.

පොදු සමාජයට සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයා නාන කාමරයේදී කරන දේවල් පෙනෙන්නේ නැහැ. එනිසා පොදු සමාජයේ උපකල්පනය ඔහු අකාර්යක්ෂ්ම, වැඩකට නැති, කොටින්ම වැඩ බැරි පුඟුලෙක් බවයි.

හැබැයි ලංකාවේ පොදු මහ ජනතාවට සේම, ලියන මහත්තයා වන මටද මේ ගැන කළ හැකි දේ අතිශයින් සීමිතයි.

මන්ද මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියා දැන දැනම මේ සිරිසේනලා නිර්මානය කලේ අප අපම නිසා. දැන් ඉතින් “තමුසෙගෙන් වැඩක් නෑ ඕයි, පව් නොදී ගෙදර යනවා” කියා එලවන්න බෑ. දැවැන්ත සිරිසේන සේම පුංචි ගිරාම සේවක සිරිසේනද නිර්මාණය වී ඉවරයි. එහෙම අපට හිතෙන හිතෙන විදියට එයාලාව විනාස කරන්න බැහැ.

එනිසා දෝෂාභියෝගයක් ගෙනැවිත් පාඨකයින්ගේ තුනෙන් දෙකක ඡන්දයෙන් සිරිසේන මහත්තයා මේ කතාවේ කථා නායකයාගේ චරිතයෙන් එළවා දමනවාට වඩා මා කල්පනා කලා, සිරිසේනට ඔය විදියටම අතේ ගගහා…සමාවන්න, වැරදි වචනයක් කියැවුනාට – සිරිසේනට ඔය විදියටම ඉන්න දෙන ගමන් වෙනත් චරිතයකට කතා නායකයාගේ භූමිකාව පවරන්න.

දැන් කවුද වෙනත් චරිත ඉන්නෙ…?

බ්‍රදර් බර්නාඩ් : නළුවෙක් නොව මොලයක් වූ බ්‍රදර් බර්නාඩ් තාම කතා නායකයාගේ භූමිකාවට සුදුසු නැති බවයි බහුතර අදහස. තව ටික දවසක් ඔය විදියට ඉන්න දෙමු.

සමන්තබද්‍ර වහන්සේ : දැන් ඉන්නෙ අතීතයේ. ආපහු ගෙන්න ගන්න නම් වර්තමානයේ චිත්ත රූපයක් මවලා කරන්ට් වද්දන්න වෙනවා. ඒක ටිකක් අමාරු වැඩක්. කරුමෙට ඒ කාලෙ එඩිසන් විදුලි ජෙනරේටරේ හොයාගෙන නෑ. බැක් ටු ෆියුචර් කතාවේ මාර්ටි ටත් මේ වගේම අබග්ගයක් වෙලා තව ඩිංගෙන් එකදාස් නවසිය පනස් පහේ හිර වෙනවා. හැබැයි මාර්ටි ඒ ප්‍රස්නෙ විසඳගෙන ආපහු ආවා. සමන්තබද්‍ර වහන්සේත් එහෙම එන්න බැරි නෑ. තියෙන එකම බය ඊට කලින් පරිනිර්නාවයට පත්වෙයිද කියලා.

නිරාගමික රිට්ටා : අවුරුදු 50,000 කට කලින් මැරුණා. ඇටසැකිල්ල තියෙන නිසා සයන්ස් ෆික්ෂන් එකකින් ඩී. එන්. ඒ. වලින් ක්ලෝන් එකක් හදලා පන දෙන්න පුලුවන්. එච්චර දඟලන්න ඕන කමක් නෑ. බුහු බුහු ගානවායි හැමිනෙනවායි…වැරදුනා ආදරය කරනවායි හැරුණු විට වෙන කරන දෙයක් නැති නිසා.

මොහොමඩ් නසීර් සර් : ඔය විදියට ඉන්න දෙමු තව ටික කලක්. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට.

නිරාගමික සේපාලිකා මල : හත් දෙයියනේ, මතක් කරන්න වත් එපා ඕකිව. මේ වෙලාවෙ මේකි ගැන ජාතිකවාදී මාමලාගෙ මෝල තදවෙලා තියෙන හැටියට මාව මරලා ඉතුරු නොකර බාබකිව් දාලා කටුත් සූප්පු කරාවි.

එතකොට ඉතුරු වෙන්නෙ අර එකදාස් අටසිය බර ගනන් වල ‘බොටර්නෙල්’ කෝපි වතු යායෙන් පැන ගියපු මුරුගේසුයි ගමක් අවුලවන ආදර කතාවක බැඳුනු දෙමල කොල්ලායි මුස්ලිම් කෙල්ලයි විතරයි.

ඒ නිසා ඒ කතා වල කන්ටිනුවේසන් එක ඊලඟට අහමු.

 

(දහතුන්වැනි කොටසට…)

Posted in Non classé | 5 Comments

එකොළහ (11) කොටස : නිරාගමික රිට්ටා හෙවත් “ආගංගොඩ මානවයා”

neandertahal-03

කවුදෝ වේසිගෙ පුතෙක්, සමාවන්න ගෞරවනීය පාඨක මහත්මයෙක් – ඊයක අහලා එවලා තිබුනා ආගංගොඩ කියන ගමේ නිරාගමිකයො හිටියෙ නැද්ද කියලා.

මේක සිරිසේන මහත්තයට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. තමන්ගෙ විසි අවුරුදු ගිරාම සේවක ජීවිතේ කවමදාවත් සිරිසේන මහත්තයට නිරාගමිකයෙක් හමුවෙලා තිබුනෙ නෑ. ඒ හන්දා නිරාගමිකයන් කියන්නෙ කවුරුන්ද සිරිසේන මහත්තයා දැන සිටියෙ නෑ.

“ආගම කොහොමෙයි?”

තමන් ගැඹුරු හඬින්, ගෝටාබය රාජපස්ස ටෝන් එකෙන්, අහන ප්‍රශ්නයට ඔහු හැමදාමත් නිශ්චිත පිළිතුරු හතරකින් එකක් බලාපොරොත්තු වුනා. එතැන හිස් කොටුවක් තියෙන්නත් පුලුවන් නේද කියලා බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ වික්ටෝරියානු පරිපාලන සම්ප්‍රදායයන් අවිඥානකව ඉදිරියට ගෙන යමින් සිටි සිරිසේන මහත්තයා කවමදාවත් ප්‍රශ්න කළේ නෑ.  

හැබැයි මේ ගමේ නිරාගමිකයො නොහිටියාම නෙවෙයි. එක උදාහරනයක් තමයි අර සේපාලිකා මලක් වගේ ඉන්න රතු ගැටිස්සි. කොයි තරම් කැමැති වුනත් මේ සේපාලිකා මල ගැන ලියන්න බැරි පුද්ගලික හේතුවක් – හේතු කිහිපයක් – මට තියෙනවා. ලිව්වොත් එක්කො ඒකි මාව මරනවා. නැතිනම් මගේ මලයන්ඩිලා දෙන්නගෙන් එකෙක් මාව මරනවා – උන් දෙන්නටම මේකි එක්ක පොඩි පොඩි පලහිලව් තිබුනා කාලෙකට ඉස්සර. නැත්නම් ඒකිගෙ නිරාගමික බව වත් නොතකා පස්සෙ ඇඹලයො වගේ වැටිලා ඉන්න ආගමික හාල්පාරුවො සෙට් එක මට අනිවා ඩෙෆා ගේම දෙනවා. අහක යන නයි ඔඩොක්කුවෙ දාගත යුතු නෑ මහත්වරුනි. සේපාලිකා මල ගැන මගේ කතාව අවසානයි, අසා සිටි ඔබ සැමට ස්තූතියි.

ඒ නිසා මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයා මට ඔහේලව වසර 50,000 ක් ඈත අතීතයට ගෙන යන්න වෙනවා.

මේ කාලයේ “ආගංගොඩ” – හෝ අද එලෙස හැඳින්වෙන භූමි ප්‍රදේශය – සියයට සියයක්ම – නිරාගමික ගමක්. කොටින්ම ආගමක් කියන්නෙ මොකද්ද කියලාවත් කවුරුත් දැන හිටියෙ නෑ.

යකඩො, මම නෙවෙයි එහෙම කිව්වෙ ආචාර්ය රාජ් සෝමදේව මහත්තයා. උන්නැහේ ආගංගොඩ ගමේ කැණීම් වලින් සොයා ගත්තා නූතන මානවයකුගේ පූර්ණ ඇටසැකිල්ලක්. කාබන් කාල නීර්ණය මඟින් සොයා ගනු ලැබුවේ මේ ඇටසැකිල්ල එතෙක් දකුණු ආසියාවේ පැරණිතම නූතන මානව අවශේෂ කියා සැලකිය හැකි බලංගොඩ මානවයාගේ අස්ථි කොටස් වලටත් වඩා වසර 10,000 ක් පමණ පැරණි බව. මේවා ශාස්ත්‍රීය පරියේසන.  

මේ ඇටසැකිල්ල “ආගංගොඩ මානවයා” සේ නම් කරනු ලැබුවා.

හැබැයි රාජ් සෝමදේව මහත්තයා පවා මේ ඇටසැකිල්ලේ අතීත කතාව දැන හිටියේ නෑ. ඔන්න මං කියන්නම් ඒ හන්දා.

________________________________________________________________

මේ පූර්ව අයිතිහාසික ආගංගොඩ ගමේ හිටියා නිරාගමික බුවාලා දෙන්නෙක්. නිරාගමික රිට්ටා හා නිරාගමික රාජා. මේ තනිකරම මගේ පහසුව සඳහා යොදාගත් නම් මහත්වරුනි. මොකද මේ කාලෙ මානවයන්ට බුහ්…බුහ්…බුහ්…බුහ්… ගගා ඉන්නවා ඇරෙන්න වෙන සන්නිවේදන හැකියාවක් තිබුනෙ නෑ. දියුනු ශබ්ද, වචන, අදහස්, සංකල්ප, නම් ගම්, වාසගම්, ජාතික චින්තනය වගේ අනම් මනම් බිහි වෙන්නෙ අවම වසයෙන් තව අවුරුදු 30,000 කින් පසුවයි.

නිරාගමික රිට්ටාට රැහේ කෙලි පැටික්කියක් ගැන කිසියම් ආකාරයක ආදරයක් වගේ එකක් මෝදු වෙමින් තිබුනා මේ කාලෙ.

එහෙම නිකම්ම ‘කෙලි පැටික්කියක්’ කියන එකත් වැරදියි තමයි. මේ කියන්නෙ රිට්ටාගෙ එක කුස උපන් අක්කා ගැනයි. හැබැයි මේ පූර්ව අයිතිහාසික නිරාගමික ලෝකයේ තමුන් ලිංගික කටයුත්තක නියැලෙන්නෙ අම්මා එක්කද තාත්තා එක්කද අක්කා එක්කද නංගි එක්කද එයින් උපදින දරුවන්ගේ ජාන වලට ඇති විය හැකි බලපෑම මොකද්ද වගේ අනම් මනම් කාටවත් ප්‍රශ්න වුනේ නෑ. ඒ හන්දා තමුන්ගෙම එක කුස ඔත් අක්කා එක්ක පෙමින් වෙලීම සම්පූර්න ස්වාභාවික ක්‍රියාවක්.  

මේ ආදරය සඟවන්න පුලුවන් දෙකුත් නෙවෙයි. මොකද මේ පැටික්කි දුටු හැටියෙ රිට්ටාගෙ අහවල් එක කොටුවෙ නෙලුම් කුලුන වගේ පත සයිස් එකෙන් කෙලින් වෙනවා. – තව දෙයක් කියන්න අමතක වුනා මහත්වරුනි, මේ කාලයේ මේ නිරාගමික බුවාලා ඔක්කෝම හිටියෙ අමු හෙලුවෙන්. ඇඳුම් කියන දෙවල් මොනවා හරි හොයා ගන්නේ තව අවුරුදු අවම වසයෙන් 25,000 කට වත් පසුව.

රිට්ටා ඉතාම රෝමෑන්තික ආකාරයෙන් මේ කෙලි පැටික්කිට තමන්ගෙ ආදරය ප්‍රකාස කළා මෙහෙම.  

“බුහ්…බුහ්…බුහ්…බූඌඌඌඌඌඌහ්…බුහ්…බූඌඌඋහ්….බුහ්….”

ඒ කාලෙ උමාරියා සිංහවංස කෙලී හිටියෙ නෑ. හිටියා නම් මේ රෝමෑන්තික ප්‍රකාසනය මෙහෙම සහස්‍රකයේ නූතන සිංහලයට පරිවර්තනය කරලා ගායනා කරාවි.

  • හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
  • අපි පාවෙමුද තුරුලටම වී
  • ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
  • සංසාරයම මම නුඹගෙ වී
  • තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
  • සංසාරයම මෙය මට නොදී
  • වස්සානයට අත වනලා ඉමු මග බලන්
  • උද්‍යානයක කෙළවරට වී
  • ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
  • මං ගාවින්ම උණුහුම නොදී

සදානන්දකරවූ ඔබේ මදුර රාවෙන් – පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ, කිව්වලු !

අරවින්දය කොයි තරම් හොඳට පිපී ඇවිල්ලා තිබුනද කිව්වොත් කෙමිය රතුම රතු පාටින් දිලිසුනා…

කෙලි පැටික්කිගෙත් පියයුරු තුඩු හෙමත් උල් වෙලයි තිබුනෙ මුගේ නිරුවත් ආදර රංගනය දැකලා. හැබැයි කොයි කෙලි පැටික්කිත් කරනවා වගේ ඒකිත් එකපාරටම ඔව් කිව්වෙ නෑ. ඒකි මෙහෙම තමන්ගෙ අකැමැත්ත ප්‍රකාස කලා…

“බුහ්…බුහ්…බුහ්…බූඌඌඌඌඌඋහ්…බුහ්…බුහ්…බුහ්…”

(පරිවර්තනය: අයියා හොඳ කෙනෙක්. අයියට මට වඩා සුදුසු කෙනෙක් ලැබෙන්ඩෝනැ කවද හරි. එහෙම උනොත් දවසක අයියගෙ වෙඩින් කාඩ් එක මට එවන්න. අයියට ඕනම නම් මට අරන් දුන්නු ෆෝන් එක රිටර්න් කරන්නම්…)  

ඊළඟට එළඹුනේ මේ සඳ එළිය සේ අචින්ත්‍ය වූ සම්භාව්‍ය ආදරයේ දෙවන අවස්ථාව. ඒ තමයි කෙලි පැටික්කිගේ දැඩි අකැමැත්ත මත ඒකිව බැද්දට උහං ගිහිලා රේප් කිරීම.

රිට්ටා ඒකිව බැද්දට උහං යනකොට අර නිරාගමික සේපාලිකා ගැටිස්සි පස්සෙ ඇඹලයො වගේ වැටිලා ඉන්න ආගමිකයො සෙට් එක වගේ හැලපයො සෙට් එකක් පොඩි විරෝධතාවයක් දැක්වුවා තමයි. ඒවාට සැලෙයි, අපෙ රිට්ටා.

ප්‍රාග් අයිතිහාසික ආදරයේ තෙවන අවස්තාව – බලදාරියා විසින් කපන ලදී.  

(ලියන මහත්තයගෙ සගයෙක් එක දවසක් ඇහුවා: “මුන්ට පිස්සුද බං මෙව්ව කපන්නෙ? අරක ඇතුලට මේක දානවා අපි කොයි තරම් නම් වාර ගානක් දැකලා ඇද්ද? අපි කොයි තරම් නම් වාර ගනනක් ඕක කරලා ඇද්ද? …. හැමදාම එකයි. මුං ඇත්තටම හිතන්නෙ අපි ඕකවත් දැකලා නැති බබ්බු කියලෙයි?”)

උත්තරීතර ආදරයේ සිව්වන අවස්තාව.

දඩ්…ඩෝං….!

“බුහ්…බුහ්…බූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋහ්…බුහ්…කෑඈඈඈහ් කෑඈඈඈහ්….”

රිට්ටා මිනිත්තු කිහිපයක් තුල සුරතාන්තයටවත් පත් වෙන්නට කලින් රාජා විසින් මහ කලු ගලක් ඔහුගේ ඔලුව මත අත හැර කර රිට්ටා ගාතනය කරන ලදී. අර සිරාගෙ මල්ලිට පොරෝ පාර දුන්න වාගෙ තමයි.  

ඊට පස්සෙ මාස කිහිපයක් රාජා කෙලි පැටික්කිත් එක්ක සතුටින් ජීවත් විය.

ඉන්පසුව රාජාද කෙලි පැටික්කිත් එක්ක හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ආදරය කිරීමට ගොස් තව නිරාගමික බුවකුගේ පොලු පහරක් කා සදාකාලික අබ්බගාතයකු බවට පත් විය.  

එහෙම තමයි ඒ කාලෙ නිරාගමික ආදර කතා. ශෝකාන්ත වලින් තමයි ඉවර වෙන්නෙ. ඒ වුනත් අද වගේ මුලු ජීවිත කාලයම පරාජිත ආදරේ ගැන අඳෝනා කියපු අසංක ප්‍රියමන්ත පීරිස්ලා හිටියෙ නෑ ඒ කාලෙ. ජීවිතේ කෙටියි. සාමන්ය ආයු කාලය අවුරුදු විස්සයි.   

ආචාර්ය රාජ් සෝමදේව මහත්තයා වසර 50,000 කට පමණ පසුව හොයා ගත්තෙ රිට්ටාගෙ ඇට සැකිල්ල තමා හිටං.

(දොළොස් වැනි කොටසට…)

Posted in Non classé | 3 Comments

දහය (10) කොටස : සීදේවී උගත් මිත්‍රයා

අද බුරහස්පතින්දා.

ආගංගොඩ ගමේ ඉතිහාසය ලිවීම පිණිස හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයා රස්සාවෙන් අස්වෙලා සතියක් ගත වෙන්නත් කිට්ටුයි. ඒත් තවමත් ඔහුට පිටු 200 ප්‍රෝමේට් සී. ආර්. පොතේ ලියා ගන්න පුලුවන් වුනේ එකම එක ඡේදයක් විතරමයි.

තමන්ගේ අකාර්යක්ෂමතාවය ගැන සිරිසේන මහත්තයා කණගාටු වුනා.  

හැබැයි සැබෑව නම් ඔහුගේ අකාර්යක්ෂමතාවය ඔහුගේ ජීවිතය ආරක්ෂා කළ බවයි. ඔහු වැරදිලාවත් මීට වඩා දක්ෂයකු වුනා නම්, මීට වඩා බුද්ධිමත් වුනා නම් ඔහු ඉක්මනින්ම ජීවිතයට ආයුබෝවන් කියන්න තිබුනා. මන්ද ඔහු නොදැනුවත්වම අත ගසා තිබුනේ ඒ තරම් භයානක වැඩකට. ඔහුගේ මෝඩකම විසින් ඔහු ආරක්ෂා කරනු ලැබුවා. 

සිරිසේන මහත්තයා ගැන මොහොතකට අමතක කර අප වෙනත් චරිතයක් හමුවෙමු.

මොහොමඩ් ෂාවුල් හමීඩ් නසීර්. කෙටියෙන් මොහොමඩ් නසීර්.

ඔහු උගතෙක්, බුද්ධිමතෙක්, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක්, අග්නිදිග විශ්වවිද්‍යාලයේ කලා උපාදිදාරියෙක්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉගෙනුම ලබා, දිවුරුම් දුන් නීතිඥයෙක්.

නීතිඥ නසීර් නඩුවකට පෙනී සිටියේ හාවා හඳ දැක්කාක් මෙන් කලාතුරෙකින්. ඔහුගේ පූර්ණකාලීන වෘත්තිය වුනේ ඉගැන්වීම.

ආගංගොඩ දෙමල විද්‍යාලයේ විදුහල්පතිතුමා නිතර, ඉතාම ආඩම්බරයෙන්, තමන්ගේ උපගුරු සගයා විදුහලට පැමිනෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලදාරීන්ට හඳුන්නා දුන්නා. මේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඇහි බැම ඉහළ යන අවස්ථාවක්.

“ඇයි මිස්ටර් නසීර් හොඳ ලීගල් ප්‍රැක්ටිස් එකක් ගොඩ නඟා ගන්න හොඳටම පුලුවන්කම තිබියදිත් මෙ සුලු පඩියකට ඉස්කෝලෙක උගන්වන්නෙ?”

මොහොමඩ නසීර් මහතා උපතින් සිංහලයකුටත් වඩා ව්‍යක්ත ලෙස සිංහල භාෂාව හසුරවමින් මෙහෙම පිළිතුරු දුන්නා.

“සර්, මේ පැත්තෙ උසස් පෙලට සිංහලෙන් ආර්ථික විද්‍යාව උගන්වන්න පුලුවන් ගුරුවරුන්ගෙ කිසිම හිඟයක් නෑ. හැබැයි සර්ලා හොඳටම දන්නවා දෙමලෙන් ආර්ථික විද්‍යාව උගන්වන්න පුලුවන් ගුරුවරයෙක් හොයා ගන්න එක කොයිතරම් අමාරුද කියලා. මා මේ කැපවීම නොකලා නම් සර් මේ ඉස්කෝලෙ උසස් පෙල පන්තිය වහන්න වෙනවා. අපි ඒක කරගෙන යමු සර්.”

වරක් මේ හෘදයාංගම, හැඟීම්බර කතාව ඇසූ අද්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලදාරිනියක් හංගාගෙන ලේන්සුවෙන් කඳුලු පිසිනවා විදුහල්පතිතුමාත් හොඳින්ම දුටුවා.

මේ සාපේක්ෂව තරුන උද්‍යෝගිමත් ගුරුවරයා නිසා තමන්ගේ පාසලට නිබඳව යහපත් ලොග් සටහන් ලැබෙන බව විදුහල්පතිතුමා දැන සිටියා. නසීර් සර් නිසා, ටියුෂන් පන්ති යන්නට තරම් වත්කමක් හෝ ප්‍රායෝගික හැකියාවක් නුවූ තමන්ට සරසවි රුවන් දොර විවර වන බව උසස් පෙල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනගෙන හිටියා.

නසීර් සර් ගැන වරක් ආගංගොඩ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් ඔහුට නොදන්වාම ලංකාදීප පුවත්පතට කෙටි ලිපියක් ලියා තිබුණා. ඒ නම් සාමාන්‍යයෙන් කෝප නොගන්නා නසීර් සර් නොසෑහෙන සේ කෝප වූ දවසක්.

“මං කරන්නෙ රැකියාවක්. ආන්ඩුවෙන් මට වැටුපක් ලැබෙන්නෙ ඒකට. මට ඒ හොඳටම ඇති. මාව පුම්බන්න අවශ්‍ය නෑ. මම සුපර් මෑන් කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍ය පාසල් ගුරුවරයෙක්”

නසීර් සර්, යූ ආ මයි නිගා.

(“හිච්චි එකෝ, මගේ උරහිසට උඩින් එබි එබි ඕක කියවන්නෙ නැතුව පල ගිහින් ගේම් ප්ලේ එකක් බලපිය!”)

ඉඳලා හිටලා දවසක, පාසලේ වැඩ අතපසු නොවෙන විදියට, නසීර් සර් උසාවියේ නඩු වලට පෙනී සිටියා. මගෙ අම්මේ, එහෙම වෘත්තීයභාවයක්!

ප්‍රාදේශීය උසාවි වල සේවය කරන නීතිඥ මහතුන්, මහත්මීන් හරස් ප්‍රශ්න ඇසීමේදී විරුද්ධ පාර්ශ්වයේ සාක්ෂිකරුවන් දෙකේ කොළයට දමා කතා කිරීම, ඔවුන්ට කළ හැකි උපරිමය තෙක් අපහාස කිරීම ඉතාම සාමාන්‍ය දේවල්. මෙසේ කිරීමෙන් තමන්ගේ සේවාදායකයා සතුටක් ලබන බව ඔවුන් දන්නවා. එතකොට නඩුව පැරදුණත් සේවාදායකයා සතුටුයි.

අපේ සර් අරකිගෙ රෙදි ගැලෙව්වා. ඒකි ඇඬුවෙ නැතුවා විතරයි. අපේ සර් උගෙ පට්ටන්දරේම දිග ඇරිය උසාවියෙ.  

“මම යෝජනා කරනවා තමුන්ගෙ ස්වාමි පුරුෂයා ආන්ඩුවේ ස්ථිර රැකියාවක නියුතු වැදගත් මහත්මයකු හැටියට තමුන්ට දිය හැකි සෑම සැප සම්පතක්ම දීලත්, තමුන්ටත් දරුවන්ටත් ඉතාම හොඳින් සලකලත්, තමුන් මේ දික්කසාද නඩුව පවරන්නෙ ඉතාම ද්වේශ සහගත සිතිවිල්ලකින් තමුන්ගෙ රැකියාවක් පවා නැති, විසි දෙහැවිරිදි අනියම් පෙම්වතාගෙ කීමට රැවටිලා කියලා…”

“දැන් තමුන් මේ ගරු උසාවියට කියන්නෙ දොස්තර විභාගෙ පාස්වෙලා අවුරුදු පහක් දොස්තර කෙනෙක් හැටියට සේවය කල තමුන් මේ වගේ සිද්ධියකදි පොලීසිය දැනුම්වත් කළ යුතුයි කියන සරල කාරණාව වත් නොදැන සිටියා කියලද… තමුන් ඇත්තටම දොස්තර විභාගෙ සමත්ද?”

ඔන්න ඔහොමයි ඒ ගොල්ලන්ගෙ කතාව.

මොහොමඩ් නසීර් නීතිඥ මහත්තයා කවමදාවත්ම තමන්ගෙ විරුද්ධ පාර්ශ්වයෙ සාක්ෂිකරුවකු සාක්ෂිකාරියක අපහසුවට පත් කලේ නැහැ. ඔවුන්ට අපහාස කලේ නැහැ. කොටින්ම ‘තමුන්’ කියන වචනය භාවිතා කරනු වෙනුවට මහත්මයා/මහත්මිය කියලා කටපුරා කතා කලා.

“මහත්මියනි, මා ඊළඟට අහන්න යන්නෙ සංවේදී ප්‍රශ්නයක්. මේ නඩුව ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් අකැමැත්තෙන් වුනත් මට ඒක අහන්නම වෙනවා. මා වැරදි නම් කියන්න. ඔය කියන මාස හයක කාලය තුල ඔබ ඔබේ ආයතනයේ වෙනත් පුද්ගලයකු සමඟ විවාහයෙන් පිට ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුවා නේද…?”

“ස්වාමීනි මගේ උගත් මිත්‍රයා සමඟ එකඟ වෙන්න තිබුනා නම් මා සතුටුයි. එසේ කිරීමට බැරිවීම ගැන කනගාටු වෙනවා…”

ඔන්න උගත් බුද්ධිමත් තැන්පත් නසීර් නීතිඥ මහත්මයාගෙ කතාව.

ව්‍යක්ත සිංහල. වෘත්තීය ප්‍රශ්න කිරීම.

සීදේවී නීතිඥ මහත්මයා!

විරුද්ධ පාර්ශ්වයේ සාක්ෂිකරුවන් පවා නීතිඥ නසීර් ගැන කිව්වෙ එහෙමයි. ඔහු නිතර නඩු වලට පෙනී නොසිටින එක ගැන අධිකරණය දුක් වුනා.

බිරින්දන් සත් දෙනෙක් සරන පාවා ගන්න දෙවියන් වහන්සේගෙන් අවසර ලැබී තිබුනත්, නීතිඥ මොහොමඩ් නසීර් අවිවාහකයෙක්. එහෙම තමයි තමන්ගේ සේවයට කැපවූ පිරිස්. එහෙම අය අඩුයි.  

ආගංගොඩ ගමේ හතරෙන් එකක පමණ මුස්ලිම් ජනගහනය ජීවත් වූ ආකාරය ගැන මට කලින් කියන්න බැරි වුනා. ඔවුන් ජීවත් වුනේ විසිරී නෙවෙයි. එකම තනි පොකුරක. මේ මුස්ලිම් ඔන්ක්ලේව් එක වට කොට තිබුනේ සිංහල ගෙවල්. කොටින්ම ප්‍රදාන මාර්ගවල සිට බලන්නෙකුට එහෙම මුස්ලිම් පොකුරක් තියෙනවාය හිතන්නත් බැරිවුනා. හැබැයි කාර් එකකට පවා යන්න අපහසු ඉතාම පටු පාරවල් ඔස්සේ මේ පොකුර ඇතුලට ගියාම තමයි වැටහුනේ ඉතාම ලාංකීය ගම්බද පරිසරයක්මැද, කාටවත් නොපෙනී පුංචි අරාබියක් නිර්මාණය වී තිබුණු ආකාරය.  

මොහොමඩ් නසීර් සර්ගෙ ගෙදර තිබුනෙ මේ පොකුර හරි මැද. (සිතියම…? සිතියම නේද? මොන සිතියමද හැබෑටම …?)

නසීර් සර්ගෙ ගෙදර සාමාන්‍ය තරමට ටිකක් ලොකු ගෙයක්. පාසල් ගුරුවරයකුට නම් පවත්වා ගන්න අමාරු තරමේ එකක්. ඔහුට තරමක පුස්තකාලයකුත් නවතම මරුති රථයකුත් තිබුනා. හැබැයි නසීර් සර්ට අමතර ආදායම් මාර්ගයක් තිබුනු බව හැම දෙනාම දැන සිටියා. ඒ නිසා මේ ටිකක් විතර සුඛෝපභෝගී ජීවිතය පැහැදිලි කළ යුතු තරම් දෙයක් නම් වුනේ නෑ. ඇරත් අවිවාහකයකුට මොන අමතර වියදම්ද? මුලු ආදායමම තමන්ට නෙවැ.   

මොහොමඩ් නසීර් නීතිඥතුමා/ගුරු මහතා තමන්ගේ ගෙදර පැත්තක පොඩි පන්ති කාමරයක් තනාගෙන තිබුනේ දිළිඳු දරුවන්ට නොමිලයේ ඉංගිරිස් භෂාව ඉගැන්වීම පිණිසයි.

හැබැයි මේ සේවාව නම් ඔහු ලබා දුන්නේ මුස්ලිම් දරුවන්ට හා එයිනුත් ඔහු විසින්ම සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගන්නා ලද මුස්ලිම් දරුවන්ට පමණයි. දැඩි ආගමික භක්තියක් තිබීම නොමිලයේ මේ සේවාව ලබා ගන්නට අත්‍යාවශ්‍ය සාධකයක් වුනා, එහෙම ආගමික භක්තියකින් යුතු පිරිමි දරුවන් – මුස්ලිම් ගෑනු දැරිවියන් ඉහලට ඉගෙන නොගන්නා බව කවුරුත් දන්නවා නෙවැ – ඉංගිරිසි ඉගෙන ගැනීමට අවට ගම් හත අටක සිටම නසීර් සර් සොයා ආවා.

“කොයිතරම් සීදේවී වුනත්, තම්බියා තම්බියා නෙවැ. තමන්ගෙ එවුවන්ටම විතරයි…”

මෙහෙම කිව්වෙ මේ සේවාව ලබා ගැනීමට අපේක්ෂා කර බලපොරොත්තු සුන් වූ සිංහල ගැමියන්.

මොහොම්ඩ් නසීර් නීතිඥතුමා/ගුරු මහතා තමන්ගේ නව යොවුන් දැඩි ආගමික භක්තියකින් යුතු සිසුන්ට ඉගැන්වූයේ ඉංගිරිස් භාෂාව පමණක්ම නෙවෙයි.

ඔහු සමස්ත ආගංගොඩ ග්‍රාමයටම රහසින්, කිසිම සැකයක් නූපවන පරිද්දෙන්, ජාත්‍යන්තර අන්තවාදී ඉස්ලාමික සංවිධානයක ප්‍රාදේශීය නියෝජිතයා විදියට තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරමින්, අනාගතයේදී ඇති වන්නට පුලුවන් දේශීය මෙන්ම ජාත්‍යන්තර අවශ්‍යතාවයකදී ක්ෂණිකව ප්‍රයෝජනයට ගැනීමට හැකි ලෙසින් දැඩි කැපවීමකින් හා ස්ථිර ආගමික භක්තියකින් යුතු නව යොවුන් පිරිමි දරුවන් දොළොස් දෙනකුගේ ‘කිලර් ෆෝස්’ එකක් ගඩොලින් ගඩොල, මනා සංයමයකින් හා ඉවසීමකින් යුතුව, කිසිම හදිස්සියක් නැතිව, නිර්මාණය කරමින් සිටියා.

(එකොළොස්වැනි කොටසට… )

Posted in Non classé | 4 Comments

නවය (9) කොටස : විජිතපුර සංග්‍රාමය

king3

අද බදාදා.

අද තමයි පළමුවැනි වතාවට සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයට පිටු 200 ප්‍රෝමේට් සී. ආර්. පොතේ එක ඡේදයක් හරි ලියා ගන්න ලැබුනේ හිටං.

එල සිරා, එල. යූ ආ මයි නිගා.

ඒක කිව්වෙ ලියන මහත්තයා වන මා නොව  මාදම්පෙ අක්කාගෙ, අවුරුදු දොළහක් වන හිච්චි කොලුවා බව කරුනාවෙන් සලකන්න.

මෙන්න මේක තමයි සිරිසේන මහත්තය ලියපු මුල්ම ඡේදය.

“ආගංගොඩ නම් වූ අප වෙසෙන ග්‍රාමය වනාහී ඉතා ඈතට දිවයන අතීතයක් හිමි ග්‍රාමයකි෴ ඇත් අස් රිය පාබල චතුරංගනී සේනාවෙන් යුතුව බල සෙන් පිරිවරා විජිතපුර සටනට යන ගැමුනු කුමාරයා ඒ යන අතර මගදී අප ග්‍රාමයේ වූ සජ්ජනාරාමය පුරාන රජ මහ විහාරයට සමන්පිච්ච මලින් පුද කල බව වංශ කතාවන්හි සඳහන් වේ෴”

මේ කතාව බාගයක්  පට්ට ඇත්ත. බාගයක් පට්ට බොරු.

ගැමුනු කුමාරයා විජිතපුර සටනට යද්දි ආගංගොඩ ගමට ගොඩ වැදිලා ගියා තමයි. ඒ කාලෙ තිබුනෙ ආගංගොඩ කියලා නෙවෙයි අග්‍රහාරපුරද කොහෙද කියලා වෙන නමක්. ඒත් ඔය සමන්පිච්ච කතාව නම් වංසකතාකරුවා පොඩ්ඩක් අතින් දාපු එකක් හිටං. ඇත්තටම වුනේ සමන්පිච්ච මල් පූජා කිරිල්ලක් නෙවෙයි අද ඔය විහාරය තියෙන තැනට ගැමුනු කුමාරයා හා යාලුවො කීප දෙනෙක් රොක් වෙලා වෙන ජාතියක මලක් කාරිය ගහන ගමන්, පොඩි අල්ලාප සල්ලාපයක් ගිය එකයි. ඒ වෙනකොට මහා ලොකු සේනාවක් හිටියෙ නෑ, හරියට අර බැටිස්ටාගෙ රජය පෙරලන්න ගිය පිදෙල් ක්‍රස්තෝ හා චේගුවේරා සහෝදරයන්ගෙ ගරිල්ලා  කන්ඩායම වගේ තමා ගැමුනු කුමාරයාගෙ සේනාව.

එතන ඇති වුනේ මෙන්න මෙහෙම කතාවක්. බොරු මොකටද, මම ලියන මහත්තයා මිස පරනවිතාන මහත්තයා නොවෙන නිසා එදා එළ ප්‍රාකෘත බාසාවෙන් ඇතී වෙච්ච සංවාදය මෙසේ වත්මන් සිංහලයට නඟා ඇති බව සැලකුව මැනව.

ගැමුනු: පට්ට බඩගිනියි  **ත්තෝ!

(කවුරුත් කතාවක් නැත.)

ගැමුනු (වොලියුම් එක වැඩිකර): **ත්තෝ, පට්ට බඩගිනියි!

වෙලුසුමන: තොට බඩගිනියි කියලා අපට තිරුවානා ගල්ද  **කෝ?

ගැමුනු:නේ තොපි තමයි දවසකටවත් යාලුවෝ. තොපි වගේ පට්ට පජාති සෙට් එකක් එක්කද  **රියො මම විජිතපුර බලකොටුව බිඳින්න යන්නෙ?

නන්දිමිත්‍ර: ගෝටා, ගිහින් ගමේ ගේකින් කුරහන් හැලියක් ඇන්න වර..!

ගෝටයිම්බර: තෝ මට කියන්නෙ තෝ පලයන්කෝ, රා-බඩා!

(සබාවේ සිනා)

ගැමුනු: ඇත්තටම උඹේ බඩ වැඩියි බං. තොට හැමදාම් කියනව ජිම් එකකට පලයං කියලා.

නන්දිමිත්‍ර: එච්චර බඩක් නෑ බං. මේ බලහං පිට් බොඩිය.

සුරනිමල: ඔය මල පාස් කරහං  **ත්තෝ… තෝ විතරද ඕක උරන්නෙ?

ගෝටයිම්බර: (මල පාස් කරමින්) එලාරයා මේ වෙලාවට මොනවා කරනවා ඇද්ද බං?

සුරනිමල: ඕකා පට්ට බඩුකාරයා. බඩුවක් ගගහා ඇති.

වෙලුසුමන: ඕකට එලකිරි කෑලි ටික ඉන්නවලු අන්තපුරේ.  **රියට වැඩේ දුන්න ගමන් අනිවා ඩෙෆා උස්සනවා කෑලි ටික.

නන්දිමිත්‍ර: වේලු, ඇත්තද බං උඹ ගේ කියලා කියන්නෙ?

හුහ් හුහ් හූඌඌඌ (සභාවේ දැඩි සිනා)

වෙලුසුමන: රෑ වෙලා වරෙන් ගේද නැද්ද කියලා පෙන්නන්න.  **රියා, පෝලිමේ තියලා  **කේ අරිනවා  **ත්තිගෙ පුතාලට…

මහත්වරුනි ඔය වෙලුසුමන ගේ කියන කතාව නම් අමුම අමු බොරුවක්. ඔය සාටර් කතන්දරේ හැදුනෙ අර කොළඹ ඉස්කෝල වල වේසිගෙ පුතාලා,  වැරදුනා උගත් සිස්යයෝ බිග් මැච් කාලෙට කියන ප්‍රකට සින්දුවක් හන්දා.

  • විජිතපුර සටනට
  • ගොස් එන ගැමුනු කුමරුට
  • හිතුනා  **කන්නට
  • ඇකේ පුරියා වේලුසුමනට
  • ඇරපිය ඇරපිය සොපියො දොර
  • මාලු කඩේ මාලු කඩේ ජෙමා මම…

ඔය සින්දුව විකෘති කරපු එකක්. ඕකෙ ඔරිජිනල් වර්ශන් එක මෙහෙමයි.

  • විජිතපුර සටනට
  • ගොස් එන ගැමුනු කුමරුට
  • හිතුනා නාන්නට
  • ගොහින් පැන්නා බෝක්කුවකට

ඒ නිසා වේලුසුමන ගැන වරදවා තේරුම් නොගන්නා ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා මහත්වරුනි.

කොහොමින් කොහොමින් හරි ඔන්න ඕක තමයි මහත්වරුනි ගැමුනු කුමාරයා සජ්ජනාරාමයට කල සමන්මල් පූජාව. වංසකතාකරුවා ඕක ඔය විදියටම ප්‍රකෘති ආකාරයෙන් රචනා කලේ නෑ. අපට වගේ ඒ මිනිස්සුන්ට වෙච්චි දේවල් වෙච්චි හැටියෙන්ම ලියන්න බැහැනෙ. අපි නං ඔය හිතට එන දෙයක් ඩෝං ගාලා ලියලා අරිනවා.

ඒ මිනිස්සු කරන්නෙ බඩ රස්සාව. එතකොට ඔය වෙන වෙන මල් පුජාවනුත් සමන්මල් පූජාවන් කියලා ලියනවා. සිරිසේන මහත්තයලත් දැන හෝ නොදැන ඒ වැරදි පුනරුච්චාරනය කරනවා.

ගැමුනු කුමාරයා විජිතපුර සටනට යන අතරේ ගමේ තවත් බොහෝ දේ සිදුවෙමින් තිබුනා.

හවස් වෙනකොට රාවයක් ගියා අර මුස්ලිම් කෙල්ල ගෙයි දෙමල කොල්ලාගෙයි සීන් එක ගල් යුගයෙන් එහාට ගියපු එකක්, අරූ ඒකිගෙ පෙට්ටිය කඩලා කියලා. මේවා ගැඹුරු ප්‍රශ්න.

 

(දස වැනි කොටසට…)

Posted in Non classé | 1 Comment